විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 22දා පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකකට වඩා වැඩි
ඡන්ද ප්‍රමාණයකින් සම්මත වුවද ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටිම දේශපාලන ක්ෂේත්රයේ විශේෂ අවධානයකට යොමුව ඇත.
හිටපු ජනාධිපතිවරයාගේ ස්ථාවරය ඊට දින කිහිපයකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිඛිතව දැනුම්දී ඇති නමුත්, ශ්‍රීලනිපයේ ප්‍රබලයින් පවා නොදැන සිටීම ද විශේෂ කාරණයකි.
මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා පසුගිය 20 දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී ඇත්තේ, තමා ජනාධිපතිවරයා ලෙස සිටින අවස්ථාවේදී තමාගේ නායකත්වයෙන් සිදුවූ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට පාර්ලිමේන්තුව තුළ තමා විසින් ඡන්දය භාවිතා කිරීම තමාගේ ආත්ම ගරුත්වයට සහ දේශපාලන ප්‍රතිපත්තියට මෙන්ම හෘද සාක්ෂියට අනුව නොගැලපෙන දෙයක් බවයි.
''මා ජනාධිපතිවරයා ලෙස සිටින අවස්ථාවේදී මාගේ නායකත්වයෙන් සිදුවූ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට පාර්ලිමේන්තුව තුළ මා විසින් ඡන්දය භාවිතා කිරීම මාගේ ආත්ම ගරුත්වයට සහ දේශපාලන ප්‍රතිපත්තියට මෙන්ම හෘද සාක්ෂියට අනුව නොගැලපෙන දෙයකි.'' - මෛත්‍රීපාල සිරිසේන
19 ව්‍යවස්ථා සංශෝධයේ මාතෘ භූමිය වෙනුවෙන් ප්රජාතන්ත්රවාදය පිළිබඳව යහපත් දේවල් බොහොමයක් අඩංගු වී තිබු බවත්, එය අවභාවිතා කරමින් දූෂිත කරනු ලැබුවේ තමාගේ රජගේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ බවත් හිටපු ජනාධිපතිවරයා එම ලිපියේ සඳහන් කර ඇත.
මෛත්‍රීපාල විසින් ජනාධිපති ගෝඨාභයට යොමුකර තිබු ලිපියේ මෙසේ සඳහන්වේ.
2020/10/20
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා
ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා
20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධවයි
මා ජනාධිපතිවරයා ලෙස ධූරය දැරපු කාලය තුළදී පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මාගේ නායකත්වයෙන් සිදුවූවකි.
එහි මාතෘ භූමිය වෙනුවෙන් ප්රජාතන්ත්රවාදය පිළිබඳව යහපත් දේවල් බොහොමයක් අඩංගු වී තිබුණි.
එය අවභාවිතා කරමින් දූෂිත කරනු ලැබුවේ මාගේ රජගේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
මා ජනාධිපතිවරයා ලෙස සිටින අවස්ථාවේදී මාගේ නායකත්වයෙන් සිදුවූ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට පාර්ලිමේන්තුව තුළ මා විසින් ඡන්දය භාවිතා කිරීම මාගේ ආත්ම ගරුත්වයට සහ දේශපාලන ප්‍රතිපත්තියට මෙන්ම හෘද සාක්ෂියට අනුව නොගැලපෙන දෙයකි.
හිටපු ජනාධිපතිවරයා විදිහට මා පෞද්ගලිකව මුහුණ දෙන තත්ත්වය සැලකිල්ලට ගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි
මෛත්‍රීපාල සිරිසේන
6 වෙනි විධායක ජනාධිපති
මෛත්‍රි, අත්තනෝමතික බලය පැවරීමකට එකඟ නෑ - දයාසිරි
හිටපු ජනාධිපතිවරයා 20 වන ව්‍යවස්ථා සංශෝධනයට සිය ඡන්දය ලබා නොදීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසා සිටියේ නැවත අත්තනෝමතික බලය පැවරීමක් කරන්න හෘදය සාක්ෂියට එකඟව හිටපු ජනාධිපතිවරයාට නොහැකි බවය.
"19 වෙනි ව්‍යවස්ථා සංශෝධන පනත ගෙනාපු කෙනා විදිහට, ඒ බලය අපහු ජනාධිපතිවරයකුට පවරලා, නැවත අත්තනෝමතික බලයක් ලබා දෙන්න මං හිතන්නෑ කවුරුවත් අපි, සිහිබුද්ධියක් තියෙන කවුරුවත්, පනතක් ගෙනාපු කෙනෙක් වැඩ කරයි කියලා. මං හිතන්නෙ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට තිබුණු අර්බුදය ඒකයි..."
ඒ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරමින්,
19 වෙනි ව්‍යවස්ථා සංශෝධන පනත ගෙනාපු කෙනා විදිහට, නැවත ඒ බලය අපහු ජනාධිපතිවරයකුට පවරලා, නැවත අත්තනෝමතික බලයක් ලබා දෙන්න මං හිතන්නෑ කවුරුවත් අපි, සිහිබුද්ධියක් තියෙන කවුරුවත්, පනතක් ගෙනාපු කෙනෙක් වැඩ කරයි කියලා. මං හිතන්නෙ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට තිබුණු අර්බුදය ඒ්කයි...
යැයි දයාසිරි ජයසේකර ඊයේ මාධ්‍ය හමුවේදී පැහැදිලි කළේය.
19 ට අත උස්සපු 55ක් 20ටත් අත් උස්සලා !
හිටපු ජනාධිපතිවරයා එසේ සිය දේශපාලන ප්‍රතිපතිය පවා නොදෙමින්, සිය ආත්ම ගරුත්වය රැකගැනීමට කටයුතු කල ද 19 ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ දී අනුමැතිය දුන් ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් 20 වන සංශෝධනයට ද සහය පළකිරීම විශේෂ කාරණයකි.
20වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් අතරින් 55 දෙනෙක් 19වැනි ව්‍යවස්ථා සංශෝධනයටත් පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත.
(Manthri.lk)