පසුගිය සඳුදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සහ පක්ෂ නායක රැස්වීමේදී 20 වැනි සංශෝධනයේ අඩංගු වූ එක් වරදක් වන

රජයේ සමාගම් විගණකාධිපතිවරයා විසින් විගණනය කිරීම වැලැක්වීම සඳහා පනවා තිබූ ප්‍රතිපාදනය ඉවත්කොට එම වරද නිවැරදි කරන බවට අගමැතිවරයා පොරොන්දු වී තිබිය දී,  අද දින (23) ගුවන්විදුලියේ 'සුභාරතී' වැඩසටහනට සහභාගී වෙමින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි ඊට අභියෝග කළේය.

එම වරද එසේම තිබිය යුතු බවට පමණක් නොව එම වරද වරදක් නොවන බවටද තර්ක ඉදිරිපත් කිරීම දේශපාලන විචාරකයින් විමතියට පත්කර ඇතැයි අමාත්‍ය විමල් විරවංශගේ 'ජාතික සංවිධාන' විසින් පවත්වාගෙන යන Lanka Lead News වෙබ් අඩවිය වාර්තා කරයි.

කැබිනට් මණ්ඩලය තුල සිටින ඇමතිවරුන් අතරින් ජනාධිපති ගෝඨාභයගේ විශ්වාසවන්තම කැබිනට් සමාජිකයා ලෙස සැලකෙන්නේ ඇමති අලි සබ්රි බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

අගමැතිවරයා ලබා දුන් පොරොන්දුවක් කඩ කිරීමට අලි සබ්රි මහතාට ලැබී ඇති දේශපාලන බලය කුමක්දැයි Lanka Lead News  වාර්තා කර ඇත්තේ මෙසේය.

Ali sabry PM

 

රජයේ විගණනයෙන් රාජ්‍ය ආයතන ඉවත් කිරීමේ රහස!

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තු රාජ්‍ය මූල්‍ය පාලන බලය සීමා වීම හා විගණකාධිපතිවරයාගේ විෂය පථය සීමා වීම හේතුවෙන් අහිතකර බලපෑමක් සිදු වන බව ශ්‍රී ලංකා විගණන සේවා සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ  ජාත්‍යන්තර හා ජාතික අවශ්‍යතාවයක් ලෙස ඉස්මතු වන රාජ්‍ය විගණනයේ මූල්‍ය හා පරිපාලන ස්වාධීනත්වය ස්ථාපිත කිරීම වෙනුවෙන් බිහි වූ ආයතනයක් බවත් එය ඉවත් කිරීම රටේ මහජන අපේක්ෂාවන් ඉටු කිරීමට  හා එකී ආයතනයන් හි ගනු දෙනුවල පාරිශුද්ධභාවය සම්බන්ධව පරීක්ෂා කිරීම සඳහා පවතින යාන්ත්‍රණයට දැඩි හානියක් සිදුවිය හැකි බවය.

මෙම සංශෝධනය වර්තමාන රජයේ ප්‍රතිපත්ති හා සමපාත නොවන බවද එම සංගමය දැඩිව අවධාරණය කර ඇත.

සම්පූර්ණ නිවේදනය මෙතනින් පිවිසෙන්න –  

pdfAUDIT-SERVICE-ASSOCIATION

 

20 audit

සබැඳි පුවත් :  

'අලි සබ්රි සමාගම් විගණනයට විරුද්ධ MCC නිසයි' – ජාතික සංවිධානවලින් 20ට සැර පහරක්! 

අයෙත් බැඳුම්කර හොරු අල්ලලා හමාරයි : 20 ආවොත් සමාගම් 150ක් විගණනයෙන් ඉවතට 

විගණන කොමිසම අහෝසිය එපා!! - ගුණදාස අමරසේකර ජනපතිට කෙලින්ම කියයි. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්