රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍යයේ හිමිකරුවන්ගේ අවම අධ්‍යාපන සුදුසුකම අපොස සාමාන්‍ය පෙළ සමත් වීම බව

ජනාධිපතිවරයා විසින් පත්කර ඇති කමිටුවක රහස්‍ය වාර්තාවකින් අනාවරණය වී ඇත.

ගුවන්විදුලි හා රූපවාහිනී සංඛ්‍යාත වඩාත් කාර්යක්ෂමව භාවිත කිරීම සම්බන්ධව සොයා බලා වාර්තා කිරීමට ජනාධිපතිවරයා විසින් පත්කර තිබු එම කමිටුවේ ප්‍රධානියා වුයේ නීතීඥ ජයන්ත ප්‍රනාන්දු ය.

මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කළේ නීතිඥ කුෂාන් ද අල්විස්, ජනාධිපති අතිරේක ලේකම් ජීවන්ති දිසානායක යන අයයි.

අදාල කමිටුව සිය වාර්තාව පසුගියදා ජනාධිපතිවරයා වෙත බාරදී තිබේ.

එම කමිටු වාර්තාව මේවනවිට නිල වශයෙන් ප්‍රකාශයට පත්ව නැතත්, ආණ්ඩුවට පක්ෂපාති emanisalk වාර්තා කර ඇත්තේ, වඩාත් ම අවිධිමත් ලෙස සංඛ්‍යාත ලබාගෙන ඇති මාධ්‍ය ආයතනයක්, විශාල සංඛ්‍යාත ප්‍රමාණයක්, අකාර්යක්ෂම ලෙස ඔවුන් සන්තකයේ තබාගෙන සිටින බව එම කමිටු වාර්තාව මගින් හෙළි වී ඇති බවත්ය.

Media lanka

එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

මෙම අවිධිමත් සංඛ්‍යාත නිකුතුව ප්‍රේක්ෂකයින්ගේ රූපවාහිනී රසාස්වාදයට බාධා වන ආකාරයෙන් නිකුත් කොට ඇත. 

මින් සමහරක් රූපවාහිනී නාලිකා සංඛ්‍යාත එකමත එක පතිත වීම තුළින් අපැහැදිලි දර්ශන ගෙන දේ.

මේ හේතුව නිසා මිලියන 2.0 ක් ආසන්න ගෘහස්ථ රූපවාහිනී සබඳතා cable හෝ IPTV සඳහා යොමුව ඇති අතර මින් මිලියන 1.5 කට ආසන්න Dialog සබඳතා වේ.

 

දේශපාලන පක්ෂවලට ගත් සංඛ්‍යත විකුනලා !

 ''පසුගිය කාලය තුළ හෙළ උරුමයේ පාඨලී චම්පක රණවක, ජනතා විමුක්ති පෙරමුණ, රිෂාඩ් බදුර්දීන් ද සංඛ්‍යාත ලබාගෙන ඇති බව මෙහි දී හෙළි වී තිබේ. 

හෙළ උරුමය විසින් ලබාගත් බලපත්‍ර සහ සංඛ්‍යාත නහිල් විජේසූරියගේ peoples Media ආයතනයට මිලියන 75ක විකුණා ඇත.

ඉන්පසුව නහිල් විජේසූරිය මසකට මිලියන රුපියල් 6.7 කට මෙම සංඛ්‍යාත බෞද්ධයා නාලිකාවට බදු දී තිබේ. 

ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් සංඛ්‍යාත V-FM නමින් ගුවන් විදුලි නාලිකාවක් බිහිකර රුපියල් මිලියන සියයකට ජොන්ස්ටන් ප්‍රනාන්දුට විකුණා තිබේ. 

UTV නමින් දැනට පවත්වාගෙන යන රූපවාහිනී නාලිකාව වෙනත් අධ්‍යක්ෂකවරුන්ගේ නමින් පවත්වා ගෙන ගිය ද සැබෑ හිමිකරුවා වන්නේ හිටපු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ය.

එසේම ව්‍යාජ ලාංකීය හිමිකාරිත්වයක් දක්වමින් ස්වර්ණවාහිනී නාලිකාව අයිති EAP network සමාගම මිල දී ගෙන ඇත්තේ සුබාස්කරන් අලිරාජා ය. මෙම ගනුදෙනුව සඳහා Lyca mobile මෙම මුදල ප්‍රේෂණය කොට ඇත්තේ සම්පූර්ණයෙන්ම නීති විරෝධී ආකාරයකට බව දක්වා ඇත.''

(උපුටා ගැනීම අවසන්)

 

සංඛ්‍යාත යළි අත්පත්කර ගැනීමේ  සුදානමක් !

Channel

කෙසේවුවද මේ සම්බන්ධයෙන් අප විසින් කළ සොයා බැලීමක දී වාර්තා වුයේ, විද්‍යුත් මාධ්‍ය ආයතන කිහිපයකට නිත්‍යානුකුල නොවන ආකාරයෙන් ලබාදී ඇති සංඛ්‍යාත යළි රජය වෙත පවරා ගැනීමේ මුලික අරමුණින් යුතුව ජනාධිපතිවරයා විසින් අදාල කමිටුව පත්කර ඇති බවයි.

මින් ඉදිරියට පෞද්ගලික අංශය වෙත විද්‍යුත් සංඛ්‍යත ලබාදීමේදී ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවීමකින් මනා විනිවිද භාවයකින් යුතුව වසර කිහිපයකට පමණක් සිමා වනසේ ලබාදීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි ද වාර්තාවේ. 

පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතන පවා නිසි ප්‍රමිතියකින් යුතු පවත්වාගෙන යාමට රජය බලාපොරොත්තු වේ.

අප වෙත වාර්තාවන පරිදි ආරක්ෂක අමාත්‍යංශය යටතේ යුධ හමුදාව විසින් ළඟදීම රුපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීමට නියමිත ය.


පිළිතුරුදීමේ අයිතිය :

theleader.lkහි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගනිමු.
- සංස්කාරක

විද්‍යුත් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

subscribeYT

නවතම පුවත්