ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ බිරිඳ ලිමිණි රාජපක්ෂ අද (20) දින යෙදුණු සුබ මොහොතින් අලුත උපන් පුත්‍ර රත්නය සමග කොළඹ සිය නිවසට පැමිණි අවස්ථාව දැක්වෙන ඡයාරූප ගණනාවක්

අගමැති මාධ්‍ය අංශය විසින් මාධ්‍යවලට නිකුත්කර තිබේ.

මෙම අවස්ථාවට අගමැති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ද ලිමිණි  රාජපක්ෂගේ දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන් පිරිසක් එක්ව සිටි  බවත්, සිය මුණුබුරා දෑතින් ගත් අගමැති මහින්ද රාජපක්ෂ සුරතල් වදන් තෙපලමින් සිය මුණුබුරා සුරතල් කරමින් සුරතල් වදන් තෙපලමින් සිය මුණුබුරාගේ මුවට සිනහවක් කැන්දු වූ බවත් එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ පොස්ටුවක් පළකර ඇති 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සටහන් කර ඇත්තේ, ''අනේ වාසනාවන්! '' කියාය. 

dinaka janapathi2020.09.20 2

 

dinaka janapathi2020.09.20

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්