ආණ්ඩුවේ ප්‍රතිරූපයට බලවත් හානියක් සිදු කර ගනිමින් රාජ්‍ය සමාගම් විගණනය නොකළ යුතු බවට අමාත්‍ය අලි සබ්රි දැඩි ස්ථාවරයක්

ගෙන කටයුතු කරන්නේ, හොරකමට ඉඩදීමට නොව ඇමරිකානු MCC ගිවිසුම නිසා යයි ජාතික සංවිධාන චෝදනා කරයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික සංවිධාන සම්බන්ධිකාරක, වෛද්‍ය වසන්ත බණ්ඩාර මෙසේ පැවසිය.

” බොහෝ දෙනෙක් කියනවා අමාත්‍ය අලි සබ්රි මහතා රාජ්‍ය සමාගම් විගණනයට තදින්ම විරුද්ධ වන්නේ එම අංශ වල සභාපතිකම් ගන්න බලාගෙන සිටින ආණ්ඩුවට කිට්ටු වී සිටින පරණ හොරුන්ගේ බලපෑම් නිසා බව.

නමුත් ඊට වඩා වෙනස් දෙයක් තියෙනවා.

ඒ තමයි MCC ගිවිසුම. එම්.සී.සී .ගිවිසුමට අනුව 'MCC -SRI LANKA' නමින් පිහිටුවීමට නියමිත සමාගම අප රටේ සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන සමාගමක්.

MCC  ගිවිසුම අනුව එම සමාගම ශ්‍රී ලංකා නීතියට අනුව විගණනය කළ නොහැකියි.

ඒ අනුව එම සමාගම් විගණනය කළ යුතු බවට ව්‍යවස්තාවෙන් ප්‍රතිපාදන පැනවුවහොත් MCC  පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට මහජනයාට අධිකරණයට යාමට හැකියාව ලැබෙනවා.”

 

විගණන සේවා සංගමයේ විධායක කමිටුව විපක්ෂනායක හමුවේ.

Sajith Audit Services Association

මේ අතර ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ විධායක කමිටු සාමාජිකයින් අද දින විපක්ෂනායක සහිත ප්‍රේමදාස හමුවී යෝජිත 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රාජ්‍ය මුල්‍ය පාලනයට ඇතිවන අහිතකර බලපෑම් පිළිබඳව සාකච්ඡා කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 හා 154 ව්‍යවස්ථා මගින් විගණකාධිපති තනතුරත්, විගණන සේවා කොමිෂන් සභාවත් පිහිටුවා තිබෙන අතර එමගින් ස්වාධීන විගණන සේවාවක් ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත.

 එසේම රාජ්‍ය ආයතන පමණක් නොව රාජ්‍ය සංස්ථා මෙන්ම රජයට අයත් සමාගම් විගණනය කිරීමේ වගකීමද විගණකාධිපතිවරයා වෙත පවරා තිබේ.

 විගණකාධිපතිවරයා වග කිවයුතුව ඇත්තේ පාර්ලිමේන්තුවට පමණි.

 පාර්ලිමේන්තුව සතු මූල්‍ය පාලන බලතල ක්‍රියාත්මක කිරීමේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කිරීමට රාජ්‍ය විගණනය කටයුතු කරනු ලැබිය.

 

යෝජිත විස්සෙන් විගණනයට දෙන්න යන 'ගේම' !

නමුත් යෝජිත 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විගණන සේවා කොමිෂන් සභාව අහෝසි කිරීමටත්, රාජ්‍ය සංස්ථා මෙන්ම 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි කොට ඇති රජයට 50% ට වඩා කොටස් හිමි සමාගම් ද, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ කාර්යාල මෙන්ම පොලිස් හා රාජ්‍ය සේවා කොමිෂන් සභාද විගනණයෙන් ඉවත් කොට ඇත.

 එසේම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 170 වන ව්‍යවස්ථාව මගින් විගණකාධිපතිවරයා රජයේ නිලධාරියෙකු නොවන බවට සඳහන්ව තිබූ වගන්තියද ඉවත් කිරීමට යෝජනා කොට තිබීම මගින් විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වයද අභියෝගයට ලක් වී තිබේ.

''එසේම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 170 වන ව්‍යවස්ථාව මගින් විගණකාධිපතිවරයා රජයේ නිලධාරියෙකු නොවන බවට සඳහන්ව තිබූ වගන්තියද ඉවත් කිරීමට යෝජනා කොට තිබීම මගින් විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වයද අභියෝගයට ලක් වී තිබේ.''

මෙම යෝජනා හරහා 19 වන සංශෝධනය මගින් රාජ්‍ය විගණනයට යටත් කරන ලද රුපියල් ට්‍රිලියනයක පමණ වත්කම් සහිත රාජ්‍ය සමාගම් 117 ක්  රාජ්‍ය විගනණයෙන් බැහැර වන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව හරහා රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පැවරී ඇති බලතල බරපතල අන්දමින් හෑල්ලුවට ලක්වීම පිළිබඳවත්, මෙමගින් රාජ්‍ය මූල්‍ය පාලනයට සිදු විය හැකි අහිතකර බලපෑම් පිළිබඳවත් විගණන නිලධාරීන් විපක්ෂ නායකවරයා වෙත කරුණු ඉදිරිපත් කොට සිටියේය.

තම පක්ෂය විසින් දැනට යෝජනා කොට ඇති '20 ප්ලස්' යෝජනාවලිය හරහා කිසිදු බාධාවකින් තොරව ස්වාධීන රාජ්‍ය විගණන සේවය ස්ථාපිත කිරීමටත්, 19 වෙනි සංශෝධනයේ පවතින සුළු අඩුපාඩු ද නිවැරදි කොට රජයට සම්බන්ධ සියළුම ආයතන විගණනය කිරීමේ බලය ලබා දීමටත් යෝජනා කරන බවට විපක්ෂ නායකවරයා  මෙහිදී විගණන සේවා සංගමයේ නිලධාරීන්ට දැනුම් දී සිටියේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්