පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට

ප්‍රශ්න ගණනාවක් ඇති බව එම පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පවසයි.

නමුත් එම ගැටළු ප්‍රසිද්ධියේ කතා කරා ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට කටයුතු කරන්නේ නැති බවද ඔහු කියා සිටියි.

පක්ෂයක් ලෙස 20 වන සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනා අදහස් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලිඛිතව ලබාදීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

ඊයේ (25) ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සැමරුමට එක්වෙමිනි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්‍ෂයක් ලෙස ශක්තිය දිය යුතු බවද මහලේකම්වරයා තවදුරටත් එහිදී කියා සිටියේය.

මේ ගමන අසීරු ගමනක් බවත් එහිදී ඇමති ධුර, මන්ත්‍රී ධුර, සංවිධායක ධුර අහිමි වුවද අභියෝගයට මුහුණ දීමට සූදානම් යයිද පැවසු ශ්‍රීලනිප මහ ලේකම්වරයා, සියල්ලට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි දේශපාලනික වශයෙන් සවිබල ගැන්වීම යුගයේ ඓතිහාසික යුග මෙහෙවර බවද අවධාරණය කර සිටියේය.

ඒ සඳහා ගමින් ගමට ගොස් පක්ෂය පනගැන්වීම සියලුම සංවිධායකයින්ගේ වගකීම බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

 

හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 61 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවය පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ 10 , ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී ඊයේ (25) පැවැත්විණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජේෂ්ඨ උප සභාපති අචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය, අළෙවි සංවර්ධන සමූපකාර සේවා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රගවන් කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපති තිලංග සුමතිපාල, හිටපු ආණ්ඩුකාරවර නුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක සරත් ඒකනායක, හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්,ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හා පක්ෂ සාමාජික සාමාජිකාවන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්