ජපානයේ ජයිකා ආයතනයේ මූල්‍ය ආයෝජනයක් මත ඉදි කිරීමට යෝජිතව තිබූ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇත.
ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන් 'ආර්ථික ඝාතකයා' ලෙස හඳුන්වන ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් එන්. බී. මොන්ටි රණතුංග වෙත ලිපියක් යොමු කරමින් දක්වා ඇත්තේ මෙම ව්‍යාපෘතිය අධික පිරිවැයක් දැරීමට සිදුවන ව්‍යාපෘතියක් බවයි.
කොළඹ නාගරික බල ප්‍රදේශයේ ප්‍රවාහන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට දරණ පිරිවැය සඳහා එය යෝග්‍ය නොවන බව එහි දැක්වේ.
ඒ අනුව අදාළ ව්‍යාපෘතිය අත්හිටුවා ඊට අදාළ ව්‍යාපෘති කාර්යාලය ද හැකි ඉක්මනින් වසා දමන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට උපදෙස් ලබාදුන් බව අදාළ ලිපියේ සඳහන් වේ.
නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය මෙන්ම මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය වෙනුවට සුදුසු වෙනත් ව්‍යාපෘතියක් ඉදිරිපත් කරන ලෙසට ද ජනාධිපති ලේකම්වරයා ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාට දන්වා ඇත.
කොමිස් ප්‍රශ්නයක් ද ?
2019 මාර්තු 11 වෙනිදා ශ්‍රී ලංකාව ජයිකා ආයතනයත් එක්ක අත්සන් කළ සම්මුතියට අනුව, ව්‍යාපෘතිය සඳහා ජයිකා ආයතනයෙන් ලබා දෙන යෙන් බිලියන 30.04 ක ණය මුදල යළි ගෙවන්න වෙන්නේ වසර 40ක් ඇතුළත සියයට 0.1 ක පොලී අනුපාතිකයක් යටතේය.
විශේෂඥ උපදෙස් වෙනුවෙන් ලබා දෙන ණය මුදල සඳහා ගෙවිය යුත්තේ සියයට 0.01 ක පොලියකි.
ණය මුදල 40 වසරක් තුළ ගෙවිය යුතු වුවත් ණය ගෙවීම ආරම්භ කිරීමට ප්‍රථම 12 වසරක සහන කාලයක් ද ලබා දීල ඇත.
ඒත් ආචාර්ය පී. බී. ජයසුන්දර දන්නා ආර්ථික විද්‍යාවට අනුව මේක “ඉහළ වියදමක් වැයවන” ණයකි.
ඇත්ත ප්‍රශ්නය එය නොවේ.
ජයිකා ආයතනය ජපානයේ පාර්ලිමේන්තුවට වගකියන අතර, එහි සියලු ගනුදෙනු පාර්ලිමේන්තුවේ සුපරීක්ෂණයට යටත්ය.
ඒ නිසා ආණ්ඩුවේ 'කොමිස් කාක්කන්ට' මේ ව්‍යාපෘතියෙන් කිසිදු සන්තෝසමක් නොලැබේ.
වීඩියෝ

කියවන්න :
0.1% පොලියට ණය දෙන ජයිකා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගෝඨාභයට වියදම් වැඩිලු ! - (උකුස්සා)