අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව රැදවුම් නියෝග යටතේ දීර්ඝ කාලයක් රදවාගෙන සිටින සිරකරුවන්ගේ ජීවිත ආරක්ෂාව බරපතල අනතුරකට වැටී ඇති බවට බිය පලවී තිබේ.

වසර එක හමාරකට ආසන්න කාලයක් පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙක් මහමගදී ඝාතනයට ලක් වීමත් සමග එම අවදානම මතුව ඇති බව සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් මෙන්ම රැඳවුම් නියෝග යොදාගනිමින් සිරකොටගෙන ඉන්නා සැකකරුවන්ගේ ඥාතීන් ද පවසති.

"ඒ වගේම දැන් මේ වෙන කොට අපිට ඉතාමත්ම පැහැදිලි වෙනවා මේ ආකාරයට අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැතුව රැදවුම් නියෝග ලබා ඉන්න සිරකරුවන් සම්බන්ධයෙන් බරපතල, ඒ පුද්ගලයන්ගේ ජීවිත සම්බන්ධයෙන් අවදානමක් මතු වෙලා තියනවා," යි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ඒ බව සදහන් කළේ, සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු හා  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැකකෙරෙන මාකඳුරේ මධුෂ් නමින් ප්‍රකට සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිතගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස මානව හිමිකම් කොමිසමට ඊයේ (23) දින පැමිණිලි කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


 රැදවුම් නියෝග ලබා සිටින සිය සමීපතමයන්ට කෙබදු ආකාරයේ  ඉරණමක් අත්වේදැයි ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ට බරපතල සැකයක් ඇති වී තිබෙන බව පවසන නීතිඥ සේනක පෙරේරා ඔක්තෝබර් 23 සිකුරාදා Senaka Sudesh 2මානව හිමිකම් කොමිසම ඉදිරිපිටදී වැඩි දුරටත් මාධ්‍ය වෙත කියා සිටියේ එම සැකය, තර්ජනය හා අවදානම නැති කිරීම සදහා රජය වහා මැදිහත් විය යුතු බවයි.


''පහළොස් මාසයක් තිස්සේ පොලිස් අත්අඩංගුවේ සිරකොටගෙන ඉන්නා තම සැමියාටත් මධුෂ් ගේ ඉරණමම අත්වේදැයි ඔහුගේ බිරිඳ මානව හිම්කම් කොමිසම ඉදිරිපිටදී, මාධ්‍යවේදීන් හමුවේ ප්‍රශ්න කළේ මහත් වියවුලින් යුතුවය.''

පහළොස් මාසයක් තිස්සේ පොලිස් අත්අඩංගුවේ සිරකොටගෙන ඉන්නා තම සැමියාටත් මධුෂ් ගේ ඉරණමම අත්වේදැයි ඔහුගේ බිරිඳ මානව හිම්කම් කොමිසම ඉදිරිපිටදී, මාධ්‍යවේදීන් හමුවේ ප්‍රශ්න කළේ මහත් වියවුලින් යුතුවය.

ඇය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලද තවමත් විභාග කර නැත.

මධුෂ් ඝාතනය සිදුවූ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මීට පහළොස් මාසයකට ඉහතදී අත්අඩංගුවට ගත් සිය සැමියා සම්බන්ධයෙන් මේ දක්වා අධිකරණ ක්‍රියාමාර්ග නොගැනීම පිළිබදව විමර්ශනය කරන ලෙස කලින් කළ පැමිනිල්ලක් මතක් කර දීම සදහා මානව හිමිකම් කොමිසම වෙත අද දිනයේත් පැමින සිටි අලුත්ගම පදිංචි දිලිනි නදීෂා ද අවධාරණය කර තිබුනේ සිය සැමියාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති බියයි.

"මට තියන එකම බය මේ වගේ මදුෂ් කියන කෙනාට වෙච්ච මේ දේ මගේ මහත්තයාටත් වෙන්න බොහෝ දුරට ඉඩ තියනවා. ඒ වගේ බයක් තියෙන්නේ " ඇය වැඩි දුරටත් සදහන් කළාය.

බලධාරීන් තම සැමියා ගැන කිසි තොරතුරක් ලබා නොදෙන බව දිලිනි නදීෂා වැඩිදුරටත් කියා සිටියාය.

නඩු නැතිව සැකකරුවන් දීර්ඝ කාලයක් රඳවාගෙන තැබීමට ඉඩ සලසන රැඳවුම් නියෝග සඳහා අනුමැතිය දෙමින්  අත්සන් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.

නඩු නැතිව සැකකරුවන් දීර්ඝ කාලයක් රඳවාගෙන තැබීමට ඉඩ සලසන රැඳවුම් නියෝග සඳහා අනුමැතිය දෙමින් Sudeshඅත්සන් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.

මාකඳුරේ මධුෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා මානව හිමිකම් කොමිසමට පැමිනිලි කිරීම සදහා පැමිණ සිටි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා කියා සිටියේ පොලිස් අත්අඩංගුවේ සිටි මාකඳුරේ මධුෂ් ගේ ඝාතනයට  පොලීසිය සම්බන්ධ නොමැතිනම් ඊට සම්බන්ධ කල්ලිවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවය.


 පොලිස් අත්අඩංගුවේ සිටින සිරකරුවන්ට නිසි ආරක්ෂාවක් නොදීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට එරෙහිව  නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවත් ඔහු සදහන් කළේය.


 "මේ වෙනකොට ඒ පොලිස් නිලධාරීන් අඩුම තරමින් වැඩ තහනමකට හරි ලක්වෙන්න ඕනේ. නමුත් ඒ කිසිම දෙයක් වෙලා නෑ. මධුෂ්ලා කියන අය උපතින්ම වැරදිකාරයෝ නෙමෙයි. මේ සමාජ ක්‍රමයත් එක්ක තමයි ඒ අය වැරදිකාරයෝ බවට පත් වෙන්නෙ. මේවට නිසි පුනරුත්ථාපන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි," සුදේශ් නන්දිමාල් සිල්වා මාධ්‍යවේදීන් හමුවේ වැඩි දුරටත් සදහන් කළේය.


පාතාල කල්ලි  සාමාජිකයන් පිරිසක් සමග  මාලිගාවත්තේදී සිදුවූ වෙඩි හුවමාරුවකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ මාකඳුරේ මධූෂ් මියගිය බව පොලීසිය සදහන් කරයි.

 පොලිසිය පවසනස පරිදි ඔක්තෝබර් 20 දා අළුයම මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත්තේ, මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා කළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදීය.

 මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ  ඇපල්වත්ත ලක්ෂිත සෙවන යන ස්ථානයේ සඟවා තිබු හෙරොයින් තොගයක් සොයා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් මාකදුරේ මධුෂ්වද කැටිව එම ස්ථානයට ගොස් සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සමග වෙඩි හුවමාරුවක් ඇතිව තිබෙන බවත් එහිදී ඊට මැදිවූ මාකඳුරේ මධුෂ් ජිවිතක්ෂයට පත්වූ බවත් පොලිස්  මාධ්‍ය ප්‍රකාශක සදහන් කර තිබේ.

 එම වෙඩි හුවමාරුවේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස්  නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි ප්‍රහාර එල්ල වු බව පොලිසිය පවසයි.

Makadure Madush 0

 ඩුබායිහිදී අත්අඩංගුවට ගත්  මාකඳුරේ මධුෂ් 2019 වසරේ මැයි 5 වන දින එරටින් පිටුවහල් කර ශ්‍රී ලංකාව එවීමෙන් පසු  කටුනායක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ බාරයට ගෙන තිබුනි.

 තමා ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස මාකදුරේ මදුෂ් ඩුබායි අධිකරණයෙන් ඉල්ලීමක් කළ ද එරට අධිකරණය ඊට අවස්ථාව ලබාදුන්නේ නැත.


'' මාකදුරේ මධුෂ්ගේ ඝාතනය සැලසුම් සහගතව සිදු කරන ලද්දක් බවට සැක මතු කරමින්  සමාජ මාධ්‍ය තුළත් දැඩි කතා බහක් ඇතිව තිබේ.''


වසර එක හමාරකට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි මාකඳුරේ මධූෂ් ඔක්තෝබර් 16 වැනිදා  කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී තිබිණි.

 ඔහුගෙන් ලද ඔත්තුවකට අනුව කොටිකාවත්ත ප්‍රදේශයෙන් කෝටි 10ක හෙරොයින් තොගයක් ද  පසුගියදා සොයාගනු ලැබූ බව පොලිසිය පවසයි.

 මාකදුරේ මධුෂ්ගේ ඝාතනය සැලසුම් සහගතව සිදු කරන ලද්දක් බවට සැක මතු කරමින්  සමාජ මාධ්‍ය තුළත් දැඩි කතා බහක් ඇතිව තිබේ.

කියවන්න :
අලුත් කතාවක් ඕනෑකර තිබේ! -ඇටමැස්සා (47)


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්