ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ ආණ්ඩුවකින් එම්.සී.සී ගිවිසුම අත්සන් නොකරන බවත්,

එම්.සී.සී ගිවිසුම අත්සන් කරන ආණ්ඩුවක් තමා විසින් නියෝජනය නොකරන බවත් අමාත්‍ය විමල් වීරවංශ අවධාරණය කර සිටියි. ඔහු එබව පැවසුවේ ජාතික නිදහස් පෙරමුණ මූලස්ථානයේදී අද (29) පැවැති පුවත්පත් සාකච්ඡාවකදීය.

එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායකයා සඳහන් කළේ, තමා දන්නා තරමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මුණ ගැසීමට අගමැති මහින්ද රාජපක්ෂට කිසිඳු උවමනාවක් නොතිබූ බවය.

මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බලපෑම් කිරීමට උත්සහා නොකළ බවද ඔහු සඳහන් කළේ ය.

කෙසේවුවද බීබීසී සිංහල සේවය ඊයේ (28)  වාර්තා කර තිබුනේ, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕගේ සංචාරය තුළ දී MCC හා සෝපා ගිවිසුම් පිළිබඳව මෙන්ම ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට වෙරළාරක්ෂක නෞකාවක් පිරිනැමීම, පෞද්ගලික අංශයේ ආයෝජන කිහිපයක් හා ශ්‍රී ලංකාව සමග ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා කෙරුණු බව නිලධාරීහු පැවසූ බවයි.

සබැඳි පුවත් :

මයික් පොම්පෙඕ කිව්වේ මොනවාද? MCC ගැනත් සාකච්ඡා කරලා  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්