20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ අධිකරණ ඇමති,
ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්රි එය තුනෙන් දෙකක බලයකින් සම්මත වී පැය කිහිපයකින් සිය මුහුණු පොතේ "වැඩ පෙන්වනු, නැත්නම් වැනසෙනු! නිදහසට කරුණු දැන් අදාල නැතැ"යි යන අර්ථයෙන් යුතු සටහනක් තබමින් සැර අවවාදයක් කර තිබේ.
එය 20 වන සංශෝධනය හරහා විධායක බලය ලැබුණු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කළ අවවාදයක් ද? නැතිනම් සමස්ත ආණ්ඩුවටම කළ අවවාදයක් ද? යන්න පැහැදිලි නැත.
එම සටහනේ ආසන්න සිංහල පරිවර්තනය මෙසේය:
"ජාතික ආරක්ෂාව සහ පුද්ගල ආරක්ෂාව,
වේගවත් ආර්ථික වර්ධනය,
මත්ද්‍රව්‍ය සහ අපරාධ තුරන් වූ සමාජයක්,
ජාතික එකමුතුකම සහ මිත්‍රත්වය,
සහතික කරනු! නැතිනම් වැනසෙනු!
නිදහසට හේතු දැන් නැත."
අලි සබ්රි අමාත්‍යවරාගේ සටහනේ "පුද්ගල ආරක්ෂාව" ගැන නිශ්චිත ලෙස දක්වා තිබුණද, "පුද්ගල නිදහස" සහතික කිරීම ගැන පිළිබඳ කිසිදු සඳහනක් කර නැත. සමහර විට ජනාධිපතිවරයාට පමණක් නොව, මුලු සමාජයටම සැර අවවාදයක් දෙන්නට අලි සබ්රි අමාත්‍යවරයාට අවශ්‍ය වුවා විය හැකිය.