ආණ්ඩුව විස්ස දිනවීමට අන්තවාදීන්ගේ සහය නොගෙන කට්ටිය ඉල්ලුවේ නම්,
තමන්වහන්සේ විපක්ෂයෙන් අදාල මන්ත්‍රීවරුන් ගණන ලබාදීමට කටයුතු කරන බව ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.
 
 
උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (25) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
 
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා විපක්ෂය නියෝජනය කළ මුස්ලිම් මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කර තිබෙන නමුත් ඔවුන්ගේ ඉදිරි හැසිරීම සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන බව ඇල්ලේ ගුණවංශ හිමියෝ එහිදී පැවසුහ.
 
ඔවුන් ජන්දය ප්‍රකාශ කිරීම තුළ කිසියම් හෝ බලාපොරොත්තුවක් තිබිය හැකි වුවත් එම පිරිස ආණ්ඩුවට මෙතෙක් කිසිදු ඉල්ලීමක් ද කර නොමැති බවත්, කෙසේවෙතත් කුමක් සඳහා එලෙස ඡන්දය දුන්නේ ද යන්න පිළිබඳ අවදානයෙන් සිටින බවත් උන්වහන්සේ කියා සිටියහ.
 
''මොකද මෙච්චර ඉක්මණට එකතු වුණේ, ඒවා සැකයට භාජනය වෙලා තිබෙනවා. ඒවා අපි නෑ කියන්නේ නැහැ. ආණ්ඩුවට කවුරු ගත්තත් මේ රටේ ජනතාව වෙනුවෙන්, රටේ ජාතික සම්පත් වෙනුවෙන්, අපේ උරුමය වෙනුවෙන්, අපේ සංස්කෘතිය, සභ්‍යත්වය, ශිෂ්ටාචාරය වෙනුවෙන් දැඩි ලෙස මේ ව්‍යවස්ථා සංශෝධනය හමුවේ පෙනී සිටිනවා.'' යයි ද උන්වහන්සේ අවධාරණය කර සිටියහ.
 
තවද මෙම සංශෝධනයේ ප්‍රශ්න ගත තත්ත්වයක්ව පවතින ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නයද ඉදිරි නව ව්‍යවස්ථාවෙන් ඉවත් කරන බවට ජනාධිපතිවරයා තමන් වහන්සේට පෞද්ගලිකවම පොරොන්දු වූ බවද ඇල්ලේ  ගුණවංශ හිමියෝ ප්‍රකාශ කළහ.
 
''ඕන කපුටෙක් ඔළුවට උඩින් පියඹපුවාවේ ඔලුව උඩ කූඩු හදන්න නම් දෙන්නේ නැහැ'' යයි උන්වහන්සේ අවධාරණය කර සිටියහ.
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්