ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය උදෙසා මෙතෙක් සිදුකල  වඩාත් ඉහළම බලපෑම් සහගත,

උපායමාර්ගික වශයෙන් විචක්ෂණශිලී සහ මූල්‍ය වශයෙන් වඩාත්ම ලාභදායක, ජපන් මූල්‍ය සහයෝගීතාවය මත ඉදිකිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT)  වර්තමාන රජය විසින් නතර කිරීමට ගනු ලැබූ තීරණය නිසා ජපන් රජයට සහ ජපානයේ ජනතාවට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් කණගාටුව පළකරමින් හිටපු මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් ජපන් අග්‍රාමාත්‍ය යොෂිහිදේ සුගා මහතා ලිපියක් යොමුකර තිබේ.   

ජපානය පසුගිය වසර 70 පුරාම ශ්‍රී ලංකාවේ හොද මිත්‍රයෙකු බව පෙන්වා දෙන හිටපු ඇමතිවරයා, ජපානය දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංවර්ධන සහකරු බවට පත්වූ අතර අන්තර්ජාතික වශයෙන් අනිසි දේශපාලනික හෝ ආර්ථික බලපෑම්වලින් තොරව එම සහාය ශ්‍රී ලංකාව වෙත ලබාදෙන ලද බවද එම ලිපිය මගින් සිහිපත් කර තිබේ.

  එම ලිපියේ මෙසේ සඳහන් වේ.

''ජපානයේ මූල්‍ය සහයෝගීතාවය මත ක්‍රියාත්මක කෙරෙමින් පැවති සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) නතර කිරීම සම්බන්ධයෙනි.

  මම පළමුව ඔබතුමාගේ පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් උණුසුම් සුභාශිංසන පිරිනමමි.  

වගකීම් සහගත ජනතා නායකයෙකු වශයෙන් සහ ජපන් මූල්‍ය සහයෝගීතාවය මත ඉදිකිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතියේ (LRT) ආරම්හකයා මෙන්ම එම ව්‍යාපෘතිය භාරව ක්‍රියාකල ශ්‍රී ලංකා රජයේ  අමාත්‍යවරයා වශයෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රවාහණ ක්ෂේත්‍රය උදෙසා මෙතෙක් සිදුකල  වඩාත් ඉහළම බලපෑම් සහගත, උපායමාර්ගික වශයෙන් විචක්ෂණශිලී සහ මූල්‍ය වශයෙන් වඩාත්ම ලාභදායක ව්‍යාපෘතිය  වර්තමාන රජය විසින් නතර කිරීමට ගනු ලැබූ තීරණය නිසා ජපන් රජයට සහ ජපානයේ ජනතාවට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් මාගේ සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ කණගාටුව ඔබතුමන් වෙත පළකරමි.  

ශ්‍රී ලංකාව ක්‍රමිකව වර්ධනය වෙමින් පවතින රථවාහන තදබදය හේතුවෙන් දැඩිලෙස පීඩාවට පත්ව සිටියි. 

2016 වර්ශයේදී සිදුකරන ලද සමීක්ෂණයකට අනුව අප රටෙහි ප්‍රවාහනය වෙනුවෙන් දරන්නා වූ ජාතික පිරිවැය සීග්‍රයෙන් ඉහළ යමින් පවති.  

එය දළ දේශීය නිශ්පාදිතයෙන් 12%ක තරම් වූ ඉහළ අගයක් පසුකරමින් ඉතා දරුණු අර්බුදයක් දෙසට ගමන් කරමින් සිටින අතර 1990 දශකයේදී ආසියාවේ බොහෝ ආර්ථිකයන් මුහුණදුන් ආකාරයේ දරුණු ආර්ථික පසුබෑමකට හේතුවිය හැකි කරුණක් බවට පත්වෙමින් තිබේ.

2016 වර්ෂයේදී සිදුකරන ලද සමීක්ෂණයකට අනුව අප රටෙහි ප්‍රවාහනය වෙනුවෙන් දරන්නා වූ ජාතික පිරිවැය සීග්‍රයෙන් ඉහළ යමින් පවති. එය දළ දේශීය නිශ්පාදිතයෙන් 12%ක තරම් වූ ඉහළ අගයක් පසුකරමින් ඉතා දරුණු අර්බුදයක් දෙසට ගමන් කරමින් සිටියි.

මෙම තත්වයට පිලියමක් සෙවීම පිණිස ජපානයේ ජයිකා(JICA) ආයතනයේ මූල්‍ය දායකත්වය මත 2008 - 2012 වර්ශයන්හීදි  සිදුකල සමීක්ෂණයකට අනුව බස් ප්‍රමුඛතා මන්තීරු ක්‍රමය (BRT), බස් නව්‍යකරණ වැඩපිළිවෙල, දුම්රිය විදුලියෙන් ධාවනය වන ආකාරයට නවීකරණය කිරීම, දුම්රිය ද්විත්ව මාර්ග සංවර්ධනය සහ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති ආරම්භ කිරීම යන සමෝධානික උපායමාර්ගික වැඩපිළිවෙලක් යෝජනා කරන ලදි.  

 

වඩාත්ම වාසිදායක ව්‍යාපෘතියක් !

පසුව ජපානයේ සහ ශ්‍රී ලංකාවේ විශේෂඥයින් එක්ව 2015-2016 වර්ශයන්හිදී "කොම්ට්‍රාන්ස්" නාගරික ප්‍රවාහන ප්‍රධාන සැලසුම ප්‍රකාරව සිදුකල ගැඹුරු අධ්‍යයනයකින් පසුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) උපායමාර්ගික වශයෙන් වඩාත්ම වාසිදායක ව්‍යාපෘතිය ලෙස හදුනාගන්නා ලදි.

ආරම්භයේදී සැහැල්ලු දුම්රිය මාර්ගයන් ඉදිකල යුතු නාගරික කලාපයන් හතක් හදුනාගනු ලැබූ අතර පසුව එය කලාප 4ක් දක්වා සම්පින්ඩනය කරනු ලැබීය.

ඒ අතරින් කොළඹ කොටුව සහ කඩුවෙල දක්වා වූ මාර්ගය ඉදිකිරීම සදහා ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවට තීරණය විය.  

''ජපානයේ ජයිකා ආයතනය(JICA) මෙම ව්‍යාපෘතිය සදහා 0.1%ක ඉතාම වාසිදායක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ අරමුදල් සැපයීමට ඉදිරිපත් වූ අතර ව්‍යාපෘතියේ උපදේශණ සේවා වෙනුවෙන් ලබාදෙන ණය පහසුකම සදහා වූ වාර්ශික පොළී අනුපාතය 0.01% තරම් කුඩා අගයක් විය.

ඒසේම ණය ගෙවීම සදහා වසර 14ක සහන කාලයක් සේම වසර 40ක් තරම් දිර්ඝ ණය ගෙවීමේ කාලසීමාවක්. ''

ජපානයේ ජයිකා ආයතනය(JICA) මෙම ව්‍යාපෘතිය සදහා 0.1%ක ඉතාම වාසිදායක වාර්ශික පොලී අනුපාතයක් යටතේ අරමුදල් සැපයීමට ඉදිරිපත් වූ අතර ව්‍යාපෘතියේ උපදේශණ සේවා වෙනුවෙන් ලබාදෙන ණය පහසුකම සදහා වූ වාර්ශික පොළී අනුපාතය 0.01% තරම් කුඩා අගයක් විය.  

ඒසේම ණය ගෙවීම සදහා වසර 14ක සහන කාලයක් සේම වසර 40ක් තරම් දිර්ඝ ණය ගෙවීමේ කාලසීමාවක් ලබාදෙන ලදි.

 පසුගිය දශකයක කාලසීමාවේදී ශ්‍රී ලංකා රජය විසින් යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා දියත්කල ව්‍යාපෘති වෙනුවෙන් මූල්‍යමය සහය ලබාගැනීම සදහා 6%-7% වැනි ඉහළ පොළී අනුපාතයන් යටතේ වාණිජ ණය ලබාගත් තත්ත්වයක් යටතේ මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ඉතා වාසිදායක ව්‍යාපෘතියක් විය.  

ශ්‍රී ලංකා රජයේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යෘංශයේ සහ ජපානයේ ජයිකා ආයතනයේ සහයෝගීතාවය මත වසර දෙකක කාලයක් තුලදී සියලූම ශක්‍යතා අධ්‍යයන, ණය ගිවිසුම් සකස් කිරීම සහ ව්‍යාපෘති ආරම්භය කාර්‍යක්ෂමව සිදුකිරීමට හැකියාව ලැබුනු අතර එය ජයිකා ආධාර යටතේ ලෝකයේ සිදුකල වේගවත්ම ව්‍යාපෘති ආරම්භය ලෙස සැලකේ.

2024 වනවිටදී  පැයකට මගීන් 30,000කට සේවය සපයමින් කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීමේ මූලික පරමාර්ථය සහිතව මෙම ව්‍යාපෘතිය  සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පැවතිණි.

නමුත් වර්තමාන රජය විසින් හදිසියේම මෙම ව්‍යාපෘතිය නතර කිරීමට තීරණය කර ඇති අතර ඊට හේතු කවරේද යන්න දැනුවත්ව ඇත්තේ ඔවුන්ම පමණි.  

LRT Champikaජපානය පසුගිය වසර 70 පුරාම ශ්‍රී ලංකාවේ හොද මිත්‍රයෙක්..

ජපානය පසුගිය වසර 70 පුරාම ශ්‍රී ලංකාවේ හොද මිත්‍රයෙකු විය. ජපානය දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංවර්ධන සහකරු බවට පත්වූ අතර අන්තර්ජාතික වශයෙන් අනිසි දේශපාලනික හෝ ආර්ථික බලපෑම්වලින් තොරව එම සහාය අපවෙත ලබාදෙන ලදි.  

දෙරටේ ජනතාව සෑම විටකදීම පාහේ එකිනෙකා කෙරෙහි ඉතාමත් ඉහළ මිත්‍රශීලීභාවයක් සහ ගෞරවයක් පවත්වාගෙන යන ලදි.  

එවන් තත්වයක් යටතේ මෙම ව්‍යාපෘතිය නතර කිරීම සදහා ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ගනු ලැබූ තීන්දුව හේතුවෙන්  ජපාන රජයට සහ එහි ජනතාවට යම් හෝ අපහසුතාවයක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන් මාගේ කණගාටුව ප්‍රකාශ කරමි.  

දෙරට අතර වූ අනොන්‍ය සහයෝගීතාවය සහ දෙරටේ ජනතාව අතර වූ දැඩි මිත්‍රශීලීභාවය  මෙම සිදුවීමෙන් පළුදු නොවී දීර්ඝ කාලීනව පවතිනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි.''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්