ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය විශ්වවිද්‍යාලයක් හා ඒකාබද්ධව, වෘත්තීය අධ්‍යාපනය ලබාදෙන පෞද්ගලික අධ්‍යාපන ආයතනයක්, මුදල් ගෙවන සිසුන් අද්දවා ගැනීම සඳහා සිය ආචාර්ය මණ්ඩලය පිළිබඳව ප්‍රසිද්ධියට පත්

කොට ඇත්තේ අසත්‍ය තොරතුරු බව හෙළිවී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, අධ්‍යයන සහකරු වශයෙන් කටයුතු කරන පාරිසරික සංචාර, වනජීවී සහ සොබාදහමේ අර්ථ නිරූපණය සඳහා වන ඇකඩමිය (AEWNI - Academy of Eco Tourism, Wildlife & Nature Interpretation) විසින්, ඊට කිසිම සම්බන්ධයක් නැති තමන්ගේ නම එහි කථිකාචාර්යවරියක ලෙස වංචා සහගත අයුරින් ප්‍රසිද්ධියට පත් කර ඇති බව ජාත්‍යන්තර කීර්තියට පත් සමුද්‍ර ජීව විද්‍යාඥවරියක් චෝදනා කරයි. 

“මගේ දැනුවත් භාවයකින් හෝ අවබෝධයකින් තොරව ඇකඩමිය කථිකාචාර්යවරියක ලෙස මගේ නම ඔවුන්ගේ වෙබ් අඩවියේ පල කර තිබෙනවා,” යි ආචාර්ය ආශා ද වොස් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවට සටහනක් එකතු කරමින් ප්‍රකාශ කර සිටී.

Ashadevos

"මම ඒ සම්බන්ධයෙන් දැන ගත්තේ මං වගේම ඒ ලැයිස්තුවේ  නම් කර  ඇති වෙනත් කෙනෙක්ගෙන්. ඔවුන්ගේ වෙබ් අඩවිය පරීක්ෂා කරලා ඔවුන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සහාය ලබන බව හොයා ගන්න කල් එහෙම ආයතනයක් ඇති බවක් හෝ මම දැන සිටියේ නැහැ.

"  AEWNI ආයතනයේ මෙම වංචාව හෙළිකළ, ආශා ද වෝස් යනු ශ්‍රී ලාංකික සමුද්‍ර ජීව විද්‍යාඥවරියක සහ උතුරු ඉන්දියන් සාගරයේ නිල් තල්මසුන් පිළිබඳ පර්යේෂණයන්හි පුරෝගාමී කාන්තාවකි.

ඇය 2008 දී ශ්‍රී ලංකාවේ නිල් තල්මසුන් ව්‍යාපෘතිය ආරම්භ කළ අතර එය උතුරු ඉන්දියන් සාගරයේ නිල් තල්මසුන් පිළිබඳ පළමු දිගුකාලීන අධ්‍යයනය ලෙස සැලකේ.

2018 දී බීබීසී ය (BBC) විසින් ලොව පුරා සිටින ආකර්ෂණීය හා බලගතු කාන්තාවන් සිය දෙනා අතරට ඇයද තෝරා ගන්නා ලදී.

මේ පිළිබඳව දැනුවත් වූ වහාම ඇය විසින් පැහැදිලි කිරීමක් ඉල්ලා පාඨමාලා සම්බන්ධීකාරකවරයාට ඊමේල් ලිපියක් යොමු කර ඇය එම ආයතනයේ උගන්වන බවට පලකොට ඇති තොරතුරු ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ඉවත් කරන ලෙස ඉල්ලා තිබේ.

ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාඨමාලා සම්බන්ධීකාරකගෙන් ඇයට ලැබී ඇති ප්‍රතිචාරය වී ඇත්තේ, මූලික වශයෙන් එය ඔහුගේ වරදක් නොව වෙබ් අඩවිය සකස් කළ පුද්ගලයාගේ වරදකින් එය සිදුවී ඇති බවයි. 

''ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාඨමාලා සම්බන්ධීකාරකගෙන් ඇයට ලැබී ඇති ප්‍රතිචාරය වී ඇත්තේ, මූලික වශයෙන් එය ඔහුගේ වරදක් නොව වෙබ් අඩවිය සකස් කළ පුද්ගලයාගේ වරදකින් එය සිදුවී ඇති බවයි. ''

පසුදා උදෑසන ඇයට මෙම වෙබ්අඩවිය සකස් කිරීමට සම්බන්ධ යැයි හදුන්වාගත් පුද්ගලයෙකුගෙන් ඇමතුමක් ලැබී ඇති අතර, සමහර ලිපි විශ්ව විද්‍යාලය විසින් යවන ලද නමුත් වෙනත් අයකුගේ වැරදි සන්නිවේදනයක් හේතුවෙන් ඔහු අතින් මෙම වරද සිදුව ඇති බවත්, මෙය තවත් ඉදිරියට යෑමෙන් රැකියා අහිමි වීම් පවා සිදුවිය හැකි බවට දීර්ඝ පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර තිබේ.

 

“අතපසු වීමක්”

Ashadevos Aewinවඩාත් විස්මය උපදන කරුණ වන්නේ ආචාර්ය ද වොස්ගේ හෙළිදරව්වෙන් පසු ඇයගෙන් සමාව ඉල්ලා සිටින සටහනක් පළකරමින් AEWNI ඇගේ නම පලකිරීමට පෙර අවසර ගැනීම “අතපසු වූ” බව පවසා තිබීමයි. 

මෙහිදී  ආචාර්ය ද වොස් මතු කරන ගැටළුව නම්, යම් අයකුට ඇය මෙම ආයතනයට සම්බන්ධ බවට වැරදි වැටහීමක් යමකුට ඇති වූවා නම්, එම වෙබ් අඩවියේ ඇතුලත් කළ යුතු ඇගේ තොරතුරු, ඇය අමතා ලබා ගන්නවා මිස, අන්තර්ජාලයේ ඇති ඡායාරූපයක් සොරාගෙන සාවද්‍ය ජීව දත්ත පල කරනුයේ කුමකට ද යන්නයි.

විශේෂයෙන්ම විශ්ව විද්‍යාල පීඨය පදනම් කරගෙන සිසුන් මෙවැනි පාඨමාලා සඳහා ලියාපදිංචි වන බව පෙන්වා දෙන ඇය මුදල් ගෙවා හැදෑරිය යුතු පාඨමාලා සඳහා සිසුන් අද්දවා ගැනීම සඳහා සාවද්‍ය තොරතුරු භාවිතා කර ඇති බව පැහැදිළි කරයි.

සිසුන් ආකර්ෂණය කර ගැනීම සඳහා ඔවුන් ඕනෑම උපක්‍රමයක් භාවිතා කිරීමට සූදානම් බව මෙයින් පෙන්වන බව ප්‍රකාශ කරන ආශා ද වෝස්, තමන් පමණක් නොව, එම ලැයිස්තුවේ සඳහන්ව තිබූ තවත් සමහරුන්ගේ ද කැමැත්ත ලබාගෙන නොතිබූ බව සිය ට්විටර් ගිනුමේ සදහන් කර තිබේ.

 

වෙබ් පම්පෝරිය:

සහතිකපත්‍ර, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා සහ Bsc උපාධිය දක්වා පාඨමාලා ඉදිරිපත් කර ඇති මෙම අධ්‍යාපන ආයතනය මගින් රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි ආචාර්යවරුනගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් තමන් සතු බවට සිය වෙබ්අඩවියේ මුල් පිටුව මගින් නිවේදනය කර තිබේ.

Aewin1

කෙසේ වෙතත් දැනට අයැදුම් කිරීම සඳහා ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ රු. 25,000/- සිට රු. 55,000/- දක්වා මිල ගණන් වලින් යුක්ත සහතික පත්‍ර සහ උසස් සහතිකපත්‍ර පාඨමාලා 04ක් පමණි. පාරිසරික සංචාරක ක්‍ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකා රජය යටතේ ලියාපදිංචි කර ඇති රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් ලෙස AEWNI ආරම්භ කර ඇති අතර, මෙම පාඨමාලා සකස් කොට මෙහෙයවනු ලැබීම, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ කොළඹ විශ්ව විද්‍යාලය ඇතුළු රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි ආචාර්යවරුන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් සිදු කරන බවද ඔවුන් ප්‍රකාශ කරයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ AEWNI විසින් ඒකාබද්ධව යොමු කර ඇති, 2020 ජනවාරි 24 දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල FAS ශ්‍රවනාගාරයේදී පැවති AEWNI දියත් කිරීමේ උත්සවයට සහභාගි වීමේ ආරාධනා පත්‍රය, විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවියේ සටහන්ව ඇත්තේ මේ අයුරිනි.

Aewin2

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්