ශ්‍රී ලංකාවේ සිට එංගලන්තයට ආපසු පැමිණෙන සංචාරකයන් සෙනසුරාදා පටන් නිරෝධායනයට ලක් විය යුතු නැත.

 

එංගලන්තයට ඇතුල්වන විට නිරෝධායනයට ලක් වීමට අවශ්‍ය නොවන රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය ද ඇතුළත් කර තිබේ.

මීට අමතරව නැමීබියාව, රුවන්ඩාව, එක්සත් ජනපද වර්ජින් දූපත්, උරුගුවේ ඇතුළු තවත් රටවල් කීපයක් එම ලැයිස්තුවට ඇතුළු වේ.

කෙසේ නමුත් අත්‍යවශ්‍ය හේතුවකට මිස විදේශ ගමන් යා නොහැකි බවට දැනට පවතින නීතිය එලෙසම ක්‍රියාත්මක වේ.

නිරෝධායනයෙන් වැළකී සිටිය හැකි රටවල් ලැයිස්තුව වේල්ස් සහ උතුරු අයර්ලන්තය තුළ ද ක්‍රියාත්මක වන නමුත් ස්කොට්ලන්තයට ඇතුළු වන්නන් ස්වයං නිරෝධායනයට ලක් විය යුතුය.

Qua

 

"අවදානම අඩු වීම":

මෙම ලැයිස්තුව එංගලන්තයේ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සති පතා යාවත්කාලීන කරනු ලැබේ.

ඔවුන් කියා සිටියේ "කොරෝනාවෛරසයේ අවදානම එම රටවල අඩු වීම නිසා" අදාළ රටවල් ඉහත කී ලැයිස්තුවෙන් ඉවත් කළ බවය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සිට ආපසු පැමිණෙන සංචාරකයන් සෙනසුරාදා (නොවැම්බර් 21) ග්‍රිනිච් වේලාවෙන් උදෑසන 4.00 පසුව එංගලන්තයට ඇතුළුවන්නේ නම් නිරෝධායනයට ලක් විය යුතු නැත.

ඊශ්‍රායලයට සහ ඊශ්‍රායල පාලනයේ පවතින ජෙරුසලමට අයත් කලාපයේ සිට පැමිණෙන පිරිසට ද මෙය එලෙසම ක්‍රියාත්මක වේ.

නමුත් බටහිර ඉවුරේ සිට පැමිණෙන්නන් ගෙන් මෙම ලැයිස්තුවට ඇතුළත් කර ඇත්තේ නැගෙනහිර ජෙරුසලමේ සිට එංගලන්තයට පැමිණෙන පිරිස පමණි. 

බටහිර ඉවුරේ ඉතිරි කලාපයේ සිට සහ ගාසා තීරයේ සිට පැමිණෙන්නේ නම් නිරෝධායනයට ලක් විය යුතුය.

කෙසේ නමුත් නිරෝධායනයට අයත් නොවන රටවල් සහිත ලැයිස්තුව මෙම සතිය සඳහා යාවත්කාලීන නොකිරීමට ස්කොට්ලන්තය තීරණය කර ඇතැයි ස්කොට්ලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ග්‍රේගර් ස්මිත් පැවසීය.

 

විදෙස් ගමන් අවසර

එංගලන්තයේ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ලැයිස්තුවට අනුව ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එස්තෝනියාව, හොංකොං, අයිස්ලන්තය, ග්‍රීසිය, ජපානය, ලත්වියාව, නෝර්වේ, සිංගප්පූරුව සහ දකුණු කොරියාව යන රටවල සිට ආපසු පැමිණෙන සංචාරකයන් ද නිරෝධායනයට ලක් විය යුතු නොවේ. කෙසේ වෙතත් බොහෝ ප්‍රදේශවල සිට එක්සත් රාජධානියට පැමිණෙන පිරිස් දින 14ක් නිරෝධායනයට ලක් විය යුතුය.

විදෙස් ගමන් සඳහා එංගලන්තය අවසර ලබා දී ඇත්තේ රැකියා කටයුතු, අධ්‍යාපන කටයුතු හෝ වෙනත් වලංගු හේතුවක් සඳහා පමණි.

(BBC සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්