විල්පත්තු රක්ෂිතය ආශ්‍රිත කල්ලාරු වනාන්තරය එළිකිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව

තමා ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් පවසයි.

ඔහු මේ බව කියාසිටියේ, පාස්කු කොමිසමට සාක්ෂි ලබා දෙන අතර කොමිසම යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

රිමාන්ඩ් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඊයේ  (21) දෙවන දිනටත් වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ පාස්කු කොමිසමට සාක්ෂි ලබාදුන්නේය.

එහිදී කොමිසම මන්ත්‍රිවරයාගෙන් විමසුවේ, ''ඔබ අවතැන්වූවන් නැවත පදිංචි කිරීම භාරව සිටි අමාත්‍යවරයාව සිටිය දී යුද්ධයෙන් අවතැන් වූ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සිංහල ජනතාව කොපමණ පිරිසක් නැවත පදිංචි කර ඇත්ද ? ''යන්නය. එයට පිළිතුරුදෙමින් මන්ත්‍රිවරයා මෙසේ සඳහන් කළේය.

 "උතුරු පළාතේ 2% යි සිංහල ජනතාව ඉන්නේ, 5%ක් මුස්ලිම් ජනතාව ඉන්නේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය යුද සමයේ ලක්ෂයක් පමණ මුස්ලීම් ජනතාව තම ගම්බිම්වලින් එළවා දැම්මා.

2009 වර්ෂයේ දී බැසිල් රාජපක්ෂ එවකට අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තමයි නැවත පදිංචි කිරීම් පටන් ගත්තේ. මම එවකට විෂයභාර අමාත්‍යවරයා නෙමේ. නමුත් මම එම වැඩපිළිවෙළට සහාය දුන්නා. 

"2009 වර්ෂයේ දී බැසිල් රාජපක්ෂ එවකට අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තමයි නැවත පදිංචි කිරීම් පටන් ගත්තේ. මම එවකට විෂයභාර අමාත්‍යවරයා නෙමේ. නමුත් මම එම වැඩපිළිවෙළට සහාය දුන්නා.''

මොනරාගල, හම්බන්තොට ආශ්‍රීතව ජිවත්වු සිංහල ජනතාව 5000ක් පමණ කලාබෝගස්වැව නාමල්ගම කියන ප්‍රදේශයේ පදිංචි කෙරුවා. 

ඒ ප්‍රදේශවලත් අවුරුදු 100 කට වඩා පැරණි විශාල ගස් තිබුණා. නැවත පදිංචි කිරීම්වලදී ඒ ගසුත් කැපුණා. නමුත් කවුරුත් ඒවාට විරුද්ධ පැමිණිලි කළේ නැහැ.

හැමෝම කතා කරන්නේ විල්පත්තු - කල්ලාරු ගස් කැපීමක් ගැන. ඇත්තටම එහි ගස් කැපීමක් වෙලා නැහැ. ලැබුණ තීන්දුවට විරුද්ධව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා," යැයි මන්ත්‍රිවරයා කොමිසමට පැවසීය.

මන්ත්‍රිවරයා මෙලෙස පිළිතුරු ලබාදුන් පාස්කු ජනාධිපති කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයෙකු, කල්ලාරු රක්ෂිතයේ නඩු තීන්දුව ලබාදුන් අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල නියෝජනය කළ විනිසුරුවරු දෙදෙනාම වීම විශේෂත්වයකි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image