විදුලි පාරිභෝගිකයන්ගේ පැමිණිලි සදහා  කඩිනමින්  විසදුම් ලබා දීම අරමුණු කරගනිමින් දිවයින පුරා ජංගම සහන සේවයක් ක්‍රියාත්මක කිරීමට

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මුලිකත්වය  ගෙන තිබේ.   ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලිබල මණ්ඩලය හා ලෙකො (ලංකා විදුලි පුද්ගලික සමාගම) එක්ව විදුලි පාරිභෝගික ජංගම සහන සේවාව  ක්‍රියාවට නංවන බවයි එම කොමිසම පවසන්නේ.

"විදුලි පාරිභෝගික පැමිණිලි එදිනම විසදීම අරමුණු කරගත් මෙම ජංගම සහන සේවය සියළුම පලාත් ආවරණය පරිදි ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත."   මෙම ජංගම සේවයේ ප්‍රථම අදියර දකුණු පළාතේ විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් පසුගියදා ගාල්ලේදී පැවැති අතර එහිදී විදුලි පාරිභෝගික පැමිණිලි 500ක් විසදීම සදහා පියවර ගත් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සැපැතැම්බර් 20 ඉරිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.   ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ, ලංකා විදුලි බල මණ්ඩලයේ, ලෙකෝ සමාගමේ නිලධාරීන් හා දකුණු පළාතේ ප්‍රාදේශීය ලේකම්වරු ද සැප්තැම්බර් 17 වන දින,දකුණු පළාතේ පැවැති  මෙම ජංගම සහන සේවයට එක් ව තිබේ.

electrical moble

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තව දුරටත් පෙන්වා දෙන්නේ මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත විදුලි පැමිණිලි 865 ක් ලැබී ඇති අතර පසුගිය වසරේ  එම කාලය සඳහා ලැබී තිබු  විදුලි පැමිණිලි ගණන  1382 ක් බවයි.

"2020 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා විදුලි පැමිණිලි 1244 ක් සඳහා පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සමත් වී ඇත."

එම පැමිණිලි වලින් බහුතරයක්  මාර්ග අවසර, බිල්පත්, නව සම්බන්ධතා, මීටර සම්බන්ධ හා විදුලි ගුණාත්මකභාවය සම්බන්ධ ගැටලු බව එම කොමිසම වැඩිදුරටත් සදහන් කරයි.   ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සිය නිවේදනය මගින් දැනුම් දී ඇත්තේ මීළග විදුලි පාරිභෝගික ජංගම සහන සේවය අනුරාධපුර හා පොලොන්නරු දිස්ත්‍රික් වලදී පැවත්වෙන බවයි.

electrical moble.j2

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්