පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු  විසින් හිටපු ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් ප්‍රකාශ කළ බවට මාධ්‍ය මගින් ප්‍රකාශ වු

කරුණු සම්පුර්ණයෙන්ම අසත්‍ය, ද්වේශසහගත කරුණු බවත්, මාධ්‍ය හරහා ප්‍රකාශ වු එම කරුණු  සිරිසේන හිටපු ජනාධිපතිවරයා තරයේ ප්‍රතික්ෂේප බවත් ඔහුගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

පාස්කු ප්‍රහාරයට පසු එය වළක්වා නොගැනීමේ වගකීම භාරගෙන පොලිස්පති ධූරයෙන් ඉවත් වුවහොත් ප්‍රහාරය පිළිබඳ සෙවීමට මුල්වරට පත්කෙරුණු මලල්ගොඩ කමිටුවේ වාර්තාවද වෙනස් කොට විදෙස් තානාපති ධූරයක් ලබා දෙන බවට එවකට පොලිස්පති පූජිත් ජයසුන්දරට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුම් දී තිබූ බව එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබිණ.  

හේමසිරි ප්‍රනාන්දු විසින් කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඉදිරියේදී එම කොමිසමෙන් කැදවීමක් කළහොත් හිටපු ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කරන බවද එම නිවේදනයේ දැක්වේ.

එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

මාධ්‍ය නිවේදනයයි     

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිශන් සභාවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශය පිළිබඳ මාධ්‍යවල පලවු ප්‍රවෘතින් සම්බන්ධවයි


ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පසුගිය දින වල පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිශන් සභාවේදී හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් කරනු ලැබු ප්‍රකාශ පිළිබඳව මාධ්‍ය ආයතන මගින් විශාල ප්‍රචාරනයක් ලබා දී තිබුණි. 

ඉහත කොමිසමේදී හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් කල බවට මාධ්‍ය මගින් ප්‍රකාශ වු කරුණු සම්පුර්ණයෙන්ම අසත්‍ය, ද්වේශසහගත කරුණු වන අතර මාධ්‍ය හරහා ප්‍රකාශ වු එම කරුණු හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා තරයේ ප්‍රතික්ෂේප කරන අතර එම ප්‍රකාශ සම්පුර්ණයෙන් අසත්‍ය බවට මහජනතාව වෙත මෙයින් කාරුණිකව දන්වා සිටිමි.

යම් ලෙසක ඉදිරි දිනකදි හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා හට කොමිසම හමුවට පැමිණිමට අවස්ථාවක් ලැබුනහොත් අදාල සියළු ප්‍රකාශ සම්බන්ධව සත්‍ය වු කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තුවෙන්  සිටිති.

හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සමිර ද සිල්වා ලෙස මා මෙසේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කොට කියා සිටිමි.


සමීර ද සිල්වා
හයවන විධායක ජනාධිපතිගේ පුද්ගලික ලේකම්


සබැඳි පුවත් :
'පාස්කු ඉරිදා ප්‍රහාරයට මුලින්ම හිරේ දාන්න ඕන මෛත්‍රීව' - වියත්මග නිවන්ත කියයි


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්