කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය යන ඉස්ලාම් බැතිමතුන්ගේ සිරුරු භුමදානය කිරීමට

ජාත්‍යන්තර ප්‍රමිති නොතකා රජය විසින් පනවා තිබූ තහංචිය ඉවත් කොට ඇති බවට ප්‍රචාරයක් ගෙනයමින්, ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමට කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව වහාම විමර්ශනයක් කරන්නයි ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇත. 

අද (12 ) දින එසේ පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත්තේ 'මහින්දවාදියකු' ලෙස සැලකෙන නීතීඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයාය.    2020.11.11 දින කොවිඩ් මර්දන කමිටුවේදී ජනපතිවරයා වෙත තමා විසින් කරන ලද ඉල්ලීමෙන් පසු මේ පිලිබද විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිවරයා වෙත කරන ලද නියෝගය යතාවත් කිරීම සදහා මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලද බව මන්ත්‍රීවරයා කියා සිටියි.

තමා මෙම පැමිණිල්ල සිදුකරනුයේ ජාතිවාදියෙකු හෝ ආගම්වාදියෙකු ලෙස නොවන අතර ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වැදගත් වන නිසාවෙන් බව නීතීඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයා සිය පැමිණිල්ලේ සනදහන් කර තිබේ.

''තමා මෙම පැමිණිල්ල සිදුකරනුයේ ජාතිවාදියෙකු හෝ ආගම්වාදියෙකු ලෙස නොවන අතර ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වැදගත් වන නිසාවෙන් බව නීතීඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයා සිය පැමිණිල්ලේ සනදහන් කර තිබේ.''

ඔහුගේ පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.

'''කොරෝනා රෝගය හේතුවෙන් මරණයට පත්වන සහෝදර මුස්ලිම් ජාතිකයන්ගේ මරණ භූමදානය සිදුකිරිමට ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට හිතකර නොවන බවට වු වෛද්‍ය විශේෂඥ මතය හේතුවෙන් මේ දක්වා ජාත්‍යන්තර නිරෝධායන නීතීන්ට අනුකූලව ආදාහනය කරන ලදි. 

එහෙත් මුස්ලිම් දේශපාලන නායකත්වය කරන ලද ඉල්ලිම නිසා ඒ ගැන සොයා රජය විසින් බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන ලදි. 

මෙවන් පසුබිමක සිලෝන් තව්හිත් ජමාඅත් සංවිධානය විසින් ප්‍රසිද්ධ කරන ලද ලිපියක සදහන් වූයේ රජය මුස්ලිම් ජාතිකයන්ගේ කොවිඩ් මරණ භූමදානය සිදුකිරිමට අවසර දී ඇති බවය.

Akhasdfසිලෝන් තව්හීද් ජමාඅත් සංවිධානයේ මහ ලේකම් ආර්.අබ්දුර් රාසික් නොවැම්බර් 09 ජනාධිපති, අගමැති රාජපක්ෂ සොහොයුරන් වෙත ලිපියක් යොමු කරමින් සදහන් කර තිබුනේ මුස්ලිම් මෘත දේහයන් භුමදානය කිරීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපති ඇතුලු වත්මන් රජයට “අනන්ත අප්‍රමාණ ස්තුතිය” පුද කරන බවයි.

රජය විසින් මෙවැනි තීරණයක් ගෙන නොමැති අතර ඔවුන් විසින් මෙවැනි ප්‍රකාශ සිදු කරනු ලබන්නේ ජාතීන් අතර අසමගිය වර්ධනය කර රජය අපහසුතවයට පත් කිරීමටය. 

මොවුන් මෙයින් උත්සහ කර ඇත්තේ මුස්ලිම් කොරෝනා මෘත දේහ භූමදානයට විරුද්ධව ක්‍රියා කල සියලු මතයන් හා වෛද්‍ය උපදෙස් පසෙකලා මෙවැනි අවසර දීමක් සිදුකර ඇතිබව පෙන්වා රජය අපකීර්තියට පත් කිරීමටය. 

ඉදිරියේදී රජය විසින් කොරෝනා මරණ මෘත දේහ භූමදානයට අවසර නොදුනහොත් රජයට විරුද්ධව මත දරන්නන් උත්සහ කරනුයේ ඔවුන් ගෙන ගිය විරෝධතාවය හේතුවෙන් රජය මෙවැනි තීරණයක් ගත් බවය.

සිවිල් හා දේශපලනය පිලිබද සම්මුතියේ පනතේ 4 වන වගන්තිය ප්‍රකාරව ජාතීන් අතර අසමගියක් ඇති කරන තත්ත්වයක් රට තුල නිර්මණය කරමින් පවතින මොහොතක 11.11.2020 දින කොවිඩ් මර්දන කමිටුවේදී ජනපති තුමා වෙත මා විසින් කරන ලද ඉල්ලීමෙන් පසු මේ පිලිබද විමර්ශනයක් කරන ලෙස පොලිස්පති තුමා වෙත කරන ලද නියෝගය යතාවත් කිරීම සදහා මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමි. 

ජාතීන් හ ආගම් වල පවතින සිරිත් විරිත් හා බැදීම් වලට අභියෝගයක් සිදු කිරීමට නොව ජාතීන් අතර අසමගිය වර්ධනය වීම වැලැක්වීම සහ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ඉතා වැදගත් වන නිසාවෙන් මෙලෙස පැමිණිල්ල සිදු කරමි.''

sadfa91cb32b7 f3a2 4670 8dce e0b7a29165dd

නීතීඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයා පොලිපතිවරයා වෙත එවැනි පැමිණිල්ලක් කර ඇත්තේ, කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානයට සුදුසු භූමියක් සොයන්නැයි ජනපතිගෙන් උපදෙස් දී ඇතැයි 'ඩේලි මිරර්' පුවත්පත පවා වාර්තා කර තිබෙන මොහොතකය. 

DM

 කොරෝනා ආසාදනයෙන් මරණයට පත්වන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා රටේ වියළි කලාපයේ පිහිටි භූමියක් ගැන සොයා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන් බව එම පුවත් වාර්තාවේ සඳහන් වේ. 

පසුගිය කැබිනට් රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කළ බව ද එම පුවත් වාර්තාවේ දැක්වෙයි. 

මේ වන විට ලොව සෙසු රටවල් කොරෝනා ආසාදිත මරණ සම්බන්ධයෙන් සිදුකරන අවමංගල කටයුතු ගැන එහිදී සාකච්ඡා කර ඇත. 

ඒ අනුව කොරෝනා ආසාදිතයෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භූමදානය කිරීම සඳහා සුදුසු ඉඩම් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු කරනු ඇති බවත් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සහ මුස්ලිම් ආගමික නායකයන් අතර සාකච්ඡා සිදුවී ඇති බවත් එම වාර්තාවේ තවදුරටත් දැක්වේ. 

මේ වන විට රටවල් 189ක කොරෝනා වැළඳීමෙන් මියැදෙන පුද්ගලයන් ගේ සිරුරු භූමදානයට අවසර දී ඇත. 

 

 

සබැඳි පුවත් :

ජනාධිපති ඩබල් ගේමක ද? : 'කොරෝනාවෙන් මියගිය අය වැළලීම වැරදියි' -කමිටු සාමාජිකා මහාචාර්ය මෙත්තිකා විදානගේ

මුස්ලිම්වරුන්ගේ කොරෝනා මල සිරුරු පිළිස්සීම නැවැත්වීමට පෙත්සමක් !

වසංගතයෙන් මියයන මුස්ලිම්වරුන් භුමදානයට අවසර දුන් කතා බොරු

කොරෝනා වලින් මියගෙන මුස්ලිම්වරුන්ගේ දේහයන් මන්නාරම දී භූමදාන කිරීමට අනුමැතිය  

දෙවැනි වසංගත රැල්ල සමග මුස්ලිම්වරුන්ගේ භූමදාන අයිතිය ගැන ප්‍රශ්න

කොරෝනා මරණ : 'මුස්ලිම් දේහයන් වලදානවද පුච්චනවද? -සජීත් අසයි ; මැතිසබය උණුසුම් ! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්