දිවයිනට පැමිණ සිටින අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අද
(28) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී තිබේ.
 
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊයේ (27) සවස මෙරටට පැමිණි අතර ඔහු මෙ රටට පැමිණියේ ඉන්දීය සංචාරයකින් අනතුරුව ය.
 
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හමුව පිළිබඳව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ. 
 
වසංගත තත්ත්වයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමේදී වැදගත් අංග වන විනිවිදභාවයෙන් යුත් වෙළඳ සහ ආයෝජන කටයුතු පිළිබඳව මෙම හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂසමග සාකච්ඡා කරන බව මෙරට අමෙරිකානු තානාපති කාර්යාල නිවේදනයේ සඳහන් වේ.
 
dsfsa
 
තානාපති කාර්යාල ට්විටර් ගිණුමේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙම හමුවේදී ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සඳහා පොදු කැපවීම පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත බවයි.
 
Dinesh Pompio
 
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණ.
 
ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට එක්වීමට නියමිතය.
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්