මේ දිනවල පාසල් දරුවන් නිවෙස්වල සිටින අතර ඒ හේතුවෙන් බොහො දරුවන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලීන් සහ වෙනත් පරිබාහිර කටයුතු සිදුකරගැනීමට වැඩි වශයෙන් අන්තර්ජාලය භාවිතා කිරීමට යොමුව තිබේ.
 මෙය අවස්තාවක් කරගනිමින් තම යූටියුබ් ආදායම ඉහල නංවා ගැනීම සඳහා යූටියුබ් චැනල් මෙහෙය වන්නන් පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් ලිංගික කුතුහලය මතුකරන අසභ්‍ය සිංහල යූටියුබ් වීඩියෝපට විශාල ප්‍රමාණයක් මේදිනවල අන්තර්ජාලයට මුදාහැර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය (INFORMATION TECHNOLOGY SOCIETY SRI LANKA) පවසයි.
 
කුඩා දරුවන් මේ දිනවල වැඩි වශයෙන් අන්තර්ජාලය සහ යූටියුබ් අඩවිය තුල යොදාගනු ලබන keyword අසභ්‍ය අන්තර්ගතයන් ප්‍රවර්ධනය සදහා යොදාගෙන ඇති බවත් මෙවැනි දරුවන්ට නුසුදුසු අසභ්‍ය වීඩියෝපට බොහෝමයක් මේ දිනවල “යූටියුබ් trending” පවා පැමිණ තිබෙන බවත්  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ  නිරීක්ෂණයට ලක්ව ඇතැයි එම සංගමයේ සභාපති, රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.
 
 ඒ සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිලි කර ඇති ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය, මේ සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කොට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න ලෙස එම රාජ්‍ය ආයතනවලින් ඉල්ලා තිබේ.
 
මෙලෙස ළමුන් ඉලක්ක කරගනිමින් අසභ්‍ය අන්තර්ගතයන් යූටියුබ් වෙබ් අඩව්වියට මුදාහරින යූටියුබ් නාලිකාවන් නමයක් පිළිබඳව එම සංගමය සිය ලිපි මගින් අනාවරණය කර තිබේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්