ජූනි 22 වෙනිදා දිවයින පුවත් පත පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ විසින් පැවසුවා යැයි කියා

“රෝහල් ළඟ නොමිලේ කන්න දෙන මුස්‌ලිම් සංවිධාන ගැන සොයන්න“ යන ශීර්ෂයෙන් යුතු පුවතක් පළ කර තිබිණි.

එහිදී ලොකුගේ මන්ත්‍රීවරයා පැවසුවා යැයි මෙසේ ද සඳහන් කර තිබිණි. “දැන් මේ නොමිලේ කෑම දෙන සංවිධානය කුමන අරමුණකින් කෑම දෙනවා ද කියා සැකයි. මේ දෙන ආහාර හරහා කාන්තාවන් වඳභාවයට පත්කරනවා ද කියලත් සැකයක්‌ තියෙනවා.“

මේ සම්බන්ධයෙන් ගාමිණී ලොකුගේ පවසා සිටියේ තමන් කිසිදු අවස්ථාවක එවැනි ප්‍රකාශයක් සිදුකොට නැති බවත්, ඒ සම්බන්ධයෙන් කණගාටු වන බවත් ය.

මන්ත්‍රිවරයාගේ ප්‍රකාශය හරහා දිවයින පුවත් පත හැම අවස්ථාවකම කෙසේ හෝ ජාතිවාදී ගිනි ඇවිලවීමේ අරමුණින් යුතුව සිය පුවත් ප්‍රචාරයන් සිදුකරන බව වඩාත් තහවුරු වේ.

ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට සවන් දෙන්න.

 

පොහොට්ටු මන්ත්‍රීගේ 'වඳ කතාවෙන්' රෝහල් තුනක බුෆේ ඇනහිටී

කොළඹ ජාතික රෝහල, කළුබෝවිල රෝහල, පිළිකා රෝහල වැනි කොළඹ ප්‍රධාන පෙළේ රෝහල්වල සායනවලට පැමිණෙන ජනතාවට නොමිලේ ආහාර ලබා දෙන මුස්‌ලිම් සංවිධානයක් පවතින බව පවසමින් ගාමිණී ලොකුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පසුගියදා කළ මුස්ලිම් විරෝධී ප්‍රකාශය හේතුවෙන්, එම රෝහල් තුල බියක් හා සැකයක් මතුව ඇති බවත් එය දැනුම්දීමෙන් පසු අදාල සමාගම අද සිට සිය සේවාවන් නවතා දැමීමට තීරණය කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම සමාගම වසර කිහිපයක් පුරා සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ලෙස ඉහත රෝහල්වල බාහිර ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් දහසකට අධික පිරිසකට උදැසන හා දිවා ආහාර නොමිලේ බුෆේ ආකාරයෙන් ලබාදී තිබිණ.

ඒ අනුව ජාතික රෝහලේ සායනවලට පැමිණෙන ජනතාව වෙනුවෙන් 350 දෙනෙකුට උදැසන ආහාරයද 350 දෙනෙකුට දිවා ආහාරයද, කළුබෝවිල රෝහලේ සායනවලට පැමිණෙන ජනතාව වෙනුවෙන් 350 දෙනෙකුට උදැසන ආහාරයද 350 දෙනෙකුට දිවා ආහාරයද, පිළිකා ජාතික රෝහලේ සායනවලට පැමිණෙන ජනතාව වෙනුවෙන් 350 දෙනෙකුට උදැසන ආහාරයද 350 දෙනෙකුට දිවා ආහාරයදවශයෙන් දිනපතා බුෆේ සංග්‍රයක් පවත්වා ගෙන ගොස් තිබිණ.

මෙසේ මෙම ආහාර සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා එම සමාගම එම රෝහල් ආශ්‍රිතව ඉතාමත් නවීන පන්නයේ මුළුතැන් නිවෙස් තුනක් පවත්වාගෙන ගොස් ඇති අතර එම ආහාර සියලු පෝෂ්‍ය පදාර්තාවලින් වලින් යුතු සකසා තිබුනේ සෞඛ්‍ය පරික්ෂයින්ගේ අධීක්ෂණය යටතේය.

සිංහල බෞද්ධ කාන්තාවන් වඳභාවයට පත්කරන කැමක් !

වසර 4 කට අධික කාලයක සිට මෙම මුස්ලිම් සමාගම මෙසේ ජනතාවට ආහාරයක් ලබා දීම පිළිබඳව සැකයක් මතු කරමින් පොහොට්ටු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මාධ්‍යයට අදහස් දක්වා තිබුනේ මෙසේය.

“දැන් මේ නොමිලේ කෑම දෙන සංවිධානය කුමන අරමුණකින් කෑම දෙනවා ද කියා සැකයි. මේ දෙන ආහාර හරහා කාන්තාවන් වඳභාවයට පත්කරනවා ද කියලත් සැකයක්‌ තියෙනවා. මොවුන්ගේ මේ තරම් උනන්දුව මොකක්ද? මේවා සෞඛ්‍ය බලධාරීන් වහා සොයා බලන්න ඕනෑ.

දැන් මේ අය රජයේ රෝහල්වල සායනවලට එන බෞද්ධ ජනතාව ළඟට ගිහින් ටිකට්‌ එක දෙනවා. කාන්තාවන්ට තමයි මේ ටිකට්‌ එක විශේෂයෙන් දෙන්නේ. එහෙම දීලා කියනවා සායනයෙන් කරගන්න වැඩේ කරගෙන අපේ මේ තැනට ගිහින් කෑම කන්න කියලා. එතන කුකුල් මස්‌, එළවළු, පරිප්පු ඇතුළු තවත් කෑම බුෆේ විදිහටයි දෙන්නේ. මම ජනාධිපතිතුමාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා මේ ගැන සොයා බලා ඉක්‌මන් පියවරක්‌ ගන්න කියලා.”

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්