නැගෙනහිර පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙන කාර්ය සාධක බලකායක් පත් කර

තිබෙන අතරවාරයේ දඬුවම් නොලබා ජාතිවාදී ප්‍රහාර සිදුකිරීම සම්බන්ධයෙන්  කුප්‍රසිද්ධියක් උසුලන හිමිනමක් විසින් පුරා විද්‍යා නිලධාරියකුට මරණ තර්ජනය කර පහර දී තිබේ.

එම අඩන්තේට්ටම බලා සිටි පොලිස් නිලධාරීන් කිසිදු නීතිමය පියවරක් ගෙන නැත.

මඩකලපුව චෙන්කලාඩි විහාරස්ථාන භූමියේ පුරාවිද්‍යාත්මක ස්ථාන වගා කටයුතු සදහා ඩෝසර් කර ඇති බවට චෝදනා නගන මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමන හිමියෝ එහි සිටි පුරා විද්‍යා නිලධාරියකුට සැප්තැම්බර් 21 සඳුදා  මරණ තර්ජන කරන අයුරු පළාත් බද මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයට හසුව තිබේ.

මඩකලපුව චෙන්කලාඩි විහාරස්ථාන භූමියේ පුරාවිද්‍යාත්මක ස්ථානයේ ගල් බැමි ඉවත් කරමින් ගොවීන්  වගා කටයුතු සදහා බිම් සකස් කර ඇති බවට  චෝදනා නගන අම්පිටියේ සුමන හිමියෝ එහි සිටි පුරා විද්‍යා නිලධාරියකුට පහර දෙන අයුරුත් මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයට හසුව තිබේ.

අනතුරුව එම ස්ථානයේ සිටි පුරා විද්‍යා නිලධාරීන් කිහිපදෙනකු තාවකාලික ඉදිකර ඇති කාර්යාලය තුළ රදවා සිය ග්‍රහනයට ගත් අම්පිටියේ සුමන හිමියෝ  වග කිව යුතු නිලධාරීන් එම ස්ථානයට කැදවන ලෙස ඔවුන්ට  බලකරමින් තර්ජනය කර තිබේ.

"දැන් මේ ඊයේ හාලා තියෙන්නේ අපි ගියාට පස්සේ. හරිද දැන් එතකොට මේ පැත්තේ බැම්ම තියෙන්නේ මෙතන නෙමෙයිද තමුසෙලා මොනවද කරන්නේ පුරාවිද්‍යා එකෙන් කියලා. ගෙන්නනවා තමුසෙලාගේ ලොක්කා.  මිරිකනවා බෙල්ල මම යන හිරේක යන්න. හරිද එන්න කියපන් ලොක්කන්ට අපි යන් නෑ අද. උඹලගේ ලොක්කන්ට එන්න කියපන් නැත්තම් තෝ මරණවා මම අද මේ පොල්ලෙන් ගහලා හරි. මේක ඉවරයක් වෙන්න."

 ප්‍රදේශයේ මාධ්‍යවේදීන් පවසන්නේ පොලීසිය පැමිණ බලා සිටියදී රජයේ නිලධාරියකුට මරණ තර්ජනය කොට පහර දීම   සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක් නොගන්නා ලද බවයි.

 පසුව පන්කුඩාවේලි ග්‍රාම නිලධාරී, චෙන්කලාඩි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියා සහ ගැටලු සහගත ස්ථානය අවට වගා කටයුතු වල නිරත පිරිසක්ද එම ස්ථානයට පැමිණ තිබේ.

 

 

සතියයි බලන්නේ

එම භුමිය පුරා විද්‍යා ස්ථානයක් ලෙස ගැසට් කිරීම සදහා මුලික කටයුතු සතියක් ඇතුලත ආරම්භ කිරීමට පොරොන්දු වීමෙන් පසු තත්වය සමථයකට පත් වු බව වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

 "කරන්න දෙයක් නෑ. දෙන්නෙක් තුන්දෙනෙක් කෑවා. දෙක තුනක්. දාන හිරේක දාපල්ලා. අපි යනවා. මම සතියයි බලන්නේ. ආය හරිද  ග්‍රාමසේවක කං මට අදාල නැ. මං සතියක් බලන්නම්"  අම්පිටියේ සුමන හිමියෝ එහි සිටි නිලධාරින්ට වැඩි දුරටත් තර්ජනය කර ඇත්තේ එලෙසිනි.

 

රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කරන්න - මංගලාරාමාධිපති පුනරුත්තාපනයට යවන්න

මංගලාරාම විහාරධිපති හිමියන් විසින් පුරාවිද්‍යා නිලධාරීන්ට පහරදීම හා මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති බැවින් ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ සහ අනෙකත් බලධාරීන්ගේ අවධානය යොමු කොට මේ රටේ රාජ්‍ය සේවකයන්ගේ ගෞරුත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඊයේ (22) පාර්ලිමේන්තුවේදී කතා බහක් ඇති විය. 

ඒ ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සානක්‍ය මරික්කාරම් මේ පිළිබඳ ප්‍රකාශයක් සිදුකිරීමත් සමගය. 

ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ බෞද්ධ භික්ෂුවකට එරෙහිව සිදුකරන ප්‍රකාශයක් ලෙස නොව රාජ්‍ය සේවකයාගේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකරන ප්‍රකාශයක් ලෙස මෙය භාරගන්නා ලෙසය.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පහරදුන් සහ තර්ජනය කරමින්, උසාවි නියෝගය පෙන්නූ පොලිසියේ නිලධාරීන්ට නීතිපතිවරයාගේ මෑණීයන් මතක් කර බැන වැදුණු සුමනරතන හිමියන්ට එරෙහිව තවමත් කිසිදු පියවරක් ගෙන නොමැති බවය. 

ඒ අනුව විශේෂයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දිගින් දිගටම රාජකාරිවලට බාධා කරන, දැනට නඩු 70ක් පමණ ඇති බව කියන මංගලාරාමාධිපති හිමියන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් එසේ නොමැති නම් වහාම ප්‍රනරුත්තාපනය කරන ලෙසත්ය.

 

ජනාධිපතිවරයා විසින් ප්‍රකාශිත පෞද්ගලික ඉඩම් පවරා ගැනීමේ ප්‍රතිපත්තියට පටහැනිව යමින් ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජික හිමිනමක් සිදු කර තිබෙන තර්ජන හමුවේ, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අක්කර දහසක පමණ පාරම්පරික වී වගා භුමියක වගා කටයුතු  ඇනහිට තිබෙන බව ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් පසුගියදා ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා තිබුනි.

 ඔහු එම ලිපිය මගින් අවධාරණය කර තිබුනේ නැගෙනහිර පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ කාර්ය සාධක බලකායේ  සාමාජිකයකු වන අරිසිමලේ බෞද්ධ පන්සලේ වාසය කරන භික්ෂූන් වහන්සේ නමක්  බලහත්කාර බලය පා ලංකාවේ පුරවැසියන් පිරිසකගේ නීත්‍යානුකූල සුජාත අයිතීන් ප්‍රතිශේධනය කර ඇති බවයි.

 

සබැඳි පුවත් :

ජනාධිපති කාර්ය සාධක බලකා හිමිනමගෙන් ගොවීන්ට තර්ජන 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්