විසිවන ව්‍යවස්ථා සංශෝධනය කඩාකප්පල් වන ආකාරයට ආණ්ඩුව තුළ සිට තවදුරටත් කටයුතු කරන්නේ නම්,

විමල් විරවංශ වැනි ඇමතිවරුන් පවා ආණ්ඩුවෙන් නෙරපා හැරීමට සිදුවනු ඇතැයි බැසිල් රාජපක්ෂගේ සමීපතම හිතවතකු පැවසිය.

විස්සට එරෙහිව ආණ්ඩුව අභ්‍යන්තරයේ පවතින ගැටුම් සම්බන්ධයෙන් theleader.lk කල විමසීමකදී ඔහු එබව කියා සිටියේ, සිය අනන්‍යතාවය හෙළි නොකරන්නැයි ද ඉල්ලා සිටිමිනි.

එහිදී ඔහු එක දිගටම මෙසේ සඳහන් කළේය.

''අපට ආණ්ඩුව ඇතුලේ විපක්ෂයක් අවශ්‍ය නැහැ. ජනතාව තුනෙන් දෙකකට වැඩි බලයක් ජනාධිපතිතුමාට ලබාදුන්නේ එක්සත් ජාතික පක්ෂය ගෙනාපු 19 වන සංශෝධනය අහෝසි කරන්න. එකට එරෙහිව විපක්ෂය කෑකෝ ගහන එක ප්‍රශ්නයක් නෙමෙයි. එක විපක්ෂයේ රාජකාරිය. ඒත් ඇතුලේ ඉඳගෙන කකුල් මාට්ටු දාන්න කාටවත් ඉඩදෙන්න බැහැ .

Mahinda Mangala2005 මහින්දගේ කැම්පේන් මැනේජර් මංගල...

මතකනේ 2005 දී ජනාධිපතිවරණයේ මහින්ද මහත්තයාගේ කැම්පේන් මැනේජර් මංගල සමරවීරත්, ඔයවගේ ඇතුලේ ඉඳන් කැරැල්ලක් පටන් ගන්නකොටම එලියට දැම්ම. අඩුම ගානේ මංගලගේ විරෝධයට ප්‍රතිපතියක් හරි තිබුනා. ඒ අතින් බලනකොට විමල්ලා කව්ද ?

මෙයාලා හිතාගෙන ඉන්නේ ගෝඨාභය මහත්තය දිනුවේ එයාල නිසා කියලා. එහෙම හිතුවට කමක් නැහැ, එත්, මෙහෙම රඟපාන්න දෙන්න බැහැ.

එයාලගේ හිතේ මෙහෙම සද්දයක් දැම්මම එයාගේ හෙන්චයියන් කිහිප දෙනෙක්ට සභාපතිකම් දෙවි කියලා. ඇමැතිකමට කැල්ලක් එකතු කරවී කියලා. ලේකම් මාරු කරලා දෙවි කියලා...

එයාලට වැරදිලා. අද ජනාධිපති මහින්ද මහත්තයා නෙමෙයි, ගෝඨාභය මහත්තයා.

මහින්ද මහත්තයා වගේ ගෝඨාභය මහත්තයා මෙයාලව එන්ටර්ටෙන්ට් කරන්නේ නැහැ. එකේ හිතේ අමාරුවට තමයි මේ දඟලන්නේ.

ඔන්න ඊයේ වෙනකොට සුදු කොඩි දාගෙන බැසිල් ලොක්ක එක්ක කතාබහකට අතරමැදියෝ එවලා. බැසිල් මහත්තයා අතරමැදි කතාවට එකඟ නැහැ.

විස්සට සම්මත විය යුතුයි. විමල්ලා නැතත් අපි විස්ස සම්මත කරනවා. ඒ විමල්ගේ පක්ෂයේ දෙතුන් දෙනෙකුත් අපේ පැත්තට අරගෙන. බැසිල් මහත්තයා ඉන්නේ ඒ ස්ථාවරයේ.

ඔයාල විස්සට එරෙහි වීම අපට ප්‍රශ්නයක් නෙමෙයි. මේ රටේ විපක්ෂයක් කියල එකකුත් තියෙන්න එපැයි. බැසිල් ලොක්කා ළඟදීම පාර්ලිමේන්තුවටත් එනවා. එකත් ලියලා තියාගන්න.'' ඔහු වැඩිදුරටත් පැවසිය.

 

බැසිල් - රිෂාඩ්ගේ මන්ත්‍රීවරුන් සමග රහස් කතා !

බැසිල්ගේ සගයා එසේ කෙසේහෝ විස්ස සම්මතකර ගන්නා බව අවධාරණය කර සිටියේ, විසිවන සංශෝධනය සම්මතකර ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ විසින් විපක්ෂ මන්ත්‍රීවරුන් දඩයමක් ආරම්භකර ඇති මොහොතකය.

පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් නායකත්වය දරන සමස්ත ලංකා මහජන කෙංග්‍රසය සමග රහස් කතා ආරම්භකර ඇති බැසිල් රාජපක්ෂ, පෙරේදා දිනයේ එම පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රීක් සංවිධායක අලි සබ්රි මන්ත්‍රීවරයා වෙනම ගෙන්වා සාකච්ජා පවත්වා ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

එසේම බැසිල් රාජපක්ෂගේ නියෝජිතයින් සමගි ජනබලවේගය මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමග ද විස්සට සහය ලබාගැනීම සඳහා සාකච්ජා පවත්වා ඇතැයි වාර්තාවේ.

 

''නසීර් අහමඩ්ව මතකද?

බැසිල්වාදීන් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් සමග සිදුකරන රහස් මෙහෙයුම් සම්බන්ධයෙන් 'කලම්බෝ  ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස් බුක් පිටුවේ සටහන් කර තිබුනේ මෙසේය.

''නසීර් අහමඩ්ව මතකද?

එයා අර බලෙන් ස්ටේජ් එකට නැගල රණවිරුවෙකුට තග දැම්ම කියල
බය්යො වැලලෙන්න හැදුවෙ යහපාලන කාලෙ.
ආණ්ඩුකාරතුමා වෙලා හිටිය ඔස්ටින්ටත් බැන්න නේද බයියො
මොකාද වගේ හිටිය කියල.
අන්න ඒ නසීර් අහමඩ් ඉතාම ඉක්මනින් දේශප්‍රේමියෙක් වීමට නියමිතයි.
20ට පක්‍ෂායි කියල.''

post uvindu

 

ජාතිකවාදීන් නන්නත්තාර වන කාලයක් - Sirimal Wijesinghe

විස්සට එරෙහිව ආණ්ඩුවේ 'ජාතිකවාදීන්' ගෙනයන විරෝධය සම්බන්ධයෙන්, සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇති ප්‍රකට සමාජ විශ්ලේෂක සිරිමල් විජේසිංහ පවසන්නේ, එළඹ ඇත්තේ නලින් ද සිල්වා හැර සියලු ජාතිකවාදීන් නන්නත්තාර වන කාලයක් බවයි.

සිරිමල් ගේ ෆේස්බුක් සටහනේ මෙසේ සඳහන් වේ.

දෛවයෝගය !!! ( පැරණි චිත්‍රපටයකි )

නලින් ද සිල්වා හැර සියලු ජාතිකවාදීන් නන්නත්තාර වන කාලයකි මෙය. ( නලීන් ගැන මට ඇත්තේ වෙන ම කියවීමකි)

මෛත්‍රී ජනපති වූයේ පූර්ණ බටහිර ආශිර්වාදය ඇති ව ය.

ගෝඨා වෙනුවෙන් නම් පුද්ගලිකව ඇමෙරිකාව මැදිහත් විය.

'ද්විත්ව පුරවැසිකම'' ගැන උන් කට ඇරියේ නම් අද ජනපති ගෝඨා නොව ශිරන්ති රාජපක්ෂ ය.

ඇමෙරිකාව එසේ කළේ පැහැදිලි ව ම ගෝඨා සමග ඇති සම්මුතියකිනි.

මේ ආණ්ඩුවෙහි න්‍යාය පත්‍රය රනිල් ට සමාන වන අතර ඇමෙරිකාව ට එක සිතින් පක්ෂ ය.

අන්තිම මොහොතෙහි දී ගෝඨා විසින් චීනය අත හැර දමනු සිකුරු ය. ( මහින්ද නම් එසේ නොවේ. )

දැන් ජාතිකවාදීන් කළ යුත්තේ විමල් වීරවංශ විසින් ලාව ට හෝ පටන් ගත් සටන ට එකතු වී සිය ජාම බේරා ගැනීම ය.

ආමේන් !!!

(ප. ලි. - ආණ්ඩුව ‘‘ඇමෙරිකන් සරණං ගච්ඡුාමි’’ වීම ගැන මාගේ පුහු දේශපාලන විරෝධයක් නො මැත.)

Post Sirimal

සබැඳි පුවත් :

'රාජපක්ෂවාදය' : අවසානායේදී ගෝටාද බූරුවාට වැඳීම නතර කළේය! - Uvindu Kurukulasuriya 

බැසිල් දෙවැනි ඉනිම අරඹයි : විමල්ලාගේ විවේචනවලට පිළිතුරු දීමට යයි  

විස්ස අස්සේ ගල උඩ සටන: දිනුම බැසිල්ටද? වීරවංශටද? 

බැසිල්ට එරෙහි විමල්ගේ 'ගේම' ප්‍රසිද්ධියේ කරලියට : තීරණාත්මක ලිපියක් ! 

රිෂාඩ් ආණ්ඩුවට ගත්තොත් අත්වන ඉරණම ජාතික සංවිධාන පෙන්වාදෙයි. 

බැසිල්ගේ තවත් උත්සහයකට 'බාල්දියක්' ! - ''අපි හදපු ආණ්ඩුවට රිෂාඩ්ව ගන්න ඉඩදෙන්නේ නැහැ ''– විමල් කියයි  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්