ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ විසිවෙනි සංශෝධනයට එරෙහි වීමට තීන්දු කර තිබිය දී ඊට එරෙහිව යමින්

විසි වෙනි සංශෝධනයට පක්ෂව ඡන්දය පාවිච්චි කළ මන්ත්‍රීවරුන් පිරිස පාර්ලිමේන්තු කණ්ඩායමෙන් නෙරපීමට සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ඊයේ තීරණය කර ඇත.

එම තීන්දුව ගෙන ඇත්තේ, ඊයේ (23) පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 2 දී පැවැති සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක දිය.

එහිදී විශේෂ තීන්දු කිහිපයක් ගෙන ඇති අතර එම තීන්දු මෙසේය.

ඒ අනුව, 

(01) -  ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ විසිවෙනි සංශෝධනයට එරෙහි වීමට සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ත්‍රයි රේඛීය දැනුම්දීමක් මත (three line whip) ඒකමතිකව තීන්දු කර තිබිය දී ඊට එරෙහිව යමින් විසි වෙනි සංශෝධනයට පක්ෂව ඡන්දය පාවිච්චි කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව විශේෂ විනය ක්‍රියාමාර්ගයක් ගන්නට තීන්දු කර ඇත.

ඒ අනුව, එහි පළමු පියවර ලෙස එම පිරිස පාර්ලිමේන්තු  කණ්ඩායමෙන් නෙරපන්නට තීරණය කර තිබේ.

(02) - සමගි ජනබලවේගයේ  මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ තීන්දුවට පටහැනිව  සංශෝධනයට පක්ෂව සහයෝගය ලබාදුන් පිරිසට එරෙහිව නීත්‍යානුකූලව විනය පියවර ගැනීමට  තීන්දු කර ඇත. 

(03) - පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේ ක්‍රියාවලිය තුල එම පිරිස් සමගි ජනබලවේගයේ කණ්ඩායමින් වෙන්ව අසුන් පැනවීම උදෙසා කතානායකවරයා දැනුවත් කිරීමට තීන්දු කරනු තිබේ.

(04) -   සමගි ජනබලවේගය විසින් කොරෝනා උවදුර සමනය වූ සැනින් පක්ෂයේ  දීප ව්‍යාප්ත ප්‍රවර්ධන කටයුතු ආරම්භ කිරීමට ද තීන්දු කර ඇත.

ඉහත ක්‍රියාමාර්ග කඩිනමින් ගෙන සමගි ජනබලවේගය ශක්තිමත්, ජනතාවාදී බලවේගයක් බවට පත් කිරීමට කටයුතු කිරීමට ඒකමතිකව තීන්දු කරනු ලැබූ බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.

 

20ට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරු :

විසි වෙනි ව්‍යවස්ථාවන ව්‍යවස්ථා සංශෝධනයේ දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ලබා දුන් 156 අතුරින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව පහත දැක්වේ.  

  1. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ

  2. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ්

  3. මුස්ලිම් ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ.එස්.එම්. රහීම්

  4. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසීම්

  5. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම්. හාරිස්

  6. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තවුෆීක්

  7. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර්

  8. සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්