ඇමෙරිකානු ජනාධිපතිවරණයට තවත් දින කිහිපයක්  ඉතිරිව පවතින අතරේ

තවත් රැලියකට එක්වීම සඳහා ජනාධිපති ට්‍රම්ප් පෙන්සිල්වේනියා ප්‍රාන්තය වෙත යද්දී ඔහුගේ දියණිය රිපබ්ලිකන් පක්ෂයේ සමරිසි වැඩසටහනකදී කළ අතපසුවීමක් කෙරෙහි විශේෂ අවධානය යොමු වෙලා.

ට්‍රම්ප් කඳවුරේ එම ප්‍රචාරක වැඩසටහන ඇමතූ ටිෆනි ගේ වීඩියෝවක් අන්තර්ජාලයේ පළවීමෙන් අනතුරුව, ජනාධිපතිවරයාගේ බාල ම හා වැඩිදෙනා දැන නොසිටි දියණිය හාස්‍යයට ලක්වෙමින් තිබෙනවා.

"මගේ තාත්තා විශ්වාස කරන්නේ මොකක්ද කියා මා දන්නවා" යැයි සැලකිය යුතු ජනතාවක් හමුවේ ඇය පැවසුවා.

දේශපාලනයට කළින් ඔහු (ජනාධිපති ට්‍රම්ප්) - සමරිසි ස්ත්‍රී පුරුෂයින් ඇතුළුව වෙනස් ලිංගික නැඹුරුතාවක් ඇති ප්‍රජාව හඳුන්වන- "LGBQI... IA+ ප්‍රජාවට සහය දුන්නා" යැයි ද ඇය කියා සිටියා.

එහිදී සංක්‍රාන්ති ලිංගිකයින් හැඳින්වීමට යොදන "T" අකුර ඇතුළත් කිරීමට ඇය අමතක කළ බව පවසන විවේචකයින් ඇයගේ පියාගේ පරිපාලනය LGBT අයිතිවාසිකම් අයිතිවාසිකම් හැකිලීම දෙසට එය යොමු කරනවා.

LGBT TrumpTrump in 2016 holding up the rainbow flag

උදාහරණයක් ලෙස ගතහොත්, LGBTQ ප්‍රජාවේ ගැටලු ගැන ජනාධිපති ට්‍රම්ප් ප්‍රසිද්ධියේ කතා කරන්නේ ඉතා කලාතුරකින්.

සංක්‍රාන්ති ලිංගිකයින් හමුදා සේවයේ යෙදීම ඔහු තහනම් කළා වගේම ප්‍රසිද්ධ පාසල්වල සංක්‍රාන්තික ශිෂ්‍යයින් ආරක්ෂාව සඳහා ඔබාමා පාලන සමයේ යෙදූ පියවර ඔහු වෙනස් කළා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දෙවැනි විවාහය වූයේ මාර්ලා මේපල්ස් නම් නිළිය සමගයි. එම විවාහයේ එක ම දරුවා වූ ටිෆනි මෙවැනි අවධානයකට ලක්වීම ඇයට එක් අන්දමක වෙනසක්. ටිෆනි සාමාන්‍යයෙන් සිය පියාට එතරම් සමීප යැයි සැලකුණේ නැහැ.

පසුගිය අගෝස්තුවේදී පැවැති රිපබ්ලිකන් ජාතික සමුළුවේදී ටිෆනි කළ කතාව සිය පියා පිළිබඳ පුද්ගලික කතා පිළිබඳ දැනුමකින් තොර වූවක් බව විචාරකයන්ගේ අදහසයි. ඒ වෙනුවට සිදුවූයේ ඔහුගේ ප්‍රතිපත්ති තහවුරු කිරීමක්.

(BBC සිංහල සේවය)
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්