1200 x 80 DMirror
 
 

ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍යවරයකුට වගකීම් පවරා මාසයක් ගත වී තිබියදීත් අදාළ ක්ෂේත්‍රයේ කිසිවකු පිලිබඳ තොරතුරු

ඔහුගේ අමාත්‍යාංශයේ නොමැති බව හෙළි වී තිබේ.   බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි ස්වකීය අමාත්‍යාංශයේ විෂය පථයට අයත් ක්ෂේත්‍ර වල කිසිවකුගේ හෝ දත්ත මේතාක් තමන් සතුව නැත.

"ලංකාවේ දේශිය අත් යන්ත්‍ර රෙදි පිළි නිශ්පාදකයන්ගේ, ඒ වගේම බතික් කර්මාන්තයේ නියැලි ඉන්න අය, ඒ වගේම දේශිය වශයෙන් නිමි ඇදුම් නිශ්පාදනය කරන පිරිස්, මේ අයගේ කිසිදු දත්තයක් අපේ අමාත්‍යාශය තුළ දැනටමත් අන්තර්ගත වෙලා නැහැ," යි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනමාධ්‍ය වෙත බෙදා හැර ඇති වීඩියෝ නිවේදනයක් මගින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටී.

එම තොරතුරු වහාම සිය අමාත්‍යාංශය වෙත ලබා දෙන ලෙසයි බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ.

පුවත්පත් දැන්වීමක් මගින්  එම තොරතුරු ඉල්ලා තිබෙන බව පවසන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර වැඩි දුරටත් සදහන් කරන්නේ ඔවුන් වෙනුවෙන් මැදිහත් වීම සදහා සියළු තොරතුරු අමාත්‍යංශය වෙත ලබා දෙන ලෙසයි.

ප්‍රචාරයක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රීලනිප මාධ්‍ය ඒකකය විසින්  ජනමාධ්‍ය ආයතන වෙත සැප්තැම්බර් 16 බදාදා  බෙදා හැර  තිබෙන වීඩියෝ පනිවිඩියේ සදහන් පරිදි විස්තර එවිය යුතු ආකාරය දැන ගැනීම සදහා පුවත්පත් දැන්වීම බැලිය යුතුය.  

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පිහිටවනු ලැබූ නව රජයේ නව කැබිනට් මණ්ඩලය හා රාජ්‍ය අමාත්‍යවරුන් අගෝස්තු 12 දා දිවුරුම් දෙනු ලැබුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගය අබියස පිහිටි මගුල් මඩුවේ දී ය.

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්