ප්‍රවීණ කලා ශිල්පිනියක වන අනුලා බුලත්සිංහල අද 16වන දින ‍ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත විය. ඒ සති කිහිපයක සිට අසනීප ව සිට ප්‍රථිකාර ලබමින් සිටින විටදීය.

1947 වසරේ සැප්තැම්බර් 21 වනදා ඉපැදුන ඇය මිය යනවිට 73 වැනි වියේ පසු විය.

ඇයගේ දේහය හෙට කොළඹ බොරැල්ල ජයරත්න වීඅයිපී ශාලාවේ තැන්පත් කෙරෙනු ඇති අතර අවසන් කටයුතු කොළඹ බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය. 

අනුලා බුලත්සිංහල වන්නට පෙර ඇය අනුලා මෙණ්ඩිස්ය. 

අනුලා අක්කා යන ආදර නාමයෙන් ඇයව බොහෝ දෙනෙක් අමතන්නට පුරුදු වී සිටියහ. 

අනුලා අක්කා ප්‍රථමයෙන්ම සතොසෙහි සේවය කරන කාලයේ එහි කලා සංගමයේ කැපී පෙනෙන සාමාජිකාවක විය.   Untitled 12 3

ඒ හේතුවෙන්ම ආර්ආර් සමරකෝන් නාට්‍ය වේදියාගේ ලෙඩක් නැති ලෙඩෙක් 1967 දී වේදිකා නාට්‍යයෙන් වේදිකා රංගනයට එක් විය.

අනුලා මෙණ්ඩිස් ඉන් පසු වේදිකාවේ ප්‍රභල අධ්‍යක්‍ෂවරුන් යටතේ සිය රංගන කෞෂල්‍ය එළි පෙහෙළි කර ගත්තාය. 

හෙන්රි ජයසේනයන්ගේ කුවේණි වේදිකා නාට්‍යයේ මානෙල් ජයසේන රංග වේදිනිය නොමැති විටක එකල අනුලා අක්කා කුවේණිගේ චරිතය ට පණ පෙවීය. 

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මහාසාර වේදිකා නාට්‍යයේ මාහාසාර බිසව ඇය විය. 

දයානන්ද ජයවර්ධනගේ මධුර ජවනිකා හි ඇය වේදිකා නාට්‍ය රසිකයින්ගේ සිත් වශී කලාය. 

1971 ඇය රතු හැට්ටකාරී වේදිකා නාට්‍යයද අනතුරුව ලූෂන් බුලත්සිංහලගේ තාරාවෝ ඉගිලෙති නාට්‍යයෙන්ද වඩ වඩාත් ජනප්‍රියයත්වය පත්විය. 

ඇය වේදිකාවේ නූර්ති නාට්‍ය වලද රංගනයෙන් දායක විය. ඒ ප්‍රේමරංජිත්ගේ ශී වික්‍රම නූර්තියෙනි.

ගුවන්විදුලියේ "රාවණ" නාඩගමේ සීතා දේවී සඳහා රංගනයෙන්ද සිය දායකත්වය ලබාදී තිබුනි.

අනුලා බුලත්සිංහල ගේ දීකිරි දීකිරි ගීතයද, තට්ටු කරන්න හෙමින්, සුළඟින් බිත්ති තැනූ සුවඳින් පිරියම් වූ නෙයිනගේ සූදුව විරිදු ද රගහල දැන් ඇත අඩ අඳුරේ සුදු ඔසරිය ඇඳලා සහ සිය දියණිය වූ ඉන්ද්‍රචාපා සමග ගැයූ බුදුන් වඳින මේ දෑතින් ගීයද ඇයගේ ගායනා දක්‍ෂ තා ගී රස විඳින්නන්ට කිසිදා අමතක නොවන අමරණීය ගීය.

අනුලා බුලත්සිංහල වේදිකා සිනමා රූපවාහිනී රංගනවේදීනියක් ගායිකාවක් ලෙස සිය ජීවිත කාලයම කැප කළාය.

ඇය ලූෂන් බුලත්සිංහලගේ බිරිඳය. ඉන්ද්‍රචාපා සහ හර්ෂ බුලත්සිංහල ඇයගේ දරු දෙදෙනාය.

ඇය සිනමාවෙන් අපට අවසන් ලෙසට දැකගත හැකිවූයේ අශෝක හඳගමගේ අසන්ධිමත්තා හිය.

පසුගිය දා අවසන් වූ රාජ්‍ය නාට්‍ය උලෙලේදී ඇය ජීවිතයේ එක්වරක් පමණක් ලබන කලා කීර්ති ස්මානයෙන් පිදුම් ලැබුවාය. ඇය විවිධ සම්මාන වලට පාත්‍ර වූ රංගන වේදිනියකි. Anula

අනුලා බුලත්සිංහල කාගේත් නොමද ආදරයට කරුනාවට මෙන්ම ගෞරවයට පාත්‍ර වූ විශිෂ්ට රංගන ගායන වේදිනියකි. ඇය මනුස්සකම් පිරි හදවතක් ඇත්තියක් ද විය.


(mirrorarts.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්