වසංගත අවදානම යටතේ පැවැති උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීම විධිමත් සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් නොමැතිව සිදු නොකළ යුතු බව දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් අවධාරණය කරයි.
පවතින බරපතල කෝවිඩ්  19 ව්‍යාප්තිය තුළ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ හා මාර්ගෝපදේශ රහිතව  පිළිතුරුපත් ඇගයීම සිදු නොකළ යුතු බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.
 
එසේ සෞඛ්‍ය නිර්දේශ හා මාර්ගෝපදේශ මත පිළිතුරු පත් ඇගයීම් කටයුතු ආරම්භ කරන්නේ නම් ඇගයීම් කටයුතුවල නිරත වන ගුරුවරුන් සම්බන්ධයෙන් විධිමත් සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව එම සංගමය නොවැම්බර් 8 ඉරිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් අවධාරණය කර තිබේ.
 
Stalin 09මේ වන විට කෝවිඩ්  19 වසංගතය මෙරට තුළ  තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බැවින්  උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට පෙර ඇගයීම් මධ්‍යස්ථානවල විධිමත් සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව පවසන ලංකා ගුරු සගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් තව දුරටත් අවධාරණය කරන්නේ,  ගුරුවරු 15000 කට වැඩි පිරිසක් ඇගයීම් කටයුතුවලට සම්බන්ධ වන බැවින් ආරක්ෂක වැඩපිළිවෙලක් රහිතව ඔවුන් අවදානමේ නොහෙළිය යුතු බවයි.
 
 
එසේම ඇදිරි නීති තත්වයන් පවතින ප්‍රදේශවල උත්තර පත්‍ර පරීක්ෂණ කටයුතුවල නිරත වන ගුරුවරුන්ට ඇගයීම් මධ්‍යස්ථාන වෙත යාමට සහ ඒමට ගමනාගමන ක්‍රමවේදයක් ද සකසන ලෙසත් ගුරු සංගම් නායකයා අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා‌ සිටි.
 
කෝවිඩ්  19 වසංගත ව්‍යාප්තිය තිවුර තත්වයක තිබියදී පැවැත්වූ 2020 උසස් පෙළ විභාගය නොවැම්බර් 6 දින අවසන් විය.
 
එහිදී වසංගත අවදානම තුළ විභාග කටයුතුවල නිරත ගුරු-විදුහල්පතිවරු ඇතුළු නිලධාරීන්ට කටයුතු කිරීමට සිදු වූයේ අධ්‍යාපන අමාත්‍යාංශය හෝ විභාග දෙපාර්තමේන්තුව උසස් පෙළ විභාගය පැවැත්වීමේදී විධිමත් සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීමේ තත්වය යටතේ බවටත් ගුරු සංගම් නායකයා චෝදනා කරයි.
 
''වසංගත අවදානම තුළ විභාග කටයුතුවල නිරත ගුරු-විදුහල්පතිවරු ඇතුළු නිලධාරීන්ට කටයුතු කිරීමට සිදු වූයේ අධ්‍යාපන අමාත්‍යාංශය හෝ විභාග දෙපාර්තමේන්තුව උසස් පෙළ විභාගය පැවැත්වීමේදී විධිමත් සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීමේ තත්වය යටතේ බවටත් ගුරු සංගම් නායකයා චෝදනා කරයි.''
 
විභාග රාජකාරි වල නිරතව සිටි ගුරුවරුන්ට සෞඛ්‍ය ආරක්ෂක කටයුතු සදහා ප්‍රමාණවත් පරිදි මුදල් වෙන් කිරීමට බලධාරීන් අසමත් වු ආකාරය පෙන්වා දෙන වෘත්තිය සමිති නායකයා තව දුරටත් චෝදනා කරන්නේ, ඇතැම්  පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු විසින් ප්‍රමාණවත් නොවන සහ ගුණාත්මක භාවයෙන් අඩු සෞඛ්‍ය ආරක්ෂක ද්‍රව්‍ය ලබාදෙමින් එම මුදල ද අවභාවිතා කළ බවයි.
 
විගණකාධිපති වෙත ලිඛිත පැමිණිල්ලක්:
 
ඒ සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙත ලිඛිත පැමිණිල්ලක් ද සිදු කර තිබෙන බව ලංකා ගුරු සංගමය සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.
 
එසේම ඔක්තෝම්බර් 11 දින පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු සිදු කිරීමේ දී ද එම ඇගයීම් මධ්‍යස්ථානවල විධිමත් සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවූ අතර, ඇගයීම් කටයුතුවලට සම්බන්ධ වූ ගුරුවරු දැඩි පීඩාවකට පත්ව සිටි බවත් ලංකා ගුරු සංගමය සදහන් කරයි.
 
 
සබැඳි පුවත් :
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්