පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මහමගදී ඝාතනයට ලක් වීම සම්බන්ධයෙන්

බරපතල ලෙස සැක මතු කරන සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් එම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටීමට තීරණය කර තිබේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු හා  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැකකෙරෙන මාකඳුරේ මධුෂ් නමින් ප්‍රකට සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිතගේ ඝාතනය සම්බන්ධයෙන් මුලික අයිතිවාසිකම් නඩුවක් ද ඉදිරියේදී ගොනු කරන බවයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ.

එම කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා පෙන්වා දෙන්නේ  සැකකරුවෙකුට එරෙහිව කුමන ආකාරයේ   චෝදනා පැවතියත් පුරවැසියකු ලෙස ඔහුට අකටයුත්තක්, අසාධාරණයක් සිදු  නොවිය යුතු බවයි.

රටේ සියලුම පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන බවට  ජාත්‍යන්තරය හමුවේත් සහතික වී තිබෙන රටක පොලිස් ආරක්ෂාව යටතේ සිටි සැක කරුවකු මිය යෑම බරපතල තත්වයක් බව පෙන්වා දෙන මානව හිමිකම් නීතිඥයා අවධාරණය කරන්නේ මාකඳුරේ මධුෂ්ගේ මරණය සිදු වු  ආකාරය සම්බන්ධයෙන් පොලිසිය කරන පැහැදිලි කිරීම බරපතල සැක සංකා මතු කරන බවයි.

Senaka pereraරටේ සියලුම පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන බවට ජාත්‍යන්තරය හමුවේත් සහතික වී තිබෙන රටක පොලිස් ආරක්ෂාව යටතේ සිටි සැක කරුවකු මිය යෑම බරපතල තත්වයක් බව පෙන්වා දෙන මානව හිමිකම් නීතිඥ සේනක පෙරේරා අවධාරණය කරන්නේ මාකඳුරේ මධුෂ්ගේ මරණය සිදු වු ආකාරය සම්බන්ධයෙන් පොලිසිය කරන පැහැදිලි කිරීම බරපතල සැක සංකා මතු කරන බවයි.

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවකු පිටත සිටින පිරිසකට කිසියම් ස්ථානයකට හමුවීමට පැමිණෙන ලෙස සිදු කරන ඉල්ලීමකදී එය කැඳවනු ලැබූ පුද්ගලයන්ගේ සැකයට හේතු නොවන්නේදැයි නීතිඥයා ප්‍රශ්න කර සිටී.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාධ්‍ය වෙත පවසා තිබුනේ, මාකඳුරේ මධුෂ් හරහා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් කැඳවා ඔවුන්ගෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් සැලසුම් කර තිබු බවයි.

මානව හිමිකම් නීතිඥ සේනක පෙරේරා පවසන්නේ එවන් තත්වයක් යටතේ  අනතුරක් සිදු  කිරීම සඳහාම මාකඳුරේ මධුෂ් එම ස්ථානයට රැගෙන ගියාද යන සැකය මතු වන බවයි.

පොලිසිය පවසන පරිදි අවුරුදු එකහමාරක් අත් අඩංගුවේ සිටි මියගිය තැනැත්තා සිය සගයන් කැඳවාගෙන ඇත්තේ කොළඹ අපරාධ කොට්ටාශයේ සහකාර පොලිස් අධිකාරි නෙවිල්ද සිල්වාගේ මෙහෙයවීමෙන් පොලිසිය භාරයේ සිට දෙන ලද දුරකතන ඇමතීමකිනි.  

'අධිකරණයක් මගින් වරදකරුවෙක් වන තුරු චුදිතයා නිර්දෝෂී පුද්ගලයකු ලෙස සලකන බව පෙන්වා දෙන නීතිඥ සේනක පෙරේරා අවධාරණය කරන්නේ, මේ ආකාරයෙන් ඝාතන සිදු වීම හරහා අනාවරණය කර ගැනීමට තිබු අපරාධ රාශියක් මෙන්ම අපරාධ කරුවන් රාශියක් හදුනාගැනීමෙන් තොරව යට යන බවයි.'

ඝාතනයට ලක්වු සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් හැදින්වීම සදහා මාධ්‍ය විසින් යොදනු ලබන විශේෂණ පද සම්බන්ධයෙන්ද ප්‍රශ්න කරන නීතිඥ සේනක පෙරේරා පවසන්නේ, ඔහුව විරුද්ධව විවිධ චෝදනා පැවතියත් ඔහු අත්අඩංගුවට ගෙන ගතවු වසර එක හමාරකට අධික කාලය තුලදී එම චෝදනා සම්බන්ධයෙන් අධිකරණක් මගින් ඔහු වැරදි කරුවකු කර නොමැති බවයි.

අධිකරණයක් මගින් වරදකරුවෙක් වන තුරු චුදිතයා නිර්දෝෂී පුද්ගලයකු ලෙස සලකන බව පෙන්වා දෙන නීතිඥ සේනක පෙරේරා අවධාරණය කරන්නේ, මේ ආකාරයෙන් ඝාතන සිදු වීම හරහා අනාවරණය කර ගැනීමට තිබු අපරාධ රාශියක් මෙන්ම අපරාධ කරුවන් රාශියක් හදුනාගැනීමෙන් තොරව යට යන බවයි.

Vijitha herath''ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේ පවසා තිබුනේ මත් ජාවාරමට සම්බන්ධ බවට චෝදනා ලබන දේශපාලකයන් විශාල සංඛ්‍යාවකගේ නම් හෙළි වීම වලවන්නට මධුෂ් ඝාතනය කළේදැයි සැක ඇති වන බවයි. ''

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේ පවසා තිබුනේ මත් ජාවාරමට සම්බන්ධ බවට චෝදනා ලබන දේශපාලකයන් විශාල සංඛ්‍යාවකගේ නම් හෙළි වීම වලවන්නට මධුෂ් ඝාතනය කළේදැයි සැක ඇති වන බවයි.

පාතාල කල්ලි  සාමාජිකයන් පිරිසක් සමග  මාලිගාවත්තේදී සිදුවූ වෙඩි හුවමාරුවකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ මාකඳුරේ මධූෂ් මියගිය බවයි පොලීසිය පවසන්නේ.

පොලිසිය පවසන පරිදි ඔක්තෝබර් 20 දා අළුයම  මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත්තේ, මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා කළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදීය.

Bike police

මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ  ඇපල්වත්ත ලක්ෂිත සෙවන යන ස්ථානයේ සඟවා තිබු හෙරොයින් තොගයක් සොයා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් මාකදුරේ මධුෂ්වද කැටිව එම ස්ථානයට ගොස් සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සමග වෙඩි හුවමාරුවක් ඇතිව තිබෙන බවත් එහිදී ඊට මැදිවූ මාකඳුරේ මධුෂ් ජිවිතක්ෂයට පත්වූ බවත් පොලිස්  මාධ්‍ය ප්‍රකාශක සදහන් කර තිබේ.

එම වෙඩි හුවමාරුවේදී  කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි ප්‍රහාර එල්ල වු බව පොලිසිය පවසයි.

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ් 2019 වසරේ මැයි 5 වන දින එරටින් පිටුවහල් කර ශ්‍රී ලංකාව එවීමෙන් පසු කටුනායක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ බාරයට ගෙන තිබුනි.

තමා ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස මාකදුරේ මදුෂ් ඩුබායි අධිකරණයෙන් ඉල්ලීමක් කළ ද එරට අධිකරණය ඊට අවස්ථාව ලබාදුන්නේ නැත.

වසර එක හමාරකට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි මාකඳුරේ මධූෂ් ඔක්තෝබර් 16 වැනිදා  කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී තිබිණි.

ඔහුගෙන් ලද ඔත්තුවකට අනුව කොටිකාවත්ත ප්‍රදේශයෙන් කෝටි 10ක හෙරොයින් තොගයක් ද  පසුගියදා සොයාගනු ලැබූ බව පොලිසිය පවසයි.

මාකදුරේ මධුෂ්ගේ ඝාතනය සැලසුම් සහගතව සිදු කරන ලද්දක් බවට සැක මතු කරමින්  සමාජ මාධ්‍ය තුළත් දැඩි කතා බහක් ඇතිව තිබේ.

කියවන්න

අලුත් කතාවක් ඕනෑකර තිබේ! -ඇටමැස්සා (47) 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්