කොළඹ අපරාධ කොට්ඨාසයට භාරයට ගත් ප්‍රබල අපරාධ කල්ලි නායකයෙකු වන

සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිකර ඇතැයි වාර්තා වේ.

ඒ, එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සහ මාකඳුරේ මධුෂ් එකිනෙකට මුණගස්වා සිදුකළ ප්‍රශ්න කිරීම්වලදිය.

වසර එකහමාරකට ආසන්න කාලයක් රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි මාකඳුරේ මධුෂ් ඊයේ (17) කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදෙනු ලැබිය. ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහාය.

 

මෛත්‍රී - ගෝඨා ඝාතන කුමන්තණය !!!

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙසින් පොලිසිය විසින් හඳුන්වනු ලබන සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධූෂ් මීට වසර එකහමාරකට පමණ පෙර දී  යහපාලන රජය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මරාදැමීමට සිටිනවා යැයි චෝදනාවක් මතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂත් ඝාතන සැලසුමක් කරළියට ආවේ මාකඳුරේ මධුෂ්ගේ නමත් සමගය.

පසුගිය වසරේ පෙබරවාරි 04 වෙනි දින ඔහු ඇතුළු ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඩුබායි හිදී පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඉන්පසුව ඩුබායි හි අත්අඩංගුවේ පසු වූ ඔහු එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව මැයි 05 අලුයම 5.00 ට කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය.

ගුවන් යානය මගීන්ට බැසීම සඳහා ගුවන් පාළම වෙත සමීප වනවාත් සමගම, ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි ආරක්ෂක නිලධාරීන්ගේ ග්‍රහණයට මධුෂ් පත්විය.

අනතුරුව ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ඔහු යොමු කිරීමට පියවර ගත්හ. ඒ අවස්ථාවේ පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබිය.

 ඉන් පසුව 1 1/2වඩා වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ඔහුගෙන් ප්‍රශ්න කරමින් තිබුණි.

Madush

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මොහුගෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් කල ප්‍රශ්න කිරීම් හමුවේ, ඊට සම්බන්ධ ප්‍රබල ව්‍යාපාරිකයින් හා දේශපාලනඥයින් කිහිප දෙනෙකුගේ ද නම් සඳහන් කර ඇතැයි පැවසේ.

මාකඳුරේ මධුෂ්, මැති ඇමැතිවරුන් සමග සමීපව ඇසුරු කළ බව ආණ්ඩුවට පක්ෂපාති මාධ්‍ය පවා මිට ඉහත දී අනාවරණය කර තිබිණ.

එවැනි තත්වයක් තුල මොහුගේ ජීවිතයට කිසියම් අනතුරක් වීමේ ඉඩක් ඇතැයි lankadawasa වාර්තාකර ඇත.

'' අපිව පාතාලයේ කෙරුවෙත් කූඩු දෙන්නෙත් මහා ලොකු මිනිස්සු…….” මම ඒගොල්ලන්ගෙ රෙදි ගැලවෙන්න සියල්ල හෙළි කරනවා………'' යයි මාකඳුරේ මධූෂ් ඉහල පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇතැයි එම වෙබ් අඩවිය වාර්තා කරයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්