ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට හා හිතවතුන්ට ලබාදී ඇති 'රැකියා කෝටාවට' අදාළ පත්වීම් ලිපි ප්රදානය කිරීම මේවනවිට ආරම්භ වී ඇත.
ආණ්ඩුවේ රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 115 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රධානය කිරීම පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) ඇතුල්කොට්ටේදී සිදුකෙරුණි.
(ඡයාරූප -අමාත්‍ය සරත් වීරසේකර ගේ FB පිටුවෙන් )
මැතිවරණ කාලේ කියපු කතා !
ජනාධිපතිවරණ සමයේත් පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ගෝඨාභය රාජපක්ෂ ප්‍රසිද්ධියේ ම කියා සිටියේ, රජයේ ආයතනවල පහල ශ්‍රේණි සඳහා කිසිදු දේශපාලන බලපෑමකින් තොරව අඩු ආදායම්ලාභී, ආබාධිත දෙමව්පියන් සිටින පවුල්වලට රැකියා ලක්ෂයක් ලබාදෙන බවයි.
වියත්මග ප්‍රධානින් ද ගෝඨාභය රාජපක්ෂගේ රැකියා ප්‍රතිපත්තිය අගයමින් මැතිවරණ වේදිකාවල දී අදහස් දක්වා තිබිණ.
ඒ අනුව, මහ මැතිවරණයට පෙරම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ග්‍රාම සේවා කොට්ඨාශ මට්ටමින් රැකියා ලක්ෂයක් සඳහා දිවයිනේ සෑම මැතිවරණ කොට්ඨාශයකින් සුදුසුකම් ඇති වයස 40 ට අඩු තරුන තරුනියන්ගෙන් අයදුම්පත් ලබාගෙන ජනාධිපති කාර්යාලයට යොමු කරනු ලැබීය.
එම ප්රචාරක මෙහෙයුම පක්ෂ භේදයකින් තොරව 'පොහොට්ටුවේ' ඡන්ද ප්‍රමාණය ඉහල නැවීමට ද හේතුවක් විය.
කෙසේවුවද දුන් පොරොන්දු පසෙකලමින් ගනු ලැබූ තීන්දු මත රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ වියත්මග සෑම මන්ත්‍රීවරයෙකුට ද රැකියා 600 බැගින් කෝටාවක් ලැබී ඇත.
නුවරඑළියේ පාක්ෂිකයින්ටත් පත්වීම් ලිපි
මේ අතර රැකියා ලක්ෂය වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රීක්කයේ වලපනේ, ගිණිගත්හේන, කොත්මලේ, නුවරඑළිය, හගුරන්කෙත යන ප්‍රදේශවල තරුණ තරුණියන් 320ක් සදහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීම පසුගිය 25 දා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායකගේ උපදෙස් පරිදි මධ්‍යම පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති වර්තමාන ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිලධාරී එස්.බී.රත්නායකගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
සබැඳි පුවත් :