මුලතිවු දිස්ත්‍රික්කයේ නීතිවිරෝධී දැව ජාවාරම් කරුවන් විසින් කපා  බිම හෙලන ලද රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමකින් යුතු දැව තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
පළාත් බද මාධ්‍යවේදීන් පවසන්නේ පොලීසිය සිය භාරයට ගෙන ඇත්තේ බුරුත සහ පලු දැව කදන් තොගයක් බවයි.
 
මුලතිව්, පාලෙයිපානි සිට යාපනය දක්වා ප්‍රවාහනය කරමින් තිබු බුරුත දැව කදන් 29 ක් ඔක්තෝබර් 22 සිකුරාදා මාන්කුලම පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙන අතර දැව කදන් ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයේ රියදුරුත් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
 
එම බුරුත දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ හයකට අධික බව පොලීසිය සදහන් කරයි.
 
ඉරනමඩු වැව ආසන්නයේ දැව ජාවාරම්කරුවන් විසින් වන විනාශයක් සිදු කරන බවට ලද තොරතුරක් අනුව එහි ගිය මාන්කුලම පොලීසිය ඔක්තෝබර් 17 සෙනසුරුදා රුපියල් ලක්ෂ හතරකට අධික වටිනාකමකින් යුත් පලු දැව කදන් 31 ක් සොයා ගත් බව පළාත් බද මාධ්‍යවේදීන් වැඩි දුරටත් සදහන් කරයි.
 
මුලතිවු දිස්ත්‍රික්කයේ නීතිවිරෝධී තේක්ක දැව ජාවාරමක් පිළිබඳව ගවේෂණය කරමින් සිටි දෙමළ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට ඔක්තෝබර් 12 වැනිදා දැව ජාවාරම්කරුවන් පිරිසක් පහර දී තිබුනි.
 
එම සැකකරුවන් අතුරින් දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
 
වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු සිදුකෙරෙන පරිසර හානිය පිලිබඳව මාධ්‍ය විසින් කරන හෙළිදරව් ජනාධිපති වරයා විසින් පසුගියදා ප්‍රතික්ෂේප කර තිබුනේ “අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක්” ලෙස හුවා දක්වමිනි.
 
කෙසේවෙතත්, වන විනාශය සැබවින්ම සිදුවන්නක් බව පිළිගනිමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පසුගියදා කියා සිටියේ ජනාධිපති සොයුරු චමල් රාජපක්ෂ ද සමග එක්ව ඊට විරුද්ධව පියවර ගන්නා බවයි.

thekka 12

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්