දංකොටුව සතිපොළෙන් මුස්ලිම් වෙළෙන්දන් ඉවත් කරන ලෙසට දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා

වහාම එම ධුරයෙන් ඉවත් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුව) හිතවත් මුස්ලිම්වරුන් කිහිපදෙනෙකුගෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂටදැඩි බලපෑමක් එල්ලවී ඇත.

මෙය බරපතල මානව හිමිකම් කඩකිරීමක් මෙන්ම මුස්ලිම් ප්‍රජාවට සිදුකළ බලවත් අවමානයක් බව එම මුස්ලිම් පිරිස් විපක්ෂ නායකවරයාට පෙන්වාදී තිබේ.

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.වී සුසන්ත පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයෙකු වන අතර එම ප්‍රාදේශීය සභාවේ බලය එම පෙරමුණට සතුය.

මෙම සිද්ධිය වාර්තාවීමත් සමග සිය හිතවතුන් පිරිසක් සමග අදහස් දක්වා ඇති පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගතයුතු බවයි.

සුළු ජාතින් දිනෙන්දින මෙසේ පක්ෂයෙන් දුරස්වීම තුල ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළද සියයට 41කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබාගත නොහැකිබව බැසිල් රාජපක්ෂ එහිදී සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇත.

 

ලිපිය ඉවත් කර ගැනීමට :

මේ අතර ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නියෝජනය කරන පුත්තලම දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන පියංකර ජයරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා 'බීබීසී සිංහල සේවයට' ප්‍රකාශ කර තිබුනේ දංකොටුව සතිපොළෙන් මුස්ලිම්වරු ඉවත් කිරීම පොදුජන පෙරමුණේ තීරණයක් නොවන බවය.

සභාපතිවරයාගේ තීරණය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව තමාගේ පුද්ගලික මතය බව ප්‍රකාශ කළ පියංකර ජයරත්න හිටපු ඇමතිවරයා මේ පිළිබඳව පක්ෂය දැනුවත් කරන බවද පැවසීය.

මේ සම්බන්ධයෙන් පක්ෂය හා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සමග සාකච්ඡා කර පොලිසිය වෙත ඉදිරිපත් කළ ලිපිය ඉවත් කර ගැනීමට කටයුතු කරන බව ද 'බීබීසී' සමග ඔහු වැඩිදුරටත් පැවසීය.

 

සමාජ මාධ්‍ය විරෝධය :

රාජපක්ෂවරුන්ගේ පාලනය යටතේ පවතින වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද දැඩි විවේචන එල්ලවෙමින් තිබේ.

සිය පතුල වෙබ් සංස්කාරක ජයම්පති බුලත්සිංහල පොස්ටුවකින් සිය විරෝධය පළකර ඇත්තේ මෙසේය.

"නාසීන්" පැලෝපීය නාල වල සිට පිලිකා රෝගී පවුල්වලට නොමිලේ දෙන බත් පතද, සති පොල දක්වා සුලු ජාතීන්ට වෛරය මුදා හරිමින් සිටී''

Jayampathi post 1

 අල්හාජ් මොහිදීන් බෙග්ගේ ගීත කණ්ඩයක් ඉදිරිපත් කරමින් ප්‍රදීප් ජයරත්න පොස්ටුවක් පළකර ඇත්තේ මෙසේය.

ගමේ ගොඩේ සිදාදියේ
කවුරුවත් පාහේ විකුණන්නයි බඩු ගන්නයි
පොළටයි ආවේ.
-අල්හාජ් මොහිදීන් බෙග්.

Pradeep post

ප්‍රසන්න දේශප්‍රිය සිය FB පිටුවේ මෙසේ සටහන කර තිබේ.

මෙය වාර්ගික සංහාරයක පෙර නිමිති නොවේද ?
මේ සභාපති ICCPR යටතේ උසාවි නොදමනු ඇත.
එසේ දැම්මොත් කහකඩ රැලක් උපවාස කර රටේ ජනාදිපති මූට සමාව දෙනු ඇත.

Prasanna post

 

අලී සබ්රි ගේ පොස්ටුව මිසින් !

මේ අතර ශ්‍රී ලංකාවේ වත්මන් වර්ගවාදී දේශපාලනය භාවිතය ගැන සිය FB පිටුවේ සටහනක් තබා ඇති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශකවරයකු වන ජනාධිපති නීතිඥ මොහොමඩ් අලී සබ්රි සිය කනස්සල්ල පළකර තිබුනේ මෙසේය.

නිර්ලජ්ජිතව එළිපිට ජාතිවාදය වපුරවමින් බුරුතුපිටින් සොමාරාමලා, බුද්ධරඛිතලා බෝකරමින් යන ගමන මහ විනාශයකින් කෙලවර වේ යැයි සිතෙන්නේ මට විතර ද ?

Alisabri post 

ඩී.එස්. සේනානායක විදුහ‍ලේ දීප්තිමත් ආදී සිසුවකූ වන ජනාධිපති නීතිඥ මොහොමඩ් අලී සබ්රිගේ මෙම පොස්ටුවට ඉතා කෙටි වේලාවක් තුලදී බොහෝ දෙනෙකු විසින් ප්‍රතිචාර දක්වා තිබු අතර පසුව එම පොස්ටුව ඉවත්කරගෙන තිබිණ.

snipercomix 16 

සබැඳි පුවත් :

දංකොටුව සතිපොළෙන් මුස්ලිම්වරු ඉවත් කිරීම "මානව හිමිකම් කඩකිරීමක්"

රාජපක්ෂලාගේ වර්ගවාදය වෙන්නප්පුවටත් එයි ! : ''ලැජ්ජයි ! නින්දිතයි''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්