“රාජපක්ෂවරු ගැන අපි හොඳට දන්නවා, ඔවුන් අළුත් ව්‍යවස්ථාව ගේන්නේ නෑ”

යයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අවධාරණය කර සිටියි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, aithiya.lk සමග පැවති සාකච්ජාවක දිය.  හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක එම කාරණය පැහැදිලි කරමින් තවදුරටත් මෙසේද සඳහන් කරයි.

'' අපි දන්නවා 2011 අවුරුද්දේ 18 වැනි සංශෝධනය ගෙන එන වෙලාවෙත් මේකම තමයි සිද්ධ වුණේ. ඒ වෙලාවේ ආණ්ඩුවට 144 යි තිබුණේ. 

ඒ වෙලාවේ මුස්ලිම් කොන්ග්‍රසයේ 7 දෙනෙක් මේ පැත්තට ගත්තා. එජාපයේ අයත් ආවා. එහෙම අරගෙන තමයි 160 ක බහුතරයක් හදාගෙන 18 වැනි සංශෝධනය සම්මත කරගත්තේ. 

ඒ වෙලාවේ ඔය අද වගේම නොයෙකුත් පොරොන්දු දුන්නා. විධායක ජනාධිපති ධුරය කප්පාදු කරනවා කිව්වා. අපිව සනසන්න පළාත් සභා ක්‍රමයට සංශෝධන ගේනවා කිව්වා. 

මේ වගේ බොරු පොරොන්දු ගනනාවක් දීලා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 18 වැනි සංශෝධනය සම්මත කරගත්තේ. 

''මේ වගේ බොරු පොරොන්දු ගනනාවක් දීලා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 18 වැනි සංශෝධනය සම්මත කරගත්තේ. ''

ඊට පස්සේ එතුමා ඒවා ගැන කතා කළේ වත් නැහැ. මෙවරත් එහෙම්මමයි.  අලුත් ව්‍යවස්ථාවක් සෑදීම සඳහා යැයි කියමින් රොමේෂ් ද සිල්වාගේ නායකත්වයෙන් හදලා තියෙනවා කණ්ඩායමක්. 

පසුගිය දා අමරපුර සහ රාමාඤ්ඤ කියන නිකායන්වල නායකයින් සහ මේ ආණ්ඩුව බලයට ගේන්න වැඩකරපු ජාතිකවාදී නායකයින් අලුත් ව්‍යවස්ථාවක් ඉල්ලලා තිබෙනවා. 

ඔවුන්ට මේ නායකයෝ කියන්නේ එම ව්‍යවස්ථාව ගේනවා කියලා.  නමුත් රාජපක්ෂවරු ගැන හොඳට දන්න අපිට විශ්වාසයි ඒ ව්‍යවස්ථාව ගේන්නේ නෑ කියලා.

20 සංශෝධනය මගින් විධායකයේ බලය, විවස්ථාදායකයේ බලය සහ අධිකරණයේ බලය තනි පුද්ගලයෙක් අතට ගැනීම තමයි මෙහි යට තිබුන සරළම කාරණය. 

බලය තනි පුද්ගලයෙක් වටේ සංකේන්ද්‍රනය වුණාම රට සංවර්ධනය කරන්න ලේසියි කියලා ජේ ආර් ජයවර්ධන මහත්තයාත් හිතුවා, ඒත් එතුමාගේ පාලනය නිමාවුණේ දැවැන්ත ලේ වැගිරීමකින්. 

1988ජේ ආර් ගේ පාලනය නිමාවුණේ දැවැන්ත ලේ වැගිරීමකින්. 

ඉතිං මේ රට නැවත ප්‍රජාතන්ත්‍රවාදය හැකිලෙමින් තනි ඒකාධිපති මතයකට යෑමෙන්, එවැනි ලේ වැගිරීමකට පාර කැපෙන, අධිකරණයේ ස්වාධිනත්වය අහෝසි වෙලා නීතිය පිළිබඳ ජනතා විශ්වාසය අහෝසි වෙලා, නීදහස පිළිබඳ අදහස අහෝසි වෙලා, මැතිවරණ ක්‍රමය පිළිබඳ විශ්වාසය අහෝසි වෙලා, ගියොත් නැවත මේ රට සන්නද්ධ බලවේග වලට නතුවෙන රටක් බවට පත්වීමේ අනතුර තිබෙනවා.  

ඒක ඉතාම පැහැදිලිව කියන්න ඕනෑ. 

මොකද මේවගේ තත්ත්වයක් මීට සියවස් ගානකට කළින් ප්‍රංසයේ ඇතිවුණා.  ප්‍රංසයේ රජ පවුල රාජ්‍යත්වයෙන් එළවලා දාලා ප්‍රංස විප්ලවයක් ඇතිවුණා. එහිදී ජනරජයක් බිහි වුණා. 

Napoleonඑහි අරමුණ වුණේ රජවරුන් නැතුව ජනතාවගේ හැකියාවට කුසලතාවයට, මුල් තැන දීලා රට පාලනය කරන එක. එහි නායකත්වය ගියේ නැපෝලියන්ට. 

නැපෝලියන් තමයි යුරෝපයට කුසලතාවාදය කියන දේ හඳුන්වා දුන්නේ. නමුත් ටික කාලයක් ගියාම නැපෝලියන් අධිරාජ්‍යා වුණා. 

ඊළඟට ඔහු රට ලෝකය අල්ලගෙන පැරීසියට දැවැන්ත ධනයක් අරගෙන එන වෙලාවේ ඔහුගේ අමාත්‍යවරයෙක් උන ටෙලිරාන් ඓතිහාසික ප්‍රකාශයක් කළා.  ඒ මොකද්ද? ඔහු කිව්වා බයින්නෙත්තුවලට බොහෝ දේවල් ලබාගන්න පුලුවන්, හැබැයි ඒවා මත හිඳ සිටීම එතරම් සැහැල්ලු සරළ දෙයක් නෙවෙයි, ඒක විනාශකාරී දෙයක් කියලා. 

මේ රටටත් මේ ඇතිවෙමින් යන බැරැක්ක කරණය හමුවේ, එය ලැබෙන්නට නියමිත බව කිව යුතුයි.

''බයින්නෙත්තුවලට බොහෝ දේවල් ලබාගන්න පුලුවන්, හැබැයි ඒවා මත හිඳ සිටීම එතරම් සැහැල්ලු සරළ දෙයක් නෙවෙයි, ඒක විනාශකාරී දෙයක්'' - ටෙලිරාන්

(උපුටා ගැනීම් : aithiya.lk - කේ. සංජීව)    

9824f359 b596 4b4b 9d64 7f68ac8bf841

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්