"මගේ අම්මා බ්‍රැන්ඩික්ස් එකේ. දිවුලපිටියේ නෙමෙයි අවිස්සාවේල්ල.

මට මාස දෙකේ ඉඳල අම්මා කළේ ගාමන්ට් එකේ මහන එක. අදටත් එක අතක් උස්සගන්න බැරිව, හිරි වැටිලා අප්‍රාණික වෙලා තියෙද්දිත් එයා වැඩට යනවා කාටවත් බරක් නොවී ජිවත් වෙන්න.

එයා අද උදේ වැඩට යද්දී, මම ගෙදර. කොලපාට යුනිෆෝම් එක ඇඳන් පාරට බහින අය දිහා බලන්නේ අමුතු විදියට කියලා මටත් වඩා බාල පුංචි කෙල්ලෙක් අම්මට කෝල් කරලා නහයෙන් අඬනවා.

 ෆේස්බුක් එකේ, ටීවී එකේ බ්‍රැන්ඩික්ස්, බ්‍රැන්ඩික්ස් ගගා ගාමන්ට් පොකුර, කොරෝනා ලෙඩ්ඩු ගානකොට, ඉල්ලගෙන හදාගත්ත වගේ ඒ මිනිස්සු දිහා බලන තැනට සමාජය දාන්නේ මේ සමහර කාලකණ්නි සමාජ මාධ්‍ය භාවිත කරන්නන් සහ ජඩ මාධ්‍ය සංවිධාන."

 114826373 socialmediapostමුහුණු පොතෙන් උපුටාගත් සටහනකි

ඉහත සටහනේ අප උපුටා ගත්තේ මුහුණු පොතෙනි. එය එක් පුද්ගලයකුගේ සටහනක් වුවත් එය අද සමාජයේ පවතින තත්වය මනාවට පැහැදිලි කරන්නකි.

සමාජයේ කොටසක් ඇඟලුම් කම්හල්වල සේවය කරන කාන්තාවන් ලිංගික ශ්‍රමිකයන් ලෙස හැඳින්වීමත් සමඟ සමාජය තුළින්ම එයට විරෝධතාවක් මතුවීම ද සුවිශේෂී තත්වයකි.

ඇඟලුම් හා රෙදිපිළි කර්මාන්තය ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වයි. දළ දේශීය නිෂ්පාදිතයට 6% දායකත්වයක් දක්වන එම කර්මාන්තය, රටේ මුළු අපනයනයෙන් 40% ක දායකයත්වයක් ලබාදේ.

එලෙසම ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදේශ විනිමය උපයන දෙවන ප්‍රධාන මුලාශ්‍රය ද ඇඟලුම් කර්මාන්තයය.

"පන යනකල් අත පය හිරිවැටිලා පොල්කිරි ටිකක් මිරිකගන්න බැරි වෙනකල් බෙහෙතක් ගන්න යන්න නිවාඩුවක් නැති, උදේ මැෂිමට වාඩි උනහම වතුර ටිකක් බොන්න නිදහසක් නැති වොශ්රූම් එකට ගියොත් ටාගට් එක නොදා බැනුම් අහන්න වෙයි කියල හිර කරගෙන ඉන්න මගේ අම්මා වගේ ගෑනු කෙනෙක් උන්ගේ පවුල්වල නැති හන්දද උන්ට ඒවා ගැන ගාණක් නැත්තේ? උන් ඒ වගේ අහිංසකයන්ගේ ජිවිත, ආත්ම ගෞරවය ගැන පයිසෙකට ගණන් නොගෙන, සත්තුන්ට වගේ වචන භාවිතා කරන්නේ? මට හරි අප්පිරියයි මේක," යනුවෙන් ඉහත සටහනේ තවදුරටත් දැක්විණ.

 

පිළිකුල් සහගත අදහස්

Ruwan neluමුහුණු පොතෙන් උපුටාගත් සටහනකි

ශ්‍රී ලංකාව කෝවිඩ් වසංගතයට ඉතා සාර්ථකව මුහුණ දෙමින්, කළමනාකරණය කරමින් සිටින අතර එක්වරම අනපේක්ෂිතව රට තුළ සමාජ සම්ප්‍රේෂණය ආරම්භ වූයේ පසුගිය ඉරිදා (ඔක්තෝම්බර් 4) හඳුනාගත් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවිකාවක් ගම්පහ රෝහලේ අහඹු ලෙස කරන ලද පීසීආර් පරීක්ෂණයකින් පසුව හඳුනාගනු ලැබූ පොකුරත් සමගය.

එතැන් පටන් සමාජය තුළ ඇඟලුම් සේවිකාවන් පිළිබඳව පිළිකුල් සහගත අදහස් ගලා එන්නට සහ ඇඟලුම් සේවිකාවන් හට ගරහන්නටත් වූයේ සමාජ මාධ්‍යයේ පමණක් නොව සමහර රාජ්‍ය හිමිකාරිත්වයක් ඇති මාධ්‍ය හා පෞද්ගලික හිමිකාරිත්වයක් ඇති ප්‍රධාන ජනමාධ්‍ය ආයතනත් මාධ්‍ය ආචාරධර්ම හා සදාචාරයන් උල්ලංඝනය කරමිනි.

එසේ පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක මෙම කාන්තාවන් ගේ චරිතය පිළිබඳව ප්‍රශ්ණ කිරීමට එරෙහිව ට්විටර් පණිවිඩයක මෙසේ සටහන්ව තිබිණි.

"එතකොට දැන් ගාමන්ට් වල කෙල්ලො විතරයි පොසිටිව් වෙනවට බය???? ගාමන්ට් වල කෙල්ලො නැත්තම් මුන් කොරයි. පොෂ් කියලා සැලකෙන දවස තිස්සේ බිකිනිය ගහන් ඉන්ෆ්ලුවන්සර් වෙන එවුන්ට වුනත් අඳින්න ඇඳුමක් නැහැ ගාමන්ට් වල කෙල්ලො නැත්තම්.

 ලංකාවෙ ගුවන්විදුලි මාධ්‍ය මේ තරම් පහතට වැටිලද??? හරිහමන් මිනිහෙක් නැත්තම් කොයි ගෑනිත් පොසිටිව් වෙනවට බයයි. ගාමන්ට් වල කෙල්ලන්ට කියලා අමුතු එකක් නැහැ. ලංකාවෙ සමහර මිනිස්සුන්ගෙ මොල ඇතුලෙ තියෙන්නේ අසූචි.

කොයි රස්සාවත් රස්සාව හැටියට උන්ට සලකන්න බැහැ. හැම මනුස්සයෙක්ටම එක විදියට සලකන්න බැරිතාක්කල් මේ රටේ ඉදිරියට යෑමක් නෑ," චිත්‍ර ශිල්පිනියක් වන සයිලා තම ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් පවසා තිබුණි.

tweete

ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මාධ්‍ය හමුවේ සඳහන් කරන්නේ එම කාන්තාව මෙම පොකුරේ පළමුවන රෝගියා ලෙස හඳුනාගත්තත් ඇය මෙම පොකුරේ මුලාශ්‍රය ලෙස හෙළිවී නොමැති අතර, ඇය මෙම පොකුරේම තවත් එක රෝගියෙකු පමණක් බවය.

"අවුරුදු 5 කට ආසන්න කාලයක් Brandix ආයතනයේ වැඩ කරනවා. එහේ මම දැක්කේ, අදටත් දකින්නේ එදා වේල හොයා ගන්න, මහන්සියෙන් වැඩ කරන පොළවේ පය ගහන set එකක්. උදේ 7:45 ට වැඩ පටන් අරං, හවස 5:45 වෙනකල්, ඊට පස්සේ OT ත් දාගෙන, සුද්දාට ඇඳුම්, ජංගි මැහුවේ, 'garment' කෙල්ලන්ගේ පැටිකිරිය ගගා අනං මනං කියන, බුකියේ සමහර අය ආතල් එකේ A/C කාමර වල ඉදන් වැඩ කරනකොට නැත්නම් Friday night drink එකක් දාන අතරේ," යනුවෙන් ක්‍රිස්ටල් රීඩ් විජේසූරිය තම ට්විටර් ගිණුමෙහි සටහනක් තබා තිබුණි.

"මේ කෙල්ලෝ ටික ඔය කතා අහලා දමලා ගහලා ගියා නං තේරයි set එකටම, ලංකාවේ ආර්ථිකයට වෙන්නේ මොකක් ද කියලා."

"මේ කෙල්ලෝ ටික ඔය කතා අහලා දමලා ගහලා ගියා නං තේරයි set එකටම, ලංකාවේ ආර්ථිකයට වෙන්නේ මොකක් ද කියලා."

ඇය තව දුරටත් පවසන්නේ "COVID+ වුනේ අපේ ලංකාවේ මිනුස්සු මිසක්, Brandix ආයතනයට නෙමෙයි. එහෙම label ගහන්න ඕනේ නම් එන්න ඕන තරං රස්සා තියෙනවා, නිකං මේ අහිංසක, ඔය set එක වගේම COVID එකෙන් පස්සේ, යාන්තම් ඔළුව උස්ස ගන්න හදන මිනුස්සුන්ට කථා හදන්නේ නැතුව. ඔය තියෙන කේන්තිය channel කරන්න මේ රට කන්න හදන දේශපාලුවන්ට, උණ රෝගයක් පැතිරී යද්දි එයට පියවර නොගත් අයට, PCR ටෙස්ට් නවත්තපු අයට, මාස්ක් නොදා, social distancing අමතක කරපු set එකට, නැතුව මේ අසරණ වෙලා ඉන්න අපේ පවුල් වලට නැතුව. "Brandix වේවා, නොවේවා මම මේ post එක දැම්මේ 'අපේ කලාපේ මිනුස්සුන්ට'. මොකද cyber bullying වලින්, ඔය පහත් ක්‍රියාවෙන්, වචනයෙන්, අවුරුදු 30+ run කරපු මේ කොම්පැණි වැටෙන්නේ නැහැ, කඩා වැටෙන්නේ අහිංසක දරු පවුල්, ඔවුන්ගේ කීර්තිනාමයන්, නැතිවෙන්නේ අපේම මිනුස්සුන්ගේ මානසික සෞඛ්‍යය, පිරිහෙන්නේ අපේ මනුස්සකම!" ක්‍රිස්ටල් රීඩ් විජේසූරිය පවසා තිබුණි.

"අන්න ඒක අමතක නොකර, මේ අපේ අයට ඉක්මන් සුවය පතමු!"

test 1

 

'රජය ක්‍රියාමාර්ගයක් ගත යුතුයි'

කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක් මෙන්ම කාන්තා හා මාධ්‍ය සාමූහිකයේ කාන්තා ආර්ථික අයිතිවාසිකම් සහ මාධ්‍ය පිළිබඳ තාක්ෂණික උපදේශකා සේපාලි කෝට්ටෙගොඩ බීබීසී සිංහල සේවයට පැවසුවේ ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇති නොවන තාක්කල් ලිංගභේදය පමණක් නොව ආගමිකව, ජාතීන් අනුව බෙදීම වැළැක්විය නොහැකි බවයි.

ඇය පැවසුවේ මුලින්ම, ආගමික වශයෙන් මිනිසුන් කොන් කිරීමට ලක් වූ අතර ඉන් අනතුරුව මැදපෙරදිග සිට පැමිණෙන පිරිස් කොන් කළ බවය.

මෙම තත්වය තරමක් වෙනස් වූයේ නාවික හමුදාවේ පිරිසකට කෝවිඩ් 19 ආසාදනය වීමත් සමග බව ඇය පෙන්වා දෙන්නීය.

''අඩුම ගණනේ නාවික හමුදා පොකුර වෙලේදී රජය මැදිහත් වෙලා ඒ පවුල්වල අයගේ පෞද්ගලිකත්වය රකින්න කටයුතු කළ ආකාරයටවත් මේ අයගේ පෞද්ගලිකත්වය, චරිතය ආරක්ෂා කරන්න රජය කටයුතු කළ යුතුයි.''

නමුත් නැවතත් එම තත්වය ඉතාමත් පහත් මට්ටමකට පත්වී ඇති බවත් ඇඟලුම් සේවිකාවන් ලිංගික වශයෙන් කොන් කිරීම තුළින් ඔවූන්ගේ පමණක් නොව එම කාන්තාවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේත් චරිතය ඝාතනය කර ඇති බවත් සේපාලි කෝට්ටෙගොඩ පවසයි.

"මේ කාන්තාවන්ට ඇති වූ හානිය වෙනුවෙන් රජය විසින් යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. මුල්‍යමය වශයෙන් මොවුන්ට වන්දි නොගෙවුවත් ඔවුන්ගේ චරිතයට වුනු හානිය වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි.

අද වෙනකම් වත් රජය මෙය නිවැරදි කරන්න කටයුතු කරනව මම දැක නැහැ අඩුම ගණනේ නාවික හමුදා පොකුර වෙලේදී රජය මැදිහත් වෙලා ඒ පවුල්වල අයගේ පෞද්ගලිකත්වය රකින්න කටයුතු කළ ආකාරයටවත් මේ අයගේ පෞද්ගලිකත්වය, චරිතය ආරක්ෂා කරන්න කටයුතු කළ යුතුයි."

(රංග සිරිලාල්- BBC සිංහල, කොළඹ)

[පෙළ අවධානය අපෙන් – සංස්කාරක]

සබැඳි පුවත් :

රෝගීන්ට වරද පටවන වාර්තාකරණයෙන් වසංගත නිවාරණයට බාධා

ඔය ලොක්කෝ සුද්දවන්තයෝ  ද? -කොවිඩ්-19 රෝගීන්ට බැනීම නවත්වනු! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්