ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පළමුවන වර කියවීම

එළඹෙන 22 වනදා උදෑසන 10.30 ට සිදුකිරීමට නියමිතය.  

මේ සම්බන්ධයෙන් සභානායක කාර්යාලය විසින් පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක දැනුවත් කර ඇති අතර ඒ අනුව, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (18) පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ.

ගැසට් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

මේ අතර කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ 20 වන සංශෝධනයේ වගකීම ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය භාරගන්නා බවය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අග්‍රාමාත්‍යවරයා පත්කළ කමිටුව යෝජනා කරන සංශෝධන පසුගිය කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත්, ජනාධිපතිගේ බලවත් විරෝධය හමුවේ එම යෝජනා හකුලා ගැනීමට සිදුව තිබිණ.

 

20ට ඡන්ද ගැනීම වගන්තියෙන් වගන්තිය :

Vote to 20

මේ අතර ආණ්ඩුවට පක්ෂපාති Lanka Lead News වාර්තා කර ඇත්තේ, විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඡන්දය විමසීම වගන්තියෙන් වගන්තිය ගෙන වෙන වෙනම සිදු කෙරෙන බවයි.

එහිදී ව්‍යවස්ථා සංශෝධනය ගැන විකල්ප මත දරන්නන්ට සංශෝධන ඉදිරිපත් කර සම්මත කරගත හැකි බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සති අන්ත පුවත්පතකට පවසා ඇත.

පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම සංශෝධනය ගැන සාකච්ඡා වූ මොහොතේ වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් යම් යම් වගන්ති ගැන විකල්ප මත ඉදිරිපත් කර තිබිණි.

එහෙත් ජනාධිපතිවරයා එහිදී ආවේගශීලිව ප්‍රකාශ කර තිබුණේ තමන් ජනපතිවරණයේදී 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බවට ජනතාවට ප්‍රතිඥා දුන් නිසා පළමුව එය අහෝසි කොට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බවය.

අවශ්‍ය සංශෝධන වෙතොත් කාරක සභා අවස්ථාවේදී සලකා බලමු යැයිද ජනාධිපතිවරයා කියා තිබේ.

 ලබන 22දා 20 වැනි සංශෝධනය මැතිසබයට ඉදිරිපත් කොට නොවැම්බර් මස 4දාට පෙර එය සම්මත කර ගැනීම ජනාධිපතිවරයාගේ අරමුණ වී ඇත.

කියවන්න :

'විස්සේ වෙනසක් නෑ' - ජනාධිපති ආවේගයෙන් ගුගුලයි : මහින්ද කමිටු යෝජනා කුණු කූඩයට ! 

20 ලිව්වේ කවුද?  (තොඳොල් ප්‍රශ්නයක්) - ගාමිණී වියන්ගොඩ 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්