ආණ්ඩුවේ පාර්ශව 20 වැනි සංශෝධනයේ අඩංගු කරුණු 2 ක් පිළිබඳව මරාගෙන මැරෙන ආකාරයට පෙනී සිටින්නේ

ඇමරිකානු MCC ගිවිසුම අත්සන් කිරීම සඳහා ව්‍යවස්ථාමය අවශ්‍යතාවයක් නිසා දැයි ජාතික සංවිධාන ප්‍රශ්ණ කරයි.

ජනාධිපතිවරයාගේ බලතල ශක්තිමත් කිරීමට කිසිවකු විරුද්ධ නැතත්, මෙම අතුරු කාරණා දෙකක් ගැන ආණ්ඩුව තම ගරුත්වය පසෙක තබා පෙනී සිටීම පිළිබඳ එම සංවිධාන විරෝධතාවයක් පළ කරති.

ඊට අදාළව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර විසින් දීර්ඝ පැහැදිළි කිරීමක් සිදුකර ඇති අතර 20 වැනි සංශෝධනයට එරෙහිව එල්ලවන සියළු චෝදනා සහ විරෝධතා පදනම් වන්නේ 19 තුළ අඩංගු වූ යහපත් දේ ඉවත් කිරීම මත බව ඔහු පෙන්වා දෙයි. 

ඔහුගේ විග්‍රහයේ මෙසේද සඳහන් වේ. 

NGO වලට 'පිනා චාන්ස්' එකක් !

19 වැනි සංශෝධන මඟින් සිදුකළ වැරදි නිවැරදි කිරීම ප්‍රභල මහජන අපේක්ෂාවකි. ඒ සඳහා 20 වැනි සංශෝධනයක් කඩිනමින් ඉදිරිපත් කිරීම පිළිබඳව මහජන විරෝධයක් පැන නැගී ඇත.

 නමුත් යහපත් දේ ඉවත් කිරීම නිසා 20 වන සංශෝධනයේ සමස්ථයට එරෙහිව විරෝධතා නිර්මාණය කිරීමට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නිර්මාතෘවරුන්ට අවස්ථාව ලැබී ඇත. 

එනම් 19 ට පක්ෂව හෙවත් 20ට එරෙහිව අධිකරණය හමුවට යන දේශපාලන සහ රාජ්‍ය නොවන සංවිධාන (NGO) වලට ‘පිනා චාන්ස්’ එකක් කඩා වැටී ඇත. 

මහජනයා විසින් ඉතා දරුණු ලෙස දඬුවම්කොට දේශපාලන වේදිකාවෙන් පිටුවහල් කළ පිරිසකට නැවත කරලියට පැමිණීමට අවස්ථාව ලැබී ඇත්තේ 20 වැනි සංශෝධනය නිර්මාණය කළ පිරිස විසින් සිදුකළ එම ඓතිහාසික දේශපාලන වරද නිසාය. 

''මහජනයා විසින් ඉතා දරුණු ලෙස දඬුවම්කොට දේශපාලන වේදිකාවෙන් පිටුවහල් කළ පිරිසකට නැවත කරලියට පැමිණීමට අවස්ථාව ලැබී ඇත්තේ 20 වැනි සංශෝධනය නිර්මාණය කළ පිරිස විසින් සිදුකළ එම ඓතිහාසික දේශපාලන වරද නිසාය. ''


සටන්පාඨ නොමැතිව අසරණව සිටි එම පිරිසට දැන් ආණ්ඩුවේ ප්‍රතිරූපයට දීර්ඝකාලීනව අභියෝගකළ හැකි සටන්පාඨ ලැබී ඇත. එනම් ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳව ඉතා නරක මානසික පින්තූරයක් ඇඳීමට ඔවුන්ට අවස්ථාව ලැබී ඇත.


කියවන්න :
19 අවුල සහ 20 වියවුල


subscribeYT

නවතම පුවත්