ජාතීන් අතර ගැටුම් ඇවිලෙන ආකාරයෙන් දේශපාලකයන් කටයුතු කිරීමෙන් ප්‍රදේශයේ ජනතාව විඳින හිරිහැර අනාවරණය කිරීම නිසා පාලකයන්ගේ හා පොලිසියේ අඩන්තේට්ටමට ලක්වීමෙන් නැගෙනහිර පළාතේ

මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බරපතල බාධා මතුවී තිබේ.
 
Iadam 20.11
 
එම වාර්තාකරණයෙන් පසු සංගමයේ ලේකම් සෙල්වකුමාර් නිලාන්දන් නිදහස් මාධ්‍යවේදියා පොලීසියේ දැඩි ලෙස ප්‍රශ්න කිරීමෙන් මහත් හිරිහැරයට පත්ව සිටින බව පළාත්බද වාර්තාකරුවෝ පවසති.
 
 
එම වාර්තාකරණයෙන් පසු සංගමයේ ලේකම් සෙල්වකුමාර් නිලාන්දන් නිදහස් මාධ්‍යවේදියා පොලීසියේ දැඩි ලෙස ප්‍රශ්න කිරීමෙන් මහත් හිරිහැරයට පත්ව සිටින බව පළාත්බද වාර්තාකරුවෝ පවසති.
 
 
නොවැම්බර් 16 සඳුදා  පස්වරුවේ පොලිස් වාහනයකින් සෙල්වකුමාර් නිලාන්දන්ගෙන් ගේ නිවසට ගිය  සිව් දෙනකුගෙන් සැදි පොලිස් කණ්ඩායමක් නිලාන්දන්ගෙන් පැය එකහමාරක පමණ කාලයක් ප්‍රශ්න කර ලියාගන්නා ලද ප්‍රකාශයකට අත්සන ලබා ගෙන තිබේ.
 
මයිලත්තමඩු  තෘණ භුමියේ අර්බුදය වාර්තා කිරීම සදහා එම ස්ථානයට ගිය සෙසු මාධ්‍යවේදීන්ගේ නම් සහ ඔවුන් සේවය කරන මාධ්‍ය ආයතන ඇතුළු තොරතුරු ලබාගත් එරාවූර් පොලිසිය මාධ්‍යවේදී සෙල්වකුමාර් නිලාන්දන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර ඇත්තේ ඔහු විසින් වාර්තා සපයනු ලබන  ප්‍රවෘත්ති වෙබ් අඩවි සම්බන්ධයෙනි.
 
එම තොරතුරු පොලිස් නිලධාරීන් විසින් පටිගත කරගෙන තිබේ.
 
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ සෙල්වකුමාර් නිලාන්දන්ගෙන් ගේ නිවසට පොලීසිය පැමිණීමට දින කිහිපයකට පෙර මඩකලපුව පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරියෙක් මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සභාපති බාලසිංහම් ක්‍රිෂ්ණකුමාර්ට දුරකථනයෙන් කතා කර කට උත්තරයක් ලබා ගැනීමට අවශ්‍යයැයි පවසා ඇති බවයි.
 
 
 5f081df7e8ae1 5f0819bbc413c Reporter
 
''මව්බිම පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදී අකිල ජයවර්ධනට කොළඹ මහාධිකරණ භූමියේදී අඩන්තේට්ටම් කළ වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ සැකකාර පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව වහාම අත් අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ඉකුත් ජූලි මාසයේ නැගෙනහිර විරෝධතාවක් දියත් කරනු ලැබුවේද මඩකලපුව දෙමළ මාධ්‍ය සමාජය විසිනි.''
 
 
මව්බිම පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදී අකිල ජයවර්ධනට කොළඹ මහාධිකරණ භූමියේදී අඩන්තේට්ටම් කළ වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ සැකකාර පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව වහාම අත් අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ඉකුත් ජූලි මාසයේ නැගෙනහිර විරෝධතාවක් දියත් කරනු ලැබුවේද මඩකලපුව දෙමළ මාධ්‍ය සමාජය විසිනි.
 
ආණ්ඩුකාර කාරිය:
 
ප්‍රදේශවාසීන් පවසන පරිදි දෙමළ කිරි ගොවීන් වසර ගණනාවක සිට සිය ගවයන්ට තණකොළ කැවීම සඳහා භාවිත කළ මඩකලපුව, මයිලත්තමඩු, මාදවනෙයි ප්‍රදේශයේ පිහිටි තෘණ භුමිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නැගෙනහිර ආණ්ඩුකාරධුරය සඳහා පත් කරන ලද වියත් මග ක්‍රියාකාරිණි අනුරාධා යහම්පත් විසින් මෑතකාලීනව පදිංචි කළ සිංහල පවුල්වලට බඩ ඉරිඟු ඇතුළු බෝග වගා කිරීම සඳහා පවරා දීම ගැටුම් වලට තුඩුදී තිබේ.
 
ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්වය සම්බන්ධයෙන් විරෝධය පෑ ගවපල්ලන් විසින් පසුගියදා දේශීය පශු සම්පත් හා ජනමාධ්‍ය වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් ව්‍යාලේන්ද්‍රන්ට දොස් පැවරීම දැක්වෙන වීඩියෝ දර්ශන මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් පසු පොලීසිය මෙලෙස මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීමට පටන් ගෙන තිබේ.
 
 
දිසාපතිනියට හදිසි මාරුවක් !
 
 
මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජිකයන් පවසන පරිදි ගවයන්ට වෙන් කර ඇති තණ බිම් ගොවිතැනට පවරා දීමේ වරද මීට ඉහතදී පෙන්වා දුන් මඩකලපු දිස්ත්‍රික් ලේකම්වරිය වහාම පලාතෙන් ඉවත් කර තිබේ.
 
ගැටුම්කාරී තත්වය විමර්ශනය කළ මඩකලපු දිස්ත්‍රික් ලේකම් කලාමතී පද්මරාජා ඔක්තෝබර් 29 දින මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ ගවයන්ට තෘණ කෑම සදහා වෙන් කර තිබු එම  භූමිය වගා කටයුතු සදහා ලබාදීම වැරදි බැවින් එය නිවැරදි කළ යුතු බවයි.
 
කිරි ගොවියා ශක්තිමත් කිරීම සඳහා එම භුමිය ගවයන්ට තණ කැවීම සඳහා නැවත ලබා දිය යුතු බව දිස්ත්‍රික් ලේකම්වරිය පවසා තිබේ.Anuradha 11.20
 
පසුදාම ඇය වෙනත් ප්‍රදේශයකට මාරු කර යවන ලද බව ප්‍රදේශවාසීහු පවසති.
 
 
ඒ සමගම එළැඹි සති අන්තයේ මයිලෙත්තමඩු බලා ගිය පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් පවසා ඇත්තේ “කෘෂිකර්මාන්තයට ඉඩම් බෙදා දෙමින් කිරි ගොවින්ගේ තෘණ භුමි ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීම කෙරෙහි දැඩි අවධානය යොමුව ඇති” බවයි.
 
කෙසේවෙතත්, බඩඉරිඟු ගොවීන් අතට පත් කොට ඇති ඉඩම් ආපසු කිරි ගොවීන්ට පවරා දෙන ලෙස දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් නොවැම්බර් 13 වැනි දින පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී කළ ඉල්ලීම ආණ්ඩුකාර වරිය විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීම නිසා සභාවේ උණුසුම් තත්වයක් හටගෙන තිබේ. 
 
මාධ්‍යයට තහංචි
එම ගාලගෝට්ටිය වාර්තාකිරීම සම්බන්ධයෙන්ද මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ භාණ්ඩාගාරික පුන්‍යමුර්ති සසිකරන් ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ උදහසට ලක්ව තිබේ.
 
 
''එම ගාලගෝට්ටිය වාර්තාකිරීම සම්බන්ධයෙන්ද මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ Sadasiwam .11.20භාණ්ඩාගාරික පුන්‍යමුර්ති සසිකරන් ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ උදහසට ලක්ව තිබේ.''
 
 
"අද දවසේ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාළු කඩේ වගේ" යන සිරස්තලයෙන් පුණ්‍යමුර්ති සසිකරන් ඒ මොහොතේම සිය මුහුණු පොතේ පළ කර තිබෙන වාර්තාව සභාවට පෙන්වමින් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය සදාසිවම් ව්‍යාලේන්ද්‍රන් ආණ්ඩුකාරවරියගෙන් ඉල්ලා ඇත්තේ එම රැස්වීම වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට ඉඩ නොදෙන ලෙසයි.
 
එමෙන්ම පුන්‍යමුර්ති සසිකරන් පළ කළ පෝස්ටුව සම්බන්ධයෙන් ඔහු සේවය කරන මහරාජා මාධ්‍ය ජාලයට පැමිණිලි කිරීමටත් රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කර ඇති බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
 
ඔවුන් වැඩි දුරටත් කියා සිටින්නේ පුන්‍යමුර්ති සසිකරන් සිරස ආයතනයේ සේවයෙන් ඉවත් කළ බවට තොරතුරු රාජ්‍ය අමාත්‍යවරයාගේ අනුගාමිකයන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැර ඇති බවයි.
 
 
''පුන්‍යමුර්ති සසිකරන් සිරස ආයතනයේ සේවයෙන් ඉවත් කළ බවට තොරතුරු රාජ්‍ය අමාත්‍යවරයාගේ අනුගාමිකයන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැර ඇත.
මෙවැනි පීඩාකාරී වාතාවරණයක් යටතේ සිය වෘත්තීය සගයන් දැඩි තර්ජනයකට මුහුණ පා සිටින බව මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.
 
කලක පටන් මරණ තර්ජන !
 
 
එම සංගමයේ සාමාජිකයන්ට මරණ තර්ජනය කරමින් මුද්‍රණය කෙරුණු අත්පත්‍රිකා තොගයක් පසුගිය ජනවාරි මාසයේදී  මාධ්‍ය සංගම් මුලස්ථානයට රහසේ ගෙනත් දමා තිබුනි. 
 
මහමගදී මරා දමන ලද සන්ඩේ ලීඩර් පුවත් පතේ ආරම්භක කතෘ ලසන්ත වික්‍රමතුංග නැගෙනහිරදී අනුස්මරණය කළ අවස්ථාවක ගන්නා ලද ඡායාරූපයක දැක්වෙන මාධ්‍යවේදීන්ගේ මුහුණු රවුම් කර ඔවුන්ට මරණ තර්ජනය එල්ල කර ඇත.
 
“පරිස්සම් වෙන්න, පරිස්සම් වෙන්න මේ ඉන්නේ පිටරට ඉන්නට කොටින්ගෙන් සල්ලි ලැබෙන වාර්තාකරුවන්. ඔවුන්ට ලඟදීම මරණ දඬුවම ලබා දෙනවා,” යි එම තර්ජනාත්මක අත් පත්‍රිකා වල සඳහන් කර තිබේ.
 
ස්වාධීන රූපවාහිනියේ ක්‍රිෂ්ණකුමාර්, ලංකා ශ්‍රී ආයතනයේ සෙල්වකුමාර් නිලන්තන්, සිරස රූපවාහිනියේ පුන්‍යමුර්ති සසිකරන්, ශක්ති නාළිකාවේ කුහර්ෂ සුපෝජන් හා නල්ලතම්බි නිත්‍යනාදන් මෙන්ම තිනකුරල් පුවත් පතේ වඩිවේල් ශක්තිවේල් සහ සුබ්‍රමනියම් ගුණලිංගම් මෙසේ තර්ජනයට ලක්වූ  මාධ්‍යවේදීන්ය.
 
''ස්වාධීන රූපවාහිනියේ ක්‍රිෂ්ණකුමාර්, ලංකා ශ්‍රී ආයතනයේ සෙල්වකුමාර් නිලන්තන්, සිරස රූපවාහිනියේ පුන්‍යමුර්ති සසිකරන්, ශක්ති නාළිකාවේ කුහර්ෂ සුපෝජන් හා නල්ලතම්බි නිත්‍යනාදන් මෙන්ම තිනකුරල් පුවත් පතේ වඩිවේල් ශක්තිවේල් සහ සුබ්‍රමනියම් ගුණලිංගම් මෙසේ තර්ජනයට ලක්වූ  මාධ්‍යවේදීන්ය.''
 
 
ජාත්‍යන්තර අවධානයට පවා ලක්වූ එම තර්ජනයට වසරකට ආසන්න කාලයක් ගතවීත් කිසිවකුත් අත් අඩංගුවට ගෙන නැත. 
 
ප්‍රදේශවාසීන් පවසන්නේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් මාධ්‍ය වාර්තාකරණයේ යෙදෙන මෙම මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් කලක පටන් රජයේ ආරක්ෂක අංශ නිලධාරීන්ද සෝදිසියෙන් පසුවන බවයි.
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්