තම ඉල්ලීම අනුව ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් වන කරුණ 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන්
ඉවත් නොකර එය සම්මත කිරීම සම්බන්ධයෙන් කණගාටු වන බව පැවිදි හඬ සංවිධානය පවසයි.
එම සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසුවේ, ඉදිරියේදී ගෙන එන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ තමන් ඇතුළු මහා සංඝරත්නය කළ ඉල්ලීමට ආණ්ඩුව ඇහුම්කන් දෙනු ඇතැයි තමන්වහන්සේ විශ්වාස කරන බවයි.
20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට වෙනත් පිරිසකගේ සහයෝගය ලබා ගැනීම සම්බන්ධයෙන් ද සතුටු විය නොහැකි බව ද පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩිදුරටත් සඳහන් කළහ.
ජාතික සංවිධාන සම්මේලනයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඒ සම්බන්ධයෙන් අදහස් පළකරමින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු ඒමට ඉඩකඩ සැලසීම ගැන කනස්සල්ල පළහ.