ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ලොව පිළිගත් රුසියානු වෛද්‍ය විද්‍යාල 03ක් කිසිදු හේතුවක් නොදක්වා පදනම් විරහිතව

අනුමත විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත්කර මේවනවිට මාස 03කි.

1960 වසරේ සිට ශ්‍රී ලංකාවට වෛද්‍ය ශිෂ්‍යත්ව ලබාදුන් මෙම විශ්වවිද්‍යාල මෙසේ අනුමත ලැයිස්තුවෙන් ඉවත් කර ඇත්තේ, 2020 වසර සඳහා ද උසස් ප්‍රතිඵල ලැබූ සිසුන් 05 දෙනෙකුට පූර්ණ වෛද්‍ය ශිෂ්‍යත්ව ලැබී තිබියදීය.

ඉවත්කල දින සිට මාස 03ක් ගතවන මේ දක්වා මේ අත්තනෝමතික ක්‍රියාව පිළිබඳ සාධාරණ හේතුවක් වෛද්‍ය සභාව රුසියානු තානාපති කාර්යාලයට හෝ ශිෂ්‍යත්වලාභී සිසුන්ට දන්වා නොමැත.

 

පරස්පර අදහස්:

Drමේ ගැන කල විමසීම්වලදී වෛද්‍ය සභාවේ රෙජිස්ට්‍රාර්වරයා සහ සභාපතිවරයා පවසා තිබුණේ පරස්පර විරෝධී අදහස්ය.

මෙම විශ්වවිද්‍යාල නියමිත දිනට ලියාපදිංචි නොවූ නිසා මෙම තීරණය ගත් බව රෙජිස්ට්‍රාර්වරයා පැවසුවද එම විශ්වවිද්‍යාල නියමිත ගෙවීම් කර තිබූ බව තානාපති කාර්යාලය පසුව නිවේදනය කරන ලදී.

ඉන්පසු රෙජිස්ට්‍රාර්වරයා පැවසුවේ මෙම විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය පිළිබඳ ගැටළු නිසා පුළුල් අධ්‍යයනයකින් පසු ඉවත්කල බවයි.

එහෙත් වෛද්‍ය සභාව ප්‍රමිතිය ප්‍රශ්නකරන මෙම වෛද්‍ය විද්‍යාල ලොව හොඳම විශ්වවිද්‍යාල 1000 අතර තරු මට්ටමේ පවතින වෛද්‍ය විද්‍යාල වීමද මවිතයට කරුණකි.

University of Russia

මෙය හොඳින් සලකා බලා ගත් තීරණයක් බව රෙජිස්ට්‍රාර්වරයා පැවසුවද වෛද්‍ය සභාවේ සභාපතිවරයා මාධ්‍යවලට පැවසූයේ මෙවන් තීරණයක් ගැනීමට තමන්ට බලයක් නැති බවත්, එමනිසා විශ්වවිද්‍යාල තවමත් ලැයිස්තුවෙන් ඉවත්වී නොමැති බවත්, එසේ ඉවත්වූවායැයි පැවසීම අත්වැරදීමකින් සිදුවූවක් බවත් ය.

එසේම ඔහු සඳහන් කර සිටියේ මීළඟ වෛද්‍ය සභා රුස්වීමේදී එම විශ්වවිද්‍යාල නැවත ලැයිස්තුවට ඇතුළත්කර ඒ පිළිබඳ තීරණය සලකා බලන බවය.

වෛද්‍ය සභාවේ සැසිවාරයක් පසුගිය 25 දින පැවැත්වෙන බවද සභාපතිවරයා පවසා තිබිණි. නමුත් එදින පැවති රැස්වීමෙන් පසුව ද එම අත්වැරදීම තවමත් නිවැරදි වී නොමැත.

මේ වන විට වෛද්‍ය සභාවේ ක්‍රියාකාරීත්වය ගැන ගැටළු රාශියක් පැන නැගී ඇති අතර සෞඛ්‍ය අමාත්‍යවරිය වෛද්‍ය සභාවේ තීරණ සහ ක්‍රියාකලාපය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා විශේෂ කමිටුවක් ද පත් කර ඇත.

''මේ වන විට වෛද්‍ය සභාවේ ක්‍රියාකාරීත්වය ගැන ගැටළු රාශියක් පැන නැගී ඇති අතර සෞඛ්‍ය අමාත්‍යවරිය වෛද්‍ය සභාවේ තීරණ සහ ක්‍රියාකලාපය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා විශේෂ කමිටුවක් ද පත් කර ඇත.''

ඒ අතර විදේශයන්හි සිට පැමිණි වෛද්‍ය සිසුන් සඳහා ERPM විභාගය අධිකරණ නියෝග ද උල්ලංඝණය කරමින් කිසිදු හේතුවකින් තොරව කල්දැමීම පිළිබඳව ද වෛද්‍ය සභාවට මේවනවිට බරපතල චෝදනාවක් එල්ල වී ඇත.

වෛද්‍ය සභාව ඔවුන්ගේ මේ අත්තනෝමතික ක්‍රියා සහ අත්වැරදීම් පිළිබඳව කල්මරමින් දිගින් දිගටම මුනිවත රකින අතරතුර විදේශ වෛද්‍ය උපාධිධාරී සිසුන්ගේ කාලයද අනාගතයද නිකරුණේ වැයවෙමින් පවතී.

එසේම වර්තමාන සහ අනාගත වෛද්‍ය ශිෂ්‍යත්වලාභී සිසුන්ගේ අධ්‍යාපන සිහින බොඳවෙමින් පවතී.

සිය අත්වැරදීම් නිවැරදිකිරීමට වෛද්‍ය සභාවට මාස 03ක් ප්‍රමාණවත් නොවන්නේද? ඔවුන් ඒ සඳහා කොපමණ කාලයක් වෛද්‍ය ශිෂ්‍යත්වලාභී සිසුන්ගේ සහ වෛද්‍ය උපාධිධාරී සිසුන්ගේ කාලය සහ අනාගතය විනාශකරමින් රුඳීසිටීවිද?

''සිය අත්වැරදීම් නිවැරදිකිරීමට වෛද්‍ය සභාවට මාස 03ක් ප්‍රමාණවත් නොවන්නේද? ඔවුන් ඒ සඳහා කොපමණ කාලයක් වෛද්‍ය ශිෂ්‍යත්වලාභී සිසුන්ගේ සහ වෛද්‍ය උපාධිධාරී සිසුන්ගේ කාලය සහ අනාගතය විනාශකරමින් රුඳීසිටීවිද?''

 

අගමැති මහින්ද ජනාධිපති ලෙස එදා කියපු කතාව :

වෛද්‍ය සභාව ප්‍රමිතිගත නැතැයි කියා ඉවත්කල රුසියාවේ පැට්‍රිස් ලුමුම්බා ජනතා මිත්‍රත්ව විශ්වවිද්‍යාලය  හෙවත් Peoples Friendship University of Russia සරසවිය එහි 50 වන සංවත්සරය වෙනුවෙන් 2010 වසරේදී ආසියාවෙන්ම එක් අයෙකුට පමණක් ලබාදුන් ආචාර්ය උපාධියෙන් පිදුම් ලද එවකට ලංකාවේ ජනාධිපති, වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂඑම අවස්ථාවේදී ලුමුම්බා සරසවිය අගය කරමින් කල කථාව පහත වීඩියෝ වෙන් නරඹන්න.  

PM  Rajapaksa’s speech at Doctorate acceptance Ceremony at People’s Friendship University of Russia in 2010:

 

සබැඳි පුවත් :

'කෝවිඩ්-19 මර්ධනයට පන්නරය ලැබුණේ රුසියානු වෛද්‍ය අධ්‍යාපනයෙන්' - වෛද්‍ය අනිල් ජාසිංහ 

විදෙස් වෛද්‍ය උපාධි ලබාගත් සිසුන් දහසක් අනාතයි ! - වෛද්‍ය සභාවේ කටයුතු සොයාබැලීමට කමිටුවක්!! 

රුසියානු වෛද්‍ය විද්‍යාල කැපුණේ අත්වැරදීමකින් - ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති (වීඩියෝ) 

රුසියානු වෛද්‍ය විද්‍යාල කැපුණේ අල්ලස් නොදීම හේතුවෙන්ද ?

රුසියාවේ ප්‍රධාන පෙළේ සරසවි 03 ක් තහනම් ද? නැද්ද? - ශ්‍රී ලංකා වෛද්‍ය සභාවත් පැටලිල්ලක!

ශ්‍රී ලංකාව, රුසියන් උපාධි ප්‍රතික්ෂේප කිරීම නිසා 'කුරුමිනියා' අයෙත් එන අනතුරක්!  

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තීරණය අපට කළ බරපතල අවමානයක් - රුසියාවෙන් දැනුම්දීමක්!

වෛද්‍ය සභාවේ කෝන්තරයක් නිසා රුසියානු පුර්ණ ශිෂ්‍යත්ව 40 ක් අහිමි වේ!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්