විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත සම්මත කිරීමට ප්‍රථම ඒ පිළිබඳ පූර්ණ අධ්‍යනයක් මහ නාහිමිවරුන් ප්රමුඛ
විංසත් වර්ගික කාරක සංඝ සභාව මගින් රටට මතයක් ඉදිරිපත් කිරීම කාලෝචිත බව හිටපු කථානායක කරු ජයසූරිය අස්ගිරි, මල්වතු මහා නාහිමිවරුන් හමුවේ කියා සිටියේය.
'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' සාමාජික පිරිසක් සමග ඊයේ (30 දා) මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් දෙනම බැහැදැක විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඇති විය හැකි අර්බුද සම්බන්ධව උන්වහන්සේ දැනුවත් කළ අවස්ථාවේ කරු ජයසූරිය මේ බව පැවසුවේය.
නිවහල් දේශයක ප්‍රාර්ථනය හා විසිවන සංශෝධනයේ අභිමතාර්ථ මැයෙන් ලියවිල්ලක් ද මෙහිදී කරු ජයසූරිය විසින් මහ නාහිමිවරුන්ට පිළිගන්වනු ලැබීය.
''ජනපති හෝ අගමැති විවේචනය කිරීමේ අදහසින් නොවේ ..''
20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තුව සතු බලතල ජනපති අතට සම්පූර්ණයෙන්ම පත්වන බවත්, මෙය රටට හිතකර තත්ත්වයක් නොවන බවත් මහ නායක හිමිවරුන් වෙත පෙන්වාදුන කරු ජයසූරිය, මෙම පනත ගෙන ඒමේදී ජනපති හෝ අගමැති වැරදි හැඟීමකින් එය කළ බවක් කිසිසේත් නොසිතන බව ද කියා සිටියේය.
ඔවුන් සද්භාවයෙන් මෙය කළ බව තම මතය බව කී කරු ජයසුරිය, එහෙත් එහි ඇතුළත් සමහර යෝජනා මගින් පාර්ලිමේන්තුව සතු බලතල විනාශ කිරීමක් සිදුවන බව දක්නට ලැබෙන බව ද සඳහන් කළේය.
සෝභිත හිමි ආරම්භ කළ මෙම සංවිධානය දේශපාලන පක්ෂවලට සම්බන්ධ නොවූ ස්වාධීන එකක් බවත්, විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් යෝජනා මගින් ඇති විය හැකි අර්බුදය රටට පෙන්වා දෙන්නේ එය වරද නිවැරැදි කිරීමේ අදහසින් මිස ජනපති හෝ අගමැති විවේචනය කිරීමේ අදහසින් නොවන බවත් ජයසූරිය කීවේය.
පාර්ලිමේන්තුව සතු බලය අහෝසි වී ජනපති ධුරයට අසීමිත බලයක් හිමිවන බවත් මහ මැතිවරණයක් පවත්වා ජනතාව තමන්ගේ නියෝජිතයින් ලෙස පත්කර එවන පුද්ගලයින් ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුව මෙමඟින් තැපැල් කන්තෝරුවක් බවට පත්වන බවත් ඒ මහතා පැවසුවේය.
පාර්ලිමේන්තුව සතු බලය අහෝසි වී ජනපති ධුරයට අසීමිත බලයක් හිමිවන බවත් මහ මැතිවරණයක් පවත්වා ජනතාව තමන්ගේ නියෝජිතයින් ලෙස පත්කර එවන පුද්ගලයින් ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුව මෙමඟින් තැපැල් කන්තෝරුවක් බවට පත්වන බවත් කරු ජයසුරිය පැවසුවේය.
ජනපතිවරණයක් හා පාර්ලිමේන්තු මැතිවරණයක් ලෙස ඡන්ද දෙකක් පවත්වන්නේ විධායකය මෙන්ම ව්‍යවස්ථාදායකය ද වැදගත් නිසා බවත් පාර්ලිමේන්තුව සතු බලය ද විධායකයට ගොනුවීම මගින් සාධාරණයක් ඉටු නොවන බවත් හෙතෙම කීය.
ස්වාධීන කොමිෂන් සභා හා ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් වැරදි මත සමාජගත කර තිබෙන බව ද ඔහු පැවසීය.
අස්ගිරි පාර්ශවයේ අනතුරු ඇඟවීම !
කරු ජයසුරිය මහානාහිමිවරුන් බැහැදැක 20 වැනි සංශෝධනය පිළිබඳ සිය ස්ථාවරය පැහැදිලි කර කිරීමෙන් පසු, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවය අනතුරු ඇඟවීමක් කරමින් අවධාරණය කලේ, 20 වැනි සංශෝධනය පිළිබඳව සොයා බැලූ කමිටුවේ සංශෝධනවත් එය සම්මත කර ගැනීමට පෙර සිදු නොකළොත් ගැටලු සහගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.
කරූ ජයසූරිය, සියම් මහානිකායේ අස්ගිරි පාර්ශවයේ මහනාහිමියන් මෙලෙස බැහැදුටුවේ 'සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ' සභාපතිවරයා ලෙසිනි.