පාර්ලිමේන්තුවේ සිටින ප්‍රාණ ඇපකරුවන් ද්විත්ව පුරවැසි නීතියට එරෙහිව ඡන්දය ලබා දුන්න ද ආණ්ඩුවට පක්ෂපාති අතිබහුතරයක් ඊට විරුද්ධ බව අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.
උන්වහන්සේ මේබව පැවසුයේ, අගමැති මහින්ද රාජපක්ෂ සමග දීර්ඝ සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවා සිය ස්ථාවරය පැහැදිලි කරමිනි.
 
20 වෙනි සංශෝධනය මුස්ලිම් අට දෙනෙකුගේ බලයෙන් සම්මත කරගැනීම බලවත් සැකයට හේතුවක් බව පැවසු ආනන්ද හිමියෝ, 20 සම්මත කර ගැනීමේදී ජනතාව දුන් තුනෙන් දෙකේ බලයට වඩා ලක්ෂ 500ක් වටිනා මුස්ලිම් මන්ත්‍රිවරුන් වැදගත් වී ඇති බව ඇතැමුන් කියන බවද සදහන් කළහ.
 
එමෙන්ම ආණ්ඩුව තුළ අද ප්‍රතිපත්තියක් නැති දෙපත් නයිද සිටින බව පැවසු උන්වහන්සේ, 20 වන සංශෝධනයට ඇතැම් මැති ඇමැතිවරුන් විරුද්ධ වුවද තමතමන්ගේ ඇමැති පුටු ‌බේරා ගැනීම වෙනුවෙන් ඊට පක්ෂව ඡන්දය භාවිත කොට ඇති බව කීහ.
''අපි නෑ කිව්වට මෛත්‍රීට හොඳ කොන්දක් තියෙනවා''
 
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොන්දක් නැතැයි කිව්ව ද ඔහුට හොඳ කොන්දක් ඇති බව 20 වෙනි සංශෝධනයට ඡන්දය දීමට නො පැමිණීමෙන් තහවුරු වන බව ද එහිමියෝ පැවසුහ.
 
ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ජනාධිපතිවරයා නොමග යවමින් සිටින බව පැවසු උන්වහන්සේ, ජනාධිපති ලේකම් වරයා ඉවත්කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියේය.
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්