විසිවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සශෝධනයට ආණ්ඩුව තුළින්ම ප්‍රබල විරෝධයක් මතුවෙද්දී,

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඇඟේ එල්ලෙමින් දේශපාලනට ආ 'වියත්මග' මැති ඇමතිවරුන් ද ජනපතිවරයා ගල උඩ සටනක තනි කර නිහඬ වී සිටීම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ද කතා බහට ලක්වෙමින් ඇතැයි සිය අනන්‍යතාවය හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් පැවසීය.

'වියත් මග' සාමාජිකයන් වූ  නාලක ගොඩහේවා (ගම්පහ), වෛද්‍ය සීතා අරඹේපොල (ජාතික ලැයිස්තුව), සරත් වීරසේකර (කොළඹ), මහාචාර්ය චන්න ජයසුමන (අනුරාධපුර), ගුණපාල රත්නසේකර (කුරුණෑගල), නාලක බණ්ඩාර කෝට්ටේගොඩ (මාතලේ), උපුල් ගලප්පත්ති (හම්බන්තොට), ගයාෂාන් නවානන්ද (මොණරාගල), සහ තිලක් රාජපක්ෂ (අම්පාර) යන මන්ත්‍රීවරුන් අට දෙනෙකු මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී 'වියත්මග' හරහා පාර්ලිමේන්තුවට ඇතුළු වූහ.

එසේ වියත්මගෙන් පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් හතර දෙනෙකුට, එනම් නාලක ගොඩහේවා, සීතා අරඹේපොල, සරත් වීරසේකර සහ චන්න ජයසුමන යන අයට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් රාජ්‍ය ඇමති ධූර ද ප්‍රධානය කර ඇත.

සරත් වීරසේකර හැර සෙසු තුන්දෙනා පාර්ලිමේන්තුවට කෝඩුකාරයන් වුවද, පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨයන් සමහර දෙනෙකුට රාජ්‍ය අමාත්‍යධූරයක්වත් නොලැබෙද්දී වියත්මග හතර දෙනෙකුට එසේ රාජ්‍ය අමාත්‍යධුර හිමිවිය.

 

මේ වන තෙක් වචනයක්වත් කතා කර නැ!

20 වන සංශෝධනයට හතර වටින් පහර එල්ල වද්දී, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව ගල උඩ සටනක තනි කර දමා 'වියත්මග' සාමාජිකයන් තනතුරු භුක්ති විඳිමින් ජනාධිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් වී මේ වන තෙක් වචනයක් හෝ කතා කර නැතැයි ආණ්ඩුවේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් අතර පසුගිය දා කතා බහට ලක්ව තිබේ.

Ali Sabry 20 ජනපතිගේ අරමුණ වෙනුවෙන් අලි සබ්රි තනිවම සටනේ...

අඩුම ගණනේ පසුගිය කාලයේ වියත්මග සංවිධානයේ ප්‍රකට ප්‍රකාශිකාවක වන වෛද්‍ය සීතා අරඹේපොල හෝ විස්ස ගැන මුනිවත රකිද්දී, ජනාධිපතිවරයාගේ අරමුණ වෙනුවෙන් තනිවම සටන් කරන්නේ වියත්මග සාමාජිකයෙකු නොවූ අධිකරණ ඇමති මොහොමඩ් අලි සබ්‍රි පමණක් බව එකී සාකච්ඡාවේදී එක් අමාත්‍යවරයෙක් පෙන්වා දී තිබේ.

"මේ ගොල්ලො වියත්මග අටවා ගත්තේ ගෝඨාභය සර් බලයට ගේනවට වඩා, ජනාධිපතිතුමාගේ කරපිටින් ඇවිත් පාර්ලිමේන්තුවට යන්න. එහෙම ආවේ නැත්නම් ආයේ හීනෙකින්වත් මේ අය පාර්ලිමේන්තු යන්නදැ?"යි අපට තොරතුරු දුන් ඇමතිවරයා ප්‍රශ්න කර සිටියේය.

"20 ගැන විතරක් නෙමෙයි, මෙයාලා ගෝඨා සර් වෙනුවෙන් කිසි දෙයක් කතා කරන්නේ නෑ. අඩුම ගානේ නාලක ගම්පහට ගිහින් කෝවිඩ් නිසා අසරණ වෙලා ඉන්න අයගේ ප්‍රශ්න හොයා බලන්නේ නෑ කියලා චෝදනා තියෙනවා. දරුවට බිස්කට් එකක් අරන් දෙන්න සල්ලි නෑ කියලා ගම්පහ මනුස්සයෙක් ටී.වී. ප්‍රෝගෑම් එකකදී ලයිව් ඇවිත් කිව්වා. ගෝඨා සර් මේ ගැන මොනවා හිතනවාද දන්නේ නැතැයි"ද අපට සමග තොරතුරු බෙදා ගත් එම ජ්‍යෙෂ්ඨ ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්