ජනතාවගේ පොදු යහපත පිණිස දෙන, සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සළකා ක්‍රියාත්මක කළ යුතු බව

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රජයේ නිලධාරීන්ට දැනුම් දී සිටියි.

එම නියමය කඩ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

බදුල්ල, හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයෙන් ආරම්භ වූ “ජනපති ගම සමග පිළිසඳර” සාකච්ඡා මණ්ඩපයට එක්වෙමින් ජනාධිපතිවරයා එබව කියා සිටියේ, එම අවස්ථාවට පැමිණ සිටි රජයේ නිළධාරීන් අමතමිනි.

45

'රාජ්‍ය නිළධාරීන්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ ජනතා ගැටළු සවිඥාණිකව අවබෝධකරගෙන විසඳුම් ලබාදීම. ජනතාවගේ පැත්තේ සිට නිවැරදි සහ සෘජු තීරණ ගන්නා නිළධාරීන් ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. ජනතා ප්‍රශ්නවලට විසඳුම්දීමට රාජ්‍ය ආයතන දිගුකාලයක් ගන්නවා.

 ඒ නිසා ආයතනයක ලිඛිත විමසුමකට අනෙක් ආයතනයෙන් දින 14 ක් ඇතුළත පිළිතුරු නැත්නම් එම ලිඛිත ඉල්ලීම අනුමත කළා සේ සලකා ජනතාවට පිළිතුරු දෙන්න.' යයි ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් දැනුම් දී සිටියේය.

ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණ පා සිටින විවිධ ගැටලු සෘජුවම හඳුනාගෙන නොපමාව විසදුම් ලබාදීම සඳහා ගමින් ගම චාරිකා කිරීමට කළ සැලැස්ම අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද බදුල්ල, හල්දුම්මුල්ල ප්‍රදේශයේ සංචාරය කළේය.

547

 

රටක් වාසනාවන්ත විය යුතු නොවේ ද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මෙම අලුත් වැඩපිළිවෙල ගැන පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ සිය FB පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

''ජනතා ප්‍රශ්න දෙස මෙලෙස සංවේදී වන ජනාධිපතිවරයෙකු ලැබීමට රටක් වාසනාවන්ත විය යුතු නොවේ ද?''

fdgdf

 

තව ශොට් එකක් දාගන්න හිතුන. චියර්ස්!

පුවත්පත් මණ්ඩල සභාපතිගේ පොස්ටුවට ප්‍රතිචාර දක්වන 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ උවිඳු කුරුකුලසූරිය සිය FB පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

''අද සිකුරාදා හින්ද දන්නවනෙ ඉතිං. මේව දකිත්දි කොච්චර ආදරේ හිතෙනවද, එහෙන් දිලිත් ලංකාගම ගිහින් ඉන්ස්පෙක්‍ෂන්, මෙහෙන් සාර්ගෙ ඉන්ස්පෙක්‍ෂන්. ඒව ගැන පුවත්පත් මණ්ඩලේ සභාපති මෙහෙම ඔබ්සර්වේශන් දෙනකොට තව ශොට් එකක් දාගන්න හිතුන. චියර්ස්!

sdf

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්