විමල් විරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල වැනි අමාත්‍යවරුන්ගේ සහය නැතත්

විසිවන සංශෝධනයේ  ද්විත්ව පුරවැසි භාවයට අදාල වගන්තිය මෙන්ම අනෙකුත් ආන්දෝලනයට ලක්ව ඇති වගන්ති ද තුනෙන් දෙකක වැඩි ඡන්දයකින් සම්මත කර ගනිමින් විසිවන සංශෝධනය දිනවීමට 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මේවනවිට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇතැයි එම පක්ෂයේ ප්‍රධානියකු පැවසිය.

ඔහු එබව සඳහන් කර සිටියේ, විස්සේ ඇතැම් වගන්තිවලට පාර්ලිමේන්තුවේ දී තුනෙන් දෙකේ බලයක් ලබා නොදෙමින්, විසිවන සංශෝධනය සම්මත කිරීම සම්න්ධයෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් අතර මේවනවිට සාකච්ජාවක් ආරම්භවී ඇතැයි පැතිරයන කතාබහ පිළිබඳව theleader.lk කල විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරමින් 'පොහොට්ටු' පක්ෂ ප්‍රකාශකයා මෙසේද පැවසිය.

''බැසිල් ලොක්කගේ වැඩ හෙට බලා ගන්න පුළුවන්. සමහර වගන්ති තුනෙන් දෙකකින් සම්මතකර ගන්න විමල්ලා සහය නොදුන්නොත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමකගේ සහය අරන් ඒ වගන්ති සම්මතකර ගන්න බැසිල් ලොක්කා ගේම් ප්ලැන් එක හදලා තියන්නේ.

සජිත්ගේ පක්ෂයේ කිහිප දෙනෙකුත් අපට සහය දෙනවා. ඒ පක්ෂයේ ජාතික ලයිස්තුවේ කෙනෙකුත් හෙට ආණ්ඩුවට එකතු වෙනවා. එනිසා විමල්ල හිටියත් නැතත් ප්‍රශ්නයක් නැහැ.

දැන් දවස් දෙක තුනකට ඉස්සෙල්ල ටිරාන් අලස්ගේ ගෙදර තිබුන සාකච්ජාවේ දී බැසිල් ලොක්කා සහතික වුනා විස්ස මේ විදියට සම්මත කර ගෙන අලුත් ව්‍යවස්ථාව හදනකොට ද්විත්ව පුරවැසියන්ට අදාලව ඉදිරිපත් කරන යෝජනාව ගෙන්න.

බැසිල් මහත්තයා එතැනදී පැහැදිලිව කියල තිබුනා ඒ වෙද්දී එයත් ඇමරිකානු පුරවැසිකම ඉවත්කර ගන්නම් කියල.

 ඒ සාකච්ජාවට විමල්, මහින්දානන්ද වගේම වාසුදේවත් ඇවිල්ල හිටියා.

හැබැයි විමල්ල ආණ්ඩුවේ තීරණයට පිටුපෑවොත් ඒ සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගන්න තීන්දු කරලයි තියන්නේ. තවදුරටත් ඇමතිකම් වල ඉන්නවද නැද්ද කියල දැන් එයාල තීන්දු කරන්න ඕන. 2005 දී මහින්ද මහත්තයාගේ කැම්පේන් මැනේජර් මංගල ඇතුලේ ගේම් ගහන්න එද්දී එයාව දොට්ට දැම්මනම් මේ විමල්ලා කව්ද ?''

 ''විමල්ල ආණ්ඩුවේ තීරණයට පිටුපෑවොත් ඒ සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගන්න තීන්දු කරලයි තියන්නේ. තවදුරටත් ඇමතිකම් වල ඉන්නවද නැද්ද කියල දැන් එයාල තීන්දු කරන්න ඕන. 2005 දී මහින්ද මහත්තයාගේ කැම්පේන් මැනේජර් මංගල ඇතුලේ ගේම් ගහන්න එද්දී එයාව දොට්ට දැම්මනම් මේ විමල්ලා කව්ද ?''

 

බැසිල්ට මනෝගේ -හකීම්ගේ සහය ලැබේද ?

පාර්ලිමේන්තු මැතිවරණ සහ ජනාධිපතිවරණ සදහා තරග වැදීමට, 19 වන සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට පනවා තිබුණු තහනම, යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතැම් පාර්ශව පවා විරෝධය පල කර තිබිය දී, සමගි ජන බලවේගය නියෝජනය කරන රාවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් යන පක්ෂ නායකයන් මිට ඉහත දී ප්‍රකාශකර තිබුනේ, ද්විත්ව පුරවැසියන්ට පනවා තිබෙන තහනම ඉවත් කිරීම සිදු කළ යුතු සංශෝධනයක් බවයි.

19 වන සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ට පැනවූ තහනම පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් සිදු කළ දෙයක් බවත්, 20 වන සංශෝධනය මගින් එම තහනම ඉවත්කිරීම සම්බන්ධයෙන් තමන්ට ප්‍රශ්නයක් නැති බවත් මාධ්‍ය හමුවේ ඔවුන් සඳහන් කර තිබිණ.

දනටත්  රිමෝට් කොන්ට්‍රොලයකින් පාර්ලිමේන්තුවේ කොන්ට්‍රෝල් කරන බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තුව එම ගැන තමන්ට එතරම් ගැටළුවක් නැති බව මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා පැවසිය.

සබැඳි පුවත් :

''මංගල එලියට දාපු අපිට විමල් මහා ලොකු කජ්ජක් නෙමෙයි'' 

බැසිල්-විමල් රහස් කතා!  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්