ආසාදිත සේවකයෙකු මහජනතාව අතරට එවීම සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට වහා දඩුවම් කළ යුතු බව

එක්සත් ජාතික පක්ෂය පවසයි.

එක්සත් ජතික පක්ෂය මධ්‍ය එකකය විසින් නිකුත් කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

''කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට සැක කරමින් PCR පරීක්ෂණයක් සඳහා යොමු ව තිබූ සහ මේ වන විට ආසාදිතයෙකු බව තහවුරු වී ඇති ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති අංශයේ සේවය කළ මාධ්‍යවේදියෙකු පසුගිය දිනවල පැවති ප්‍රධාන පෙලේ මාධ්‍ය හමු ඇතුළු කිහිපයක්ම ආවරණ කිරීම සඳහා යෙමුකිරීම සම්බන්ධයෙන් මේ වන විට බරපතල තත්වයක් නිර්මාණය වී ඇත.

ඔහු ඇතුළු ස්වාධීන රූපවාහිනී සේවයේ සේවය කළ මාධ්‍යවේදීන් පිරිසක් පසුගිය සඳුදා (12) PCR පරීක්ෂණ ලක් කර තිබෙන්නේ වෛරසය ආසදනය වී ඇතිදැයි යන සැකය මතයි.

එහි ප්‍රතිථලය බලාපොරොත්තුව සිටියදී අදාල මාධ්‍යවේදියා පසුගිය බදාදා (14) පැවති එක්සත් ජාතික පක්ෂ  ප්‍රවෘත්ති සාකච්ඡාව සහ කැබිනට් රැස්වීම ඇතුළු පුවත්පත් සාකච්ඡා කිහිපයක්ම ආවරණ කිරීම සඳහා යොමු කිරීමට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ආයතනය විසින් කටයුතු කර තිබේ.

මෙය සිතා මතාම අදාල මාධ්‍යවේදියාගේ, සහෝදර මාධ්‍යවේදීන් ගේ මෙන්ම ඔහු සහභාගී වූ මාධ්‍ය හමුවලට සම්බන්ධ වූ සියලු දෙනාගේ ජීවිත අවදානමේ හෙළීමකි.

''මෙය සිතා මතාම අදාල මාධ්‍යවේදියාගේ, සහෝදර මාධ්‍යවේදීන්ගේ මෙන්ම ඔහු සහභාගී වූ මාධ්‍ය හමුවලට සම්බන්ධ වූ සියලු දෙනාගේ ජීවිත අවදානමේ හෙළීමකි.''

ශ්‍රී ලංකාව කොරෝනා දෙවන රැල්ලකට මුහුණ දී බරපතල අවදානමක සිටින අතර වාරයේ, කොරොනා ආසාදිත යැයි සැක පිට PCR පරීක්ෂණයකට ලක්ව  ප්‍රතිථල බලාපොරොත්තුවෙන් සිටි රජයේ සේවකයෙකු මහජනයා අතරට යොමු කිරීම බරපතල වරදක් බව අපගේ ස්ථාවරයයි.

මහජනයාගේ සෞඛ්‍යය හා ආරක්ෂාව සහතික කිරීම රජයේ යුතුකම වන බැවින් සහ මෙවැනි බරපතල වැරදි යළිත් සිදුවීම වැළැක්වීම සඳහා මේ සම්බන්ධයෙන් වහා අවශ්‍ය පියවර අනුගමනය කිරීම රජයේ වගකීම බව අපි නැවතත් තරයේ අවධාරණය කරන්නෙමු.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්