ඉන්දීය හමුදා ප්‍රහාරයකින් තිස් තුන් වසරකට පෙර ඝාතනය කරණු ලැබූ හැට දෙනකුට

වැඩි නිරායුද ජන සමූහයක් අනුස්මරණය කොට යාපනය රෝහලේ සමරුවක් පවත්වා තිබේ.

මරා දමනු ලැබූ දෙමළ හැට අට දෙනාට ඇතුලත් වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 21 දෙනාගේ  සේයාරූ ඉදිරිපිට වර්තමාන රෝහල් කාර්ය මණ්ඩලය විසින් ඔක්තෝබර් 21 බදාදා පුෂ්පදීප උපහාරයක්  පවත්වන ලදී.

සිද්ධිය සියැසින් දුටුවන් ලබාදී ඇති තොරතුරු අනුව 1987 ඔක්තෝබර් 21 දා උදේ යාපනය මහ රෝහල ෂෙල් ප්‍රහාර වලට ගොදුරු වීමෙන් අනතුරුව අත් බෝම්බ ගසා වෙඩි තැබූ ඉන්දීය සාම සාධක බලකායේ සෙබළුන් රෝහලට කඩා වැදී තිබේ.

''1987 ඔක්තෝබර් 21 දා උදේ යාපනය මහ රෝහල ෂෙල් ප්‍රහාරවලට ගොදුරු වීමෙන් අනතුරුව අත් බෝම්බ ගසා වෙඩි තැබූ ඉන්දීය සාම සාධක බලකායේ සෙබළුන් රෝහලට කඩා වැදී තිබේ.''

යටත් වීමට උත්සාහ කළ රෝහල් සේවකයන්ට වෙඩි තැබූ ඉන්දීය භටයන් විසින් රෝහලෙන් පිටව යන ලෙස අණ කරනු ලැබූ දස දෙනකුගේ සිරුරු පසුදා හමුවූ බව වාර්තා වුනි.

සාම සාධනය සඳහා යැයි රජයේ ආරාධනයෙන් පැමිණ උතුරේ වාඩිලා සිටි ඉන්දීය භටයන් විසින් සිදුකරන ලද පළමු සමූහ ඝාතනයේ 33 වැනි අනුස්මරණයද පවත්වන ලද්දේ මෙයින් දස දිනකට පෙරය.

එහිදී සිහිපත් කරන ලද්දේ කොකුවිල්, පිරම්පඩි හිදී වෙඩි තබා හෝ සන්නද්ධ රථ වලට යට කොට හෝ මරා දමන ලද පනහකට අධික ජනකායයි.

ඉන්දීය හමුදා විසින් ඝාතනය මල්ලාකම්, චුන්නාකම් හා කොල්ලන්කලඩ්ඩි යන ගම්මාන වල වැසියන් ද එදින අනුස්මරණය කරන ලද බව උතුරේ වාර්තාකරුවෝ පවසති.

රෝහල් ප්‍රහාරය ඇතුළු ඉන්දීය සමූහ ඝාතන සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් හෝ හානියට පත් වුවන්ට වන්දි ගෙවීමක් හෝ ගෙවී ගිය තිස් තුන් වසර තුලදී පෝක් සමුද්‍ර සන්ධිය දෙපස කිසිදු ආණ්ඩුවකින් සිදුවී නැත.

''රෝහල් ප්‍රහාරය ඇතුළු ඉන්දීය සමූහ ඝාතන සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් හෝ හානියට පත් වුවන්ට වන්දි ගෙවීමක් හෝ ගෙවී ගිය තිස් තුන් වසර තුලදී පෝක් සමුද්‍ර සන්ධිය දෙපස කිසිදු ආණ්ඩුවකින් සිදුවී නැත.''

ඉන්දීය මැදිහත් වීමෙන් බලය බෙදා හැරීමට විරුද්ධව දියත් කළ සන්නද්ධ අරගලයකින් පරාජය වූ ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුකලෙක එයින් එක් ශ්‍රී ලාංකික ආණ්ඩුවක අමාත්‍ය පදවි ද උසුලන ලදී.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්