20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (21) පස්වරුවේ

ඇල්ලේ ගුණවංශ, මුරුත්තෙට්ටුවේ ආනන්ද යන හිමිවරුන් කැඳවා ඉතා තීරණාත්මක සාකච්ජාවක් පවත්වා ඇතැයි mawratanews.lk වාර්තා කර ඇත.

පැය 2කට ආසන්න කාලයක් පුරා මෙම සාකච්ජාව පැවැත්වී ඇති බව ද එම වෙබ් අඩවිය පවසයි.

මෙහිදී 20 වන සංශෝධනයේ ඇතුළත් කොට ඇති ද්විත්ව පුරවැසිභාවයේ වගන්තිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර දීර්ඝව අදහස් හුවමාරු වී ඇති බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් මෙම සාකච්ජාවෙන් පසු එම හිමිවරුන් දෙනම මේ වනවිට අගමැති මහින්ද රාජපක්ෂ මුණගැසී සාකච්ජා පැවැත්වීම සදහා අගමැති නිල නිවෙසට ගොස් ඇති බවද දැනගන්නට තිබේ.

 

ජනාධිපති විමල්ලටත් එන්න කියයි !

එම හිමිවරුන්ගේ සාකච්ජාවෙන් පසු ද්විත්ව පුරවැසිභාවයට එරෙහිව හඩ නැගු ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයින්ට ද ජනාධිපතිවරයා ගෙන් හදිසි කැඳවීමක් ලැබී ඇතැයි වාර්තාවේ.

වාර්තා වන අන්දමට එම කැඳවීම කර ඇත්තේ, ජනාධිපති ලේකම් කාර්යාලයෙනි.

ඒ අනුව, ජාතික නිදහස් පෙරමුණ, ජාතික හෙළ උරැමය, නව වාමාංශික පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය ඇතුළු පක්ෂ ගනනාවක නායකයින් අද රාත්‍රී ජනපති හමුවිමට නියමිතව ඇත.

 

විමල්ගේ කණ්ඩායමේ 15ක ගෙන් අගමැතිට ලිපියක්

ජනාධිපතිවරයා මෙම කැඳවීම සිදුකර ඇත්තේ, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගුව ඇති ද්විත්ව පුරවැසිභාවයට එරෙහිව හඩ නැගු මන්ත්‍රීවරැන් අගමැති මහින්ද රාජපක්ෂ වෙත බාරදිම සදහා ලිපියකට අත්සන් තැබූ බවට වාර්තා වීමත් සමගය.

එම ලිපිය සදහා ද්විත්ව පුරවැසිභාවයට එරෙහිව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරැන් 15 දෙනෙකුට අධික ප්‍රමාණයක් අත්සන් තබා ඇතැයි වාර්තාවේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්