මහා සංඝරත්න ඇතුළු පාර්ශව ගණානාවකින් ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගෙන
20 වන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පතට අදාළව තවත් සංශෝධන තුනක් සිදු කිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
ඒ අනුව අමාත්‍ය මණ්ඩලය 30කට සීමා කිරීම, විගණනය සම්බන්ධ කරුණු 19 වන සංශෝධනය අනුව තැබීම සහ හදිසි පනත් ගෙන ඒම සීමා කිරීමට තීන්දු කොට ඇත.
මෙම සංශෝධන තුනම කාරක සභා අවස්ථාවේදී සිදු කිරීමටද සැලසුම් කර තිබේ.
20 වන සංශෝධනයේ තිබූ වගන්ති ගණනාවක් සම්බන්ධයෙන් ආණ්ඩුවට පක්ෂපාති මහා සංඝරත්නය ඉකුත් දින කිහිපය තුළදීම ප්‍රසිද්ධියේම ආණ්ඩුවට එරෙහිව විරෝධය ප කරමින් වහාම ඊට සංශෝධන ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබිණ.
කෙසේ වුවද ඇමරිකන් පුරවැසි භාවය තබාගනිමින් බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු ඒමට බාධාවක්ව පැවති 19 වන ව්‍යවස්ථාවෙ ද්විත්ව පුරවැසිභාවයට අදාළ වගන්තිය සම්බන්ධයෙන්යෙන් ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වී ඇත.
ඒ සම්බන්ධයෙන් අමාත්‍ය වාසුදේව නානායක්කාර කළ ප්‍රශ්න කිරීම් හමුවේ ජනාධිපතිවරයා සිනාසෙමින් පවසා ඇත්තේ තමා ද ද්විත්ව පුරවැසියෙකු ව සිටි බවයි. ද්විත්ව පුරවැසිභාවයට අදාළ කාරණය සම්බන්ධයෙන් තමාගේ විරෝධයක් නැතැයි ඔහු එහිදී සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් theleader.lk වෙත අදහස් දක්වමින් කැබිනට් අමාත්‍යවරයකු පැවසූයේ ආණ්ඩුවටට පක්ෂපාත භික්ෂූන් වහන්සේලා 20වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා හතරෙන් තුනකටම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි.
එහෙයින් 20 සම්මත කර ගැනීමේ කිසිදු බාධාවක් නැතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.