හැමදාම නිව්ස් වලින් ඇහෙන වැල් බයිලා නවතා, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී මුලින්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

හිරේ දැමීමට අනිවාර්යයෙන් ම කටයුතු කළ යුතු යයි 'වියත්මග' සංවිධානයේ ආරම්භක සාමාජිකයකු හා ප්‍රබල ක්‍රියාකාරිකයකු වන නිවන්ත ප්‍රනාන්දු කියා සිටියි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ පාස්කු ජනාධිපති කොමිසමේ දී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක අනාවරණයක් සම්බන්ධයෙන් සිය FB පිටුවේ ප්‍රතිචාරයක් පළකරමිනි.

නිවන්ත ප්‍රනාන්දු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමාජ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

VIyathmaga.first day 1වියත්මග ආරම්භක සාමාජිකයින් කිහිපදෙනා (වාඩිවෙලා සිටින්නේ නිවන්ත)
(නාලක ගොඩහේවා ගේ FB පිටුවෙන් )

පාස්කු ප්‍රහාරයට පසු එය වළක්වා නොගැනීමේ වගකීම භාරගෙන පොලිස්පති ධූරයෙන් ඉවත් වුවහොත් ප්‍රහාරය පිළිබඳ සෙවීමට මුල්වරට පත්කෙරුණු මලල්ගොඩ කමිටුවේ වාර්තාවද වෙනස් කොට විදෙස් තානාපති ධූරයක් ලබා දෙන බවට එවකට පොලිස්පති පූජිත් ජයසුන්දරට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුම් දී තිබූ බවට එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු  අනාවරණය කළේය.

ඊට ප්‍රතිචාරයක් ලෙස වියත්මග සමාජ මාධ්‍ය ප්‍රධානී නිවන්ත ප්‍රනාන්දු පලකළ සටහනේ මෙසේ සඳහන් වේ.

''තමන් අහුවෙයි කියන බයට රටක ජනාධිපති කෙනෙක් පොලිස්පතිට කියනවා කරපු වැරැද්ද පිලි අරන් අස්වෙන්න. මං කමිටු වාර්තාව වෙනස් කරලා තානාපතිකමක් හදලා දෙන්නම් කියලා.

ආරක්ෂක කවුන්සිලයේ වගකීම කිසිම අයුරකින් ඉටු නොකරා යැයි තියෙන සාක්ෂි එක්ක, හැමදාම නිව්ස් වලින් ඇහෙන වැල් බයිලා නවත්වලා වහාම ක්‍රියාත්මක වී අනිවාර්යයෙන්ම මුලින්ම හිර කරන්න ඕනේ මෙරට 6 වන විධායක ජනාධිපති Maithripala Sirisena ව.

629fe627 c2fa 4ddb 8ff5 1ebd6fb08ef7

සබැඳි පුවත් : '

වියත්මග කට්ටිය' ගොඩ... 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්